ප්‍රිය විප්‍රයෝග දුක දුරුකර ගැනීම. (29-11-2023)

ප්‍රිය විප්‍රයෝග දුක දුරුකර ගැනීම. (29-11-2023)

ප්‍රිය විප්‍රයෝග දුක දුරුකර ගැනීම. (29-11-2023)

ප්‍රිය විප්‍රයෝග දුක දුරුකර ගැනීම පිළිබඳව අති පූජනීය ආචාර්ය කුකුල්පනේ සුදස්සී ස්වාමීන්වහන්සේ විසින් සියැස රූපවාහිනිය තුලින් විකාශනය වූ මෙම ධර්ම දේශනාව වටිනා ධර්ම දේශනාවකි.  මෙම දේශනාවේ විශේෂ වැදගත්කමක් ඇතිවෙන එක හේතුවක් වන්නේ ප්‍රිය විප්‍රයෝගය යනු බුදුදහමට අනුව අප ප්‍රිය කරන පුද්ගල, අවස්ථා, තනතුරු , ද්‍රව්‍ය, ස්ථාන යනාදී ඕනෑම දෙයකින් වෙන්වීමේ දී ඇතිවන දුක ලෙසට පෙන්වා දීම වේ. 

අපගේ ඇලීම් සහ ගැටීම් ඇතිවෙන අනුසය කෙලෙස් අනාගාමී තත්වය දක්වා ප්‍රහාණය නොවූවත් එම තත්වයට පෙරම මනස පුහුණු කළ හැකි සහ කල යුතු ක්‍රමවේදයක් මෙහි දී පැහැදිලි කෙරේ.  එය එසේ අපට කල හැකි බව පෙන්වා දීමට ප්‍රායෝගික වටිනාකමක් ඇති බුද්ධකාලීන සහ වර්ථමාන උදාහාරන මෙම දේශනාවේ ඇතුලත් වේ.

මෙම වටිනා ධර්ම දේශනාවට පාදක වූයේ ත්‍රිපිටකයේ සූත්‍ර පිටකයේ, අඞ්‌ගුත්‌තර නිකායේ, පඤ්චක නිපාතයේ, නීවරණ වර්ගයේ එන අභිණ්හපච්චවෙක්ඛන සූත්‍රයයි.  එම සූත්‍රය ත්‍රිපිටකයෙන් මෙතනින් කියවන්න: අභිණ්හපච්චවෙක්ඛන සූත්‍රය.

එම ඉතා වටිනා සූත්‍රයේ ගෞරවනීය ස්වාමින්වහන්සේ සඳහන් කල ගාථාව සහ එහි තේරුම පහතින් දැක වේ:
“සබ්බෙහි මෙ පියෙහි මනාපෙහි නානාභාවො විනාභාවො’ති අභිණ්හං පච්චවෙක්ඛිතබ්බං ඉත්ථියා වා පුරිසෙන වා ගහට්ඨෙන වා පබ්බජිතෙන වා.”
“මරණය ස්වභාවකොට ඇත්තේ වෙමි.  මරණය නොඉක්මවූයේයයි ස්ත්‍රිය විසින් හෝ පුරුෂයා විසින් හෝ ගෘහස්ථයා විසින් හෝ ප්‍රව්‍රජිතයා විසින් හෝ නිතර සිහි කටයුතුයි.”


අති පූජනීය ආචාර්ය කුකුල්පනේ සුදස්සී ස්වාමින්වහන්සේ මෑතකදී සිදුකල මෙවැනි ධර්ම දේශනා ශ්‍රවණය කිරීමට පහත යොමු මත click කරන්න;

  1. Dayaka Dhamma Talks – 08 දායකත්ව ධර්ම දේශනා – 08
  2. Dayaka Dhamma Talks – 07 දායකත්ව ධර්ම දේශනා – 07
  3. Dayaka Dhamma Talks – 06 දායකත්ව ධර්ම දේශනා – 06
  4. Dayaka Dhamma Talks – 05 දායකත්ව ධර්ම දේශනා – 05
  5. Dayaka Dhamma Talks – 04 දායකත්ව ධර්ම දේශනා – 04
  6. Dayaka Dhamma Talks – 03 දායකත්ව ධර්ම දේශනා – 03
  7. Dayaka Dhamma Talks – 02 දායකත්ව ධර්ම දේශනා – 02
  8. Dayaka Dhamma Talks – 01 දායකත්ව ධර්ම දේශනා – 01

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.