චිත්ත භාවනාව සහ ප්‍රභාස්වර සිත. (11-11-2023)

චිත්ත භාවනාව සහ ප්‍රභාස්වර සිත. (11-11-2023)

චිත්ත භාවනාව සහ ප්‍රභාස්වර සිත. (11-11-2023)

චිත්ත භාවනාව සහ ප්‍රභාස්වර සිත පිළිබඳව අති පූජනීය කුකුල්පනේ සුදස්සී ස්වාමින්වහන්සේ විසින් ඉතා විශිෂ්ඨ ධර්ම දේශනාවක් කැස්බෑවේ ශ්‍රී විජයසුන්දරාරාමයේ දී සිදුකල සේක.  සියැස රූපවාහිනියේ කාරුණික සේවාව තුලින් එම වටිනා ධර්ම දේශනාව අප සැමට විවර වුනි.

බුදුරජාණන් වහන්සේගේ ගම්භිර සුත්‍රයක් ඇසුරින් සිදු කෙරුණු මෙම ධර්ම දේශනාවේ දී අපගේ උප්පත්ති සිතේ දී ඇති ප්‍රභාස්වර ස්වභාවය උපක්ලේශයන්ගෙන් කිලිටි වන අයුරුත් එම සිත නැවත ප්‍රභාස්වර තත්වයකට පමුණුවා ගැනීමට ශ්‍රැතවත් ආර්යශ්‍රාවකයන් චිත්ත භාවනාව ප්‍රගුණ කරන අයුරුත් පහදා දේ.  එම පැහැදිලි කිරීම සිතට කා වදින අකාරයෙන් ප්‍රයෝගික උදාහරණ ඇසුරු කර ගනිමින් සිදු කෙරුනි. 

විශේෂයෙන්ම භාවනාව පිළිබඳව බොදු සමාජය තුල පවතින වැරදි වටහා ගැනීම මෙහි දී නිවැරදි කරමින් චිත්ත භාවනාව සාමාන්‍ය එදිනෙදා ජීවිතයේ දී ප්‍රගුණ කිරීමේ දී මුලික වන කරුණු පැහැදිලි කෙරිණි.

මෙම වටිනා ධර්ම දේශනාවට පාදක වූයේ ත්‍රිපිටකයේ, අඞ්‌ගුත්‌තර නිකායේ, එකක නිපාතයේ, ප්‍රභාස්වර වර්ගයේ එන දෙවන සූත්‍ර රත්නයයි. එම සූත්‍රය ත්‍රිපිටකයෙන් මෙතනින් කියවන්න: http://www.thripitakaya.org/tipitakaya/Index/165?s=10052

එම ගම්භිර කෙටි සුත්‍රයේ සිංහල පරිවර්ථනය පහතින් දැක වේ.
මහණෙනි, මේ (භවාඞ්ග) සිත ප්‍රභාස්වර ය.
එ ද වනාහි ආගන්තුක උපක්ලේශයන්ගෙන් මිදින.
එය ශ්‍රැතවත් ආර්යශ්‍රාවක තෙමේ තත් වූ පරිද්දෙන් දනී.
එහෙයින් ‘ශ්‍රැතවත් ආර්යශ්‍රාවකයාහට චිත්තභාවනාව ඇතැ’යි කියමි.


අති පූජනීය ආචාර්ය කුකුල්පනේ සුදස්සී ස්වාමින්වහන්සේ මෑතකදී සිදුකල මෙවැනි ධර්ම දේශනා ශ්‍රවණය කිරීමට පහත යොමු මත click කරන්න;

  1. Dayaka Dhamma Talks – 08 දායකත්ව ධර්ම දේශනා – 08
  2. Dayaka Dhamma Talks – 07 දායකත්ව ධර්ම දේශනා – 07
  3. Dayaka Dhamma Talks – 06 දායකත්ව ධර්ම දේශනා – 06
  4. Dayaka Dhamma Talks – 05 දායකත්ව ධර්ම දේශනා – 05
  5. Dayaka Dhamma Talks – 04 දායකත්ව ධර්ම දේශනා – 04
  6. Dayaka Dhamma Talks – 03 දායකත්ව ධර්ම දේශනා – 03
  7. Dayaka Dhamma Talks – 02 දායකත්ව ධර්ම දේශනා – 02
  8. Dayaka Dhamma Talks – 01 දායකත්ව ධර්ම දේශනා – 01

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.