මෙවර සුගත පද විවරණ, සිද්ධාර්ථ කුමාර උප්පත්තියෙන් දින හතක දී සිදු වුණු මහාමායා දේවියගේ කළුරිය කිරීම පැහැදිලි කිරීමෙන් ආරම්භ විය.
සිදුහත් කුමරු බිලිඳකු ලෙස වප්මගුල් දිනයේ අහසේ වැඩ සිටියා ද?, සිදුහත් කුමරු මහණ වීමට සිටියා නම් යශෝදරාව සමග විවාහ වූයේ ඇයි ද යනාදී බොහෝ කරුණු මෙහිදී පැහැදිලි කෙරිණි. වර්ථමානයේ මතභේදයන්ට තුඩු දී ඇති ඇතැම් කරුණු ගැන අප නිවැරදිව දැන ගැනීම වැදගත්වේ.
සුගත පද විවරණ, අති පූජ්‍ය රේනුකානේ චන්දවිමල මහා නායක ස්වාමීන් වහන්සේ විිසින් රචිත යහපත් වූ ධර්ම ග්‍රන්ථ, ආචාර්ය පූජ්‍ය කුකුල්පනේ සුදස්සී ස්වාමීන් වහන්සේ විසින් සියැස රූපවාහිනිය තුලින් සියුම් ලෙස සතිපතා විවරණයට ලක් කරන දහම් සාකච්ඡා වැඩසටහන් මාලාවයි.
අති පූජ්‍ය රේනුකානේ චන්දවිමල මහා නායක ස්වාමීන් වහන්සේ විිසින් රචිත “ධර්ම විනිශ්චය” ග්‍රන්ථය ඇසුරු කරගනිමින් මෙම සුගත පද විවරණ දහම් මාලාව සිදු කෙරේ.
- “ධර්ම විනිශ්චය 32 – මහාමායා දේවියගේ කළුරිය කිරීම” ශබ්ද සංස්කරණය කල හඬ පටය සවන් දීමට/බා ගත කිරීමට මෙතැන click කරන්න.
- “ධර්ම විනිශ්චය 32 – මහාමායා දේවියගේ කළුරිය කිරීම” වීඩියෝ පටය නැරඹීමට මෙතැන click කරන්න.