![](https://damsara.org/wp-content/uploads/2022/08/monk-6113501_1920_Image-by-KANHA-TOR-from-Pixabay.png)
Image by KANHA TOR from Pixabay
දුක් පීඩා අවම කර ගැනීම සඳහා ධර්මානුකූලව කළ යුතු ආකාරය පිලිබඳ මෙම වටිනා ධර්ම දේශනාව අති පූජනීය කුකුල්පනේ සුදස්සී ස්වාමින්වහන්සේ විසින් වර්ෂ 2022 ජූලි 22 වන දින සියස රූපවාහිනිය තුලින් සිදු කරන ලදී. මෙම දේශනාව නිවන් මග පුහුණු කරන අයට වැදගත් වන්නේ;
- ජීවිතයේ සහ සසරේ දී බලපවත් වන හේතු ඵල ක්‍රියාකාරීත්වය පැහැදිලි කරමින් සසර ගමන නැවැත්මට පත් කරන තුරු අප ගතකල යුතු පැවැත්ම, දුක් පීඩා අවම කර ගනිමින් සිදු කරන ආකාරය පැහැදිලි කිරීම.
- එම හේතු ඵල න්‍යාය අපගේ ජීවිත වලට බද්ධ වී ක්‍රියාත්මක වන නියාම පහ වන කම්ම නියාම, චිත්ත නියාම, බීජ නියාම, ඉර්තු නියාම සහ ධම්ම නියාම පුද්ගල කැමැත්තට පරිබාහිර ව සිදු වෙන ආකාරය පිලිබඳව පැහැදිලි කිරීම.
- මේ ආත්මයේදී වෙනසක් කල හැකි ප්‍රබල නියාම ධර්මයන් වන චිත්ත නියාමය සහ කම්ම නියාමය මනා ලෙස පැහැදිලි කිරීම.
- අප සිතන ආකාරය සහ ක්‍රියා කරන ආකාරය අනුව අතීත අකුසල සහ කුසල කර්ම මේ ආත්මයේදී මතු වීම වෙනස් කරන ක්‍රම වේදය බුද්ධ දේශනාවට අනුව මනා කොට පැහැදිලි කිරීම.
- ප්‍රඥා සම්පන්නව කුසල කර්ම සිදු කරනා ආකාරය.
- ප්‍රයෝග සම්පත්තිය තුලින් දුක් පීඩා අවම කරගන්නා ආකාරය.
යන වටිනා පැහැදිලි කිරීම් නිසාවෙනි.
- “දුක් පීඩා අවම කර ගැනීම සඳහා ධර්මානුකූලව කළ යුතු ආකාරය” යන ධර්ම දේශනාවේ ශබ්ද සංස්කරණය කල හඬ පටිය මෙම යොමුවෙන් ලබාගන්න.
- “දුක් පීඩා අවම කර ගැනීම සඳහා ධර්මානුකූලව කළ යුතු ආකාරය” යන ධර්ම දේශනාවේ වීඩියෝ පටය මෙතනින් නරඹන්න.
මෙම ධර්ම දේශනාවට පාදක වූයේ ත්‍රිපිටකයේ සූත්‍ර පිටකයේ, අඞ්ගුත්තර නිකායේ, තික නිපාතයේ, ලෝණඵල වර්ගයේ ලෝණ ඵල සූත්‍රයයි. ත්‍රිපිටකයේ එම ලෝණඵල සූත්‍රය මෙතනින් කියවන්න: ලෝණඵල සූත්‍රය.
ගෞරවනීය ආචාර්ය කුකුල්පනේ සුදස්සී ස්වාමින්වහන්සේ මෑතකදී සිදුකල මෙවැනි ධර්ම දේශනා ශ්‍රවණය කිරීමට පහත යොමු මත click කරන්න;