තමන් රැක ගැනීම. (17-02-2024)

තමන් රැක ගැනීම

තමන් රැක ගැනීම. (17-02-2024)

තමන් රැක ගන්නේ කෙසේද යන්න පැහැදිලි කරමින් අති පූජනීය කුකුල්පනේ සුදස්සී ස්වාමින් වහන්සේ විසින් දායක නිවසක දී සිදුකල මෙම ධර්ම දේශනාව ඉතා වැදගත් වේ.  මුදල් රැස් කර ගනිමින් යාන, වාහන සහ නිවාස ඇතුව ජීවත් වූ පමණින් අප අපව රැක ගැනීම සිදු නොකරන බවත් ඒ සඳහා සියළු බුදුරජාණන් වහන්සේලා විසින් පෙන්වා දුන් කරුණු තුනක් ජීවිතයේ ඕනෑම වයසක දී ප්‍රගුණ කල යුතු බව මෙම ධර්ම දේශනාවේ පැහැදිලි කෙරේ.

එමෙන්ම එම හැකියාවන් ප්‍රායෝගිකව දියුණු කල යුතු ආකාරය පැහැදිලි කෙරෙන්නේ ඒවා ප්‍රගුණ කිරීමේ දී ඇතිවෙන බාධක අභිබවා යන ආකාරයන් දක්වමිනි. එබැවින් මෙම ධර්ම දේශනාව බාල, මහළු සෑම දෙනා හටම ඉතා වටිනා මග පෙන්වීමක් වන්නේය.

මෙම වටිනා ධර්ම දේශනාවට පාදක වූයේ ධම්මපදයේ ආත්ම වර්‍ගයේ එන වටිනා ගාථා රතනයකි.  එම ගාථාව සහ එහි නිධාන කථාව මෙතැනින් කියවන්න: “අත්තානං චෙ පියං ජඤ්ඤා…”


අති පූජනීය ආචාර්ය කුකුල්පනේ සුදස්සී ස්වාමින්වහන්සේ මෑතකදී සිදුකල මෙවැනි ධර්ම දේශනා ශ්‍රවණය කිරීමට පහත යොමු මත click කරන්න;

  1. Dayaka Dhamma Talks – 09 දායකත්ව ධර්ම දේශනා – 09
  2. Dayaka Dhamma Talks – 08 දායකත්ව ධර්ම දේශනා – 08
  3. Dayaka Dhamma Talks – 07 දායකත්ව ධර්ම දේශනා – 07
  4. Dayaka Dhamma Talks – 06 දායකත්ව ධර්ම දේශනා – 06
  5. Dayaka Dhamma Talks – 05 දායකත්ව ධර්ම දේශනා – 05
  6. Dayaka Dhamma Talks – 04 දායකත්ව ධර්ම දේශනා – 04
  7. Dayaka Dhamma Talks – 03 දායකත්ව ධර්ම දේශනා – 03
  8. Dayaka Dhamma Talks – 02 දායකත්ව ධර්ම දේශනා – 02
  9. Dayaka Dhamma Talks – 01 දායකත්ව ධර්ම දේශනා – 01

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.