සිත විදර්ශනා මාර්ගයට යොමු කල හැකි ආකාරය පිළිබඳව අති පූජනීය කුකුල්පනේ සුදස්සී ස්වාමින්වහන්සේ විසින් සියැස රූපවාහිනිය තුලින් සිදුකල මෙම ධර්ම දේශනාව ඉතා වටිනා දේශනාවක් වන්නේ ඒ තුලින් අපගේ සිත විදර්ශනා මාර්ගයට යොමු කිරීම පිලිබඳ මූලික පියවරයන් සතිපට්ඨාන දේශනාව පාදක කර ගනිමින් ප්‍රායෝගික අයුරින් පැහැදිලි කිරීම නිසාවෙනි.
මෙහිදී ඒ සඳහා සතියේ සහ සම්පජඤ්ඤයේ දියුණුකල යුතු පියවර සහ සංධිස්ථාන ඉතා මැනවින් චිත්තානුපස්සනාව සහ ධම්මානුපස්සනාව ඇසුරු කර ගනිමින් විස්තර කෙරේ. ඒ දියුණු කිරීම තුලින් අප තුල ඇතිවන ශෝක, හඬා වැළපීම් සහ ද්වේෂ මූලික ගැටීම් සමනය කරගන්නා ආකාරය මෙහි දී පැහැදිලි වේ.
- “සිත විදර්ශනා මාර්ගයට යොමු කල හැකි ආකාරය” පිළිබඳ ධර්ම දේශනාවේ ශබ්ද සංස්කරණය කල හඬ පටිය මෙම යොමුවෙන් ලබාගන්න.
- “සිත විදර්ශනා මාර්ගයට යොමු කල හැකි ආකාරය” පිළිබඳ ධර්ම දේශනාවේ වීඩියෝ පටය මෙතැනින් නරඹන්න.
මෙම ධර්ම දේශනාවට පාදක වූයේ දීඝ නිකායේ, මහා වර්ගයේ එන මහා සතිපට්ඨාන සූත්‍රයයි. එම සූත්‍රය ත්‍රිපිටකයෙන් මෙතනින් කියවන්න: මහා සතිපට්ඨාන සූත්‍රය.
අති පූජනීය ආචාර්ය කුකුල්පනේ සුදස්සී ස්වාමින්වහන්සේ මෑතකදී සිදුකල මෙවැනි ධර්ම දේශනා ශ්‍රවණය කිරීමට පහත යොමු මත click කරන්න;
- Dayaka Dhamma Talks – 07 දායකත්ව ධර්ම දේශනා – 07
- Dayaka Dhamma Talks – 06 දායකත්ව ධර්ම දේශනා – 06
- Dayaka Dhamma Talks – 05 දායකත්ව ධර්ම දේශනා – 05
- Dayaka Dhamma Talks – 04 දායකත්ව ධර්ම දේශනා – 04
- Dayaka Dhamma Talks – 03 දායකත්ව ධර්ම දේශනා – 03
- Dayaka Dhamma Talks – 02 දායකත්ව ධර්ම දේශනා – 02
- Dayaka Dhamma Talks – 01 දායකත්ව ධර්ම දේශනා – 01