සුගතෝවාදය පිළිබඳව අති පුජනීය කුකුල්පනේ සුදස්සී ස්වාමින්වහන්සේ විසින් මෙවර පොසොන් පොහොය දිනයේදී සියස රූපවාහිනිය තුලින් සිදුකල මෙම ධර්ම දේශනාව සියළුම බෞධයන් හට බොහෝ වැදගත් වන්නේ පහත දැක්වෙන කරුණු නිසාවෙනි.
- සෑම දිනයකම බුදුරජාණන් වහන්සේ විසින් භික්ෂුන් වහන්සේලා හට දුන් එකම අවවාදය (සුගත අවවාදය) එනම් සුගතෝවාදය කුමක්ද සහ එය එතරම් වැදගත් වන්නේ මන්දැයි මෙම දේශනාවෙන් හොඳින් පැහැදිලි කෙරේ.
- සුගතෝවාදය දිනපතාම නැවත නැවතත් බුදුරජාණන් වහන්සේ විසින් මතක් කලේ මන්ද?
- දෙවියන් මනුලොව සුගතිය ලෙස සැලකුවත් මිනිසුන්ව ඉපදුනු අයට ඒ මිනිස් ශක්තිය අවදි කරගැනීමට අපහසු වන්නේ මන්ද යන්න පැහැදිලි කිරීම.
- බුදුවරයෙකුගේ පහළවීම ඉතාමත් විරල සිදුවීමක් වන්නේ මක්නිසාද යන්න පැහැදිලි කිරීම.
- අප්රමාදී බව යන්න කුමක්ද යන්න ප්රායෝගික ආකාරයෙන් පැහැදිලි කිරීම යනාදී වටිනා කරුණු රැසක් ඇතුලත්වේ.
- “සුගතෝවාදය” යන ධර්ම දේශනාවේ ශබ්ද සංස්කරණය කල හඬ පටිය මෙම යොමුවෙන් ලබාගන්න.
- “සුගතෝවාදය” යන ධර්ම දේශනාවේ වීඩියෝ පටය මෙතනින් නරඹන්න.
ගෞරවනීය ආචාර්ය කුකුල්පනේ සුදස්සී ස්වාමින්වහන්සේ මෑතකදී සිදුකල මෙවැනි ධර්ම දේශනා ශ්රවණය කිරීමට පහත යොමු මත click කරන්න;