සුගත පද විවරණ – බුද්ධ නීති සංග්‍රහය.

අති පූජ්‍ය රේනුකානේ චන්දවිමල මහා නායක ස්වාමීන් වහන්සේ විිසින් රචිත බුද්ධ නීති සංග්‍රහය ග්‍රන්ථය ඇසුරු කරගනිමින් සුගත පද විවරණ දහම් මාලාවේ නව පරිච්චේදයක් වර්ෂ 2023 ජූනි මස 25 දින ආරම්භ කෙරිණි

සුගත පද විවරණ – බුද්ධ නීති සංග්‍රහය.

අති පූජ්‍ය රේනුකානේ චන්දවිමල මහා නායක ස්වාමීන් වහන්සේ විිසින් රචිත “බුද්ධ නීති සංග්‍රහය” ග්‍රන්ථය ඇසුරු කරගනිමින් සුගත පද විවරණ දහම් මාලාවේ නව පරිච්චේදයක් වර්ෂ 2023 ජූනි මස 25 දින ආරම්භ කෙරිණි.  නිවණ සාක්‍ෂාත් කරගන්නා තුරු සසර ගමනේ මෙලොව සහ එලොව යහපත් කරගැනීමට අවශ්‍ය සහ පිළිපැදිය යුතු කරුණු මෙම ග්‍රන්ථයෙන් පැහැදිලි කෙරේ.  මේ කරුණු සුත්‍ර පිටකයෙන් සහ බුදුරජාණන් වහන්සේ විසින් දේශිත කරුණු ඇසුරෙන් සකස් කරන ලද වටිනා ග්‍රන්ථයකි.

Sugatha Pada Viwarana – සුගත පද විවරණ, අති පූජ්‍ය රේනුකානේ චන්දවිමල මහා නායක ස්වාමීන් වහන්සේ විිසින් රචිත යහපත් වූ ධර්ම ග්‍රන්ථ, ආචාර්ය පූජ්‍ය කුකුල්පනේ සුදස්සී ස්වාමීන් වහන්සේ විසින් සියැස රූපවාහිනිය තුලින් සියුම් ලෙස සතිපතා විවරණයට ලක් කරන දහම් සාකච්ඡා වැඩසටහන් මාලාවයි.

“බුද්ධ නීතිය උභය ලෝකාර්ථ සාධක වූ සකලාංග සම්පූර්ණ වූ පාරිශුද්ධ නීතියක් උවද එය එක්තැන් නොවී පාලි සාහිත්‍යයේ විසිරී පවත්නක් වී තිබෙන බැවින් හැමදෙනාටම එයින් ප්‍රයෝජනයක් ගත නොහැකි වී තිබේ.  එබැවින් බෞද්ධයෝ සුපරිශුද්ධ බුද්ධ නීතිය තිබියදී නීති ශාස්ත්‍රය උගැනීමට හිතෝපදේශ, පංචතන්ත්‍ර ආදී අබෞද්ධ ග්‍රන්ථ භාවිතයට පටන් ගත්හ. බෞද්ධයනට සුපරිශුද්ධ බුද්ධ නීතිය පහසුවෙන් ඉගැනීමට ක්‍රමයක් නැතිකමේ පාඩුව නොයෙක් වර අපිට පෙනුන බැවින් බුද්ධ නීති සංග්‍රහය නැමැති ග්‍රන්ථය සම්පාදනය කිරීමට අප සිත නැමිණ.”   අති පූජ්‍ය රේනුකානේ චන්දවිමල මහා නායක ස්වාමීන් වහන්සේ ග්‍රන්ථය හඳුන්වා දෙමින් ලියූවකි.


බුද්ධ නීති සංග්‍රහය ග්‍රන්ථයේ pdf පිටපත මෙතැනින් බාගත කරගන්න/කියවන්න.


අසන්නන්ගේ පහසුව පිණිස ශබ්ද සංස්කරණය කල MP3 හඬපටයන් සහ වීඩියෝ යොමුවන් ලෙස පහතින් ඉදිරිපත් කර ඇත. හඬපටයන් බාගත කරගැනීමෙන් අවම DATA ප්‍රමාණයක් වැයකරමින් මෙම මහඟු ධර්ම සාකච්ඡා වලට සවන් දීමට පුළුවන.

  1. සුගත පද විවරණ – බුද්ධ නීති සංග්‍රහය 01 (හැඳින්වීම සහ නුවණ ඇතිකර ගැනීම.) 25-06-2023
    “බුද්ධ නීති සංග්‍රහය 01 – හැඳින්වීම සහ නුවණ ඇතිකර ගැනීම” වෙබ් පිටුවට මෙතැන click කර පිවිසෙන්න.
  2. සුගත පද විවරණ (බුද්ධ නීති සංග්‍රහය 02 – ප්‍රධාන බුද්ධ අවවාදය සහ පොහොසත් වීම) 02-07-2023
    “බුද්ධ නීති සංග්‍රහය 02 – ප්‍රධාන බුද්ධ අවවාදය සහ පොහොසත් වීම” වෙබ් පිටුවට මෙතැන click කර පිවිසෙන්න.
  3. සුගත පද විවරණ (බුද්ධ නීති සංග්‍රහය 03 – දෙලොවටම යහපත ඇතිවෙන කරුණු අට) 09-07-2023
    “බුද්ධ නීති සංග්‍රහය 03 – දෙලොවටම යහපත ඇතිවෙන කරුණු අට” වෙබ් පිටුවට මෙතැන click කර පිවිසෙන්න.
  4. සුගත පද විවරණ (බුද්ධ නීති සංග්‍රහය 04 – ධනය ගැන පිළිපැදිය යුතු සැටි) 16-07-2023
    “බුද්ධ නීති සංග්‍රහය 04 – ධනය ගැන පිළිපැදිය යුතු සැටි” වෙබ් පිටුවට මෙතැන click කර පිවිසෙන්න.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.