සම්මා දිට්ඨිය. (25-12- 2017)

සම්මා දිට්ඨිය. (25-12- 2017)

සම්මා දිට්ඨිය. (25-12- 2017)

සම්මා දිට්ඨිය පිලිබඳ ඉතා විශිෂ්ඨ ධර්ම දේශනාවක් අති පූජනීය කුකුල්පනේ සුදස්සී ස්වාමින්වහන්සේ විසින් දායක නිවසක දී සිදු කරන ලදී.  දැනට වසර පහකට පෙර සිදුකල එම දේශනාව නැවත වතාවක් මෙහි දී පළකරන්නේ එහි ඇති අප දැනගත යුතු ඉතා වටිනා කරුණු නිසාවෙනි.

ආශ්‍රව යනු මොනවා ද සහ එම ආශ්‍රව අඩුවීම සම්මා දිට්ඨිය, විශේෂයෙන්ම ලෝකෝත්තර සම්මා දිට්ඨිය වැඩි දියුණු වීමට හේතුවෙන ආකාරයත් මෙහි දී පැහැදිලි කෙරේ.  සම්මා දිට්ඨියේ ලෞකික සහ ලෝකෝත්තර යන දෙයාකාරය පැහැදිලි කෙරෙනුයේ වර්ථමානයේ භාවනා යෝගීව දහම් මග ප්‍රගුණ කිරීමට වෑයම් කරන පිරිසට ඉතා වැදගත් කරුණු කිහිපයක් ඉදිරිපත් කිරීමේ පදනමක් ලෙසිනි.

එහි දී වත්මන් සමාජයේ ඇතැම් භාවනාවට යොමුවෙන පිරිස් විසින් ලෞකික සම්මා දිට්ඨිය පහත් කොට, එය අවශ්‍ය නොවන්නක් ලෙස සැලකීම සම්මා දිට්ඨියේ පිරිහීමක් බව ඉතා වටිනා ප්‍රායෝගික උදාහරණ තුලින් පැහැදිලි කෙරේ.  යමෙක් තුල ලෝකෝත්තර සම්මා දිට්ඨිය දියුණු වන විට ඔහුගේ/ඇයගේ සක්කාය දිට්ඨිය දුබල වෙමින් එය නැතිවීමේ දිශාවට ප්‍රගමනය විය යුතුවේ.  යමෙක් තවකෙක් පහත් කර සැලකීමේ දී ඔහුගේ සක්කාය දිට්ඨිය තව තවත් ශක්තිමත් වීම සිදුවෙනවා පමණක් නොව සියලු බුදුරජාණන් වහන්සේලාගේ අනුශාසනය වන “සබ්බ පාපස්ස අකරනං…” යන අවවාදයට පටහැනිව ක්‍රියා කරන්නෙක් වේ.  එවන් අයගේ දිට්ඨිය හෙවත් දැකීම පිරිහේ.

එමන්ම ආශ්වාද, ආදීනව සහ නිස්සරණ පිළිබඳව ද ඉතා වටිනා කරුණු රැසක් මෙම ධර්ම දේශනාවේ ඇතුලත් වේ.

මෙම වටිනා ධර්ම දේශනාවට පාදක වූයේ ත්‍රිපිටකයේ සූත්‍ර පිටකයේ, මජ්‌ඣිම නිකායේ, උපරි පන්නාසකයේ, අනුපද වර්ගයේ එන මහාචත්තාරීසක සූත්‍රයයි. එම වටිනා සූත්‍රය ත්‍රිපිටකයෙන් මෙතනින් කියවන්න: මහාචත්තාරීසක සූත්‍රය.


අති පූජනීය ආචාර්ය කුකුල්පනේ සුදස්සී ස්වාමින්වහන්සේ මෑතකදී සිදුකල මෙවැනි ධර්ම දේශනා ශ්‍රවණය කිරීමට පහත යොමු මත click කරන්න;

  1. Dayaka Dhamma Talks – 09 දායකත්ව ධර්ම දේශනා – 09
  2. Dayaka Dhamma Talks – 08 දායකත්ව ධර්ම දේශනා – 08
  3. Dayaka Dhamma Talks – 07 දායකත්ව ධර්ම දේශනා – 07
  4. Dayaka Dhamma Talks – 06 දායකත්ව ධර්ම දේශනා – 06
  5. Dayaka Dhamma Talks – 05 දායකත්ව ධර්ම දේශනා – 05
  6. Dayaka Dhamma Talks – 04 දායකත්ව ධර්ම දේශනා – 04
  7. Dayaka Dhamma Talks – 03 දායකත්ව ධර්ම දේශනා – 03
  8. Dayaka Dhamma Talks – 02 දායකත්ව ධර්ම දේශනා – 02
  9. Dayaka Dhamma Talks – 01 දායකත්ව ධර්ම දේශනා – 01

 

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.