මරණය ඉදිරියේ අසරණ නොවන සිතක් සකසා ගන්නේ කෙසේද? (12-01-2024)

මරණය ඉදිරියේ අසරණ නොවන සිතක් සකසා ගන්නේ කෙසේද? (12-01-2024)

මරණය ඉදිරියේ අසරණ නොවන සිතක් සකසා ගන්නේ කෙසේද? (12-01-2024)

මරණය ඉදිරියේ අසරණ නොවන සිතක් සකසා ගන්නේ කෙසේද යන්න පිළිබඳව ඉතා වටිනා ධර්ම දේශනාවක් අති පූජනීය ආචාර්ය කුකුල්පනේ සුදස්සී ස්වාමින් වහන්සේ විසින් සියැස රූපවාහිනියෙන් සිදු කරන ලදී.  මෙහි ඇති විශේෂත්වය වන්නේ අපට අපගේ මරණය ගැන සිතීමේ දී ඇතිවෙන මූලිකව බියවෙන සහ අසරණ වෙන ප්‍රධාන කරුණු එකිනෙක විමසුමට ලක් කෙරෙමින් ඒවායින් මිදීමට අවශ්‍ය පුහුණුව පැහැදිලි කිරීමයි.

එමෙන්ම මරණ මංචකයට පෙර එම පුහුණුව හොඳින් සිදුකර ගැනීමේ අත්‍යාවශ්‍යතාවය දේශනාවෙන් අවධාරණය කෙරේ.  එමෙන්ම මරණය ඉදිරියේ අසරණ නොවීමට ඔබට භාවනාවෙන් හැකිවේයැයි සිතනවානම් ඒ සඳහා භාවනාව කෙතරම් දියුණු විය යුතු දැයි මෙහි දී පහදා දේ. 

එපමණක් නොව ඔබගේ මරණයෙන් පසු ඔබ බලාපොරොත්තු වෙන යහපත් නව උපතක් ලබා ගැනීමට වර්තමානයේ දී දියුණු කල යුතු විශේෂ ක්‍රමවේදයක් ද මෙහි දී පැහැදිලි කෙරේ.

මෙම වටිනා ධර්ම දේශනාවට පාදක වූයේ ත්‍රිපිටකයේ සූත්‍ර පිටකයේ, අඞ්‌ගුත්‌තර නිකායේ, පඤ්චක නිපාතයේ, නීවරණ වර්ගයේ එන අභිණ්හපච්චවෙක්ඛන සූත්‍රයයි. එම වටිනා සූත්‍රය ත්‍රිපිටකයෙන් මෙතැනින් කියවන්න: අභිණ්හපච්චවෙක්ඛන සූත්‍රය.


අති පූජනීය ආචාර්ය කුකුල්පනේ සුදස්සී ස්වාමින්වහන්සේ මෑතකදී සිදුකල මෙවැනි ධර්ම දේශනා ශ්‍රවණය කිරීමට පහත යොමු මත click කරන්න;

  1. Dayaka Dhamma Talks – 09 දායකත්ව ධර්ම දේශනා – 09
  2. Dayaka Dhamma Talks – 08 දායකත්ව ධර්ම දේශනා – 08
  3. Dayaka Dhamma Talks – 07 දායකත්ව ධර්ම දේශනා – 07
  4. Dayaka Dhamma Talks – 06 දායකත්ව ධර්ම දේශනා – 06
  5. Dayaka Dhamma Talks – 05 දායකත්ව ධර්ම දේශනා – 05
  6. Dayaka Dhamma Talks – 04 දායකත්ව ධර්ම දේශනා – 04
  7. Dayaka Dhamma Talks – 03 දායකත්ව ධර්ම දේශනා – 03
  8. Dayaka Dhamma Talks – 02 දායකත්ව ධර්ම දේශනා – 02
  9. Dayaka Dhamma Talks – 01 දායකත්ව ධර්ම දේශනා – 01

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.