මෙම ධර්ම දේශනාව, මේ භවයේදීම හෝ ඉදිරි ආත්මයකදී සෝවාන් වීමට උත්සහ කරන සියල්ලන්ටම ඉතා වටිනා ධර්ම දේශනාවකි.
අති පූජනීය කුකුල්පනේ සුදස්සී ස්වාමින්වහන්සේ විසින් සිදුකල මෙම ධර්ම දේශනාව ඉතා වටිනා වන්නේ එහි ඇතුලත් වී ඇති ප්‍රායෝගික උපදේශ නිසාවෙනි.
උදාහාරනයක් ලෙස සෝවාන් වීමේ දී නැති විය යුතු සක්කායදිට්ඨිය ම ප්‍රඥාවේ දුබල කම තුල ප්‍රබල ලෙස මතු වී ”මම කෙසේ හෝ සෝවාන් වෙනවා” යන දෘෂ්ටිය තුලින් යා යුතු මගින් පිට පැනෙන ආකාරය සහ ඒ මග නිවැරදිව ගමන් කිරීමට අනුගමනය කල යුතු ප්‍රතිපදාව මෙහි දී පැහැදිලි කෙරෙන්නේ ඉතා ප්‍රායෝගිකව, වර්ථමාන බොදු සමාජයේ සිදුවෙන වැරදි පැහැදිලි කෙරෙමිනි.
- “මේ භවයේදීම සෝවාන් වීමට යා යුතු මග” පිළිබඳ ධර්ම දේශනාවේ ශබ්ද සංස්කරණය කල හඬ පටිය මෙම යොමුවෙන් ලබාගන්න.
- “මේ භවයේදීම සෝවාන් වීමට යා යුතු මග” පිළිබඳ ධර්ම දේශනාවේ වීඩියෝ පටය මෙතැනින් නරඹන්න.
මෙම ධර්ම දේශනාවට පාදක වූයේ සූත්‍ර පිටකයේ, සංයුත්‌ත නිකායේ, මහා වර්ගයේ, සෝතාපත්ති සංයුක්තයේ එන අඞ්‌ග සූත්‍රයයි. එම සූත්‍රය ත්‍රිපිටකයෙන් මෙතැනින් කියවන්න: අඞ්‌ග සූත්‍රය.
අති පූජනීය ආචාර්ය කුකුල්පනේ සුදස්සී ස්වාමින්වහන්සේ මෑතකදී සිදුකල මෙවැනි ධර්ම දේශනා ශ්‍රවණය කිරීමට පහත යොමු මත click කරන්න;
- Dayaka Dhamma Talks – 07 දායකත්ව ධර්ම දේශනා – 07
- Dayaka Dhamma Talks – 06 දායකත්ව ධර්ම දේශනා – 06
- Dayaka Dhamma Talks – 05 දායකත්ව ධර්ම දේශනා – 05
- Dayaka Dhamma Talks – 04 දායකත්ව ධර්ම දේශනා – 04
- Dayaka Dhamma Talks – 03 දායකත්ව ධර්ම දේශනා – 03
- Dayaka Dhamma Talks – 02 දායකත්ව ධර්ම දේශනා – 02
- Dayaka Dhamma Talks – 01 දායකත්ව ධර්ම දේශනා – 01