මෙවර සුගත පද විවරණ, සිද්ධාර්ථ කුමරු ගේ දුෂ්කරක්‍රියා පැහැදිලි කිරීමෙන් ආරම්භ විය. බෝසත්වරුන් බුදුවීම සඳහා දුෂ්කරක්‍රියා කල යුතු ද සහ විවිධ බෝසත් වරුන්ගේ දුෂ්කරක්‍රියා කාලයන් වෙනස් වන්නේ මන්ද යන කරුණු මෙහිදී පැහැදිලි කෙරිණි.
එමෙන්ම මාර යුද්ධය සත්‍යයක් ද, මාර දිව්‍ය පුත්‍රයා සිදුහත් බෝසතුන් හට අවහිර කිරීමට පැමිණියා ද යන කරුණු සහ එදිනම මාර දූවරුන් බෝසතුන් හට අවහිර කිරීමට පැමිණියා ද යන්න මෙහිදී සවිස්තරාත්මකව පහදා දෙන ලදී.
සුගත පද විවරණ, අති පූජ්‍ය රේනුකානේ චන්දවිමල මහා නායක ස්වාමීන් වහන්සේ විිසින් රචිත යහපත් වූ ධර්ම ග්රන්ථ, ආචාර්ය පූජ්‍ය කුකුල්පනේ සුදස්සී ස්වාමීන් වහන්සේ විසින් සියැස රූපවාහිනිය තුලින් සියුම් ලෙස සතිපතා විවරණයට ලක් කරන දහම් සාකච්ඡා වැඩසටහන් මාලාවයි.
අති පූජ්‍ය රේනුකානේ චන්දවිමල මහා නායක ස්වාමීන් වහන්සේ විිසින් රචිත “ධර්ම විනිශ්චය” ග්‍රන්ථය ඇසුරු කරගනිමින් මෙම සුගත පද විවරණ දහම් මාලාව සිදු කෙරේ.