මෙවර සුගත පද විවරණ, සිද්ධාර්ථ කුමාරු ගේ අභිනිෂ්ක්‍රමණය පැහැදිලි කිරීමෙන් ආරම්භ විය. බෝසත්වරුන් තම දරුවන් සහ බිරිඳ හැරදා නික්ම යාම තුල ගැබ්වී ඇති අපට තේරුම් ගැනීමට අපහසු මහා කරුණාව , බෝසතුන් අභිනිෂ්ක්රමණයේදී හිස මුඩු කරන්නේ මන්ද යන කරුණු මෙහිදී පැහැදිලි කෙරිණි.
විශේෂයෙන්ම මහන වීමේ දී හිස මුඩු කරන්නේ ඇයි දැයි සුවිශේෂ පැහැදිලි කිරීමක් මෙහිදී සිදු විනි. එම ‘හිස මුඩු කිරීම’ පැහැදිලි කිරීම තුල ගිහි සහ පැවිදි ජීවිතයන් වෙන් කරන්නා වූ විනය ශික්ෂාවේ ඇතැම් මූලික කරුණු පිලිබඳ වටිනා දැක්මක් අසන අප තුල ජනිත වේ. එපමණක් නොව හිස කෙස් සහ රැවුල් සැකසීමට අදාලව ගිහියන් කෙතරම් ඇලීම් සහ බැඳීම් ඇතිකර ගන්නවා ද යන්න පිළිබඳවත් මෙයින් මනාව පැහැදිලි වේ.
සුගත පද විවරණ, අති පූජ්‍ය රේනුකානේ චන්දවිමල මහා නායක ස්වාමීන් වහන්සේ විිසින් රචිත යහපත් වූ ධර්ම ග්රන්ථ, ආචාර්ය පූජ්‍ය කුකුල්පනේ සුදස්සී ස්වාමීන් වහන්සේ විසින් සියැස රූපවාහිනිය තුලින් සියුම් ලෙස සතිපතා විවරණයට ලක් කරන දහම් සාකච්ඡා වැඩසටහන් මාලාවයි.
අති පූජ්‍ය රේනුකානේ චන්දවිමල මහා නායක ස්වාමීන් වහන්සේ විිසින් රචිත “ධර්ම විනිශ්චය” ග්‍රන්ථය ඇසුරු කරගනිමින් මෙම සුගත පද විවරණ දහම් මාලාව සිදු කෙරේ.