
සදහම් මණ්ඩපය – 03 (සතිපට්ඨාන දේශනා 01) 04-06-2026
සදහම් මණ්ඩපය අංක: 03 (සතිපට්ඨාන දේශනා 01) monthly Dhamma talk and discussion was conducted via Zoom on 04th June 2026 by Most Ven. Kukulpane Sudassi Thero.
This live Dhamma Discussion was later audio edited to remove unwanted noises and pauses and presented below as separate questions and answers to provide improved listening.
සදහම් මණ්ඩපය යන මෙම නව මාසික දහම් වැඩ සටහන ඕස්ට්‍රේලියා සහ නවසීලන්ත දහම් ශ්‍රාවකයන්ගේ ආරාධනය අනුව අති පූජනීය ආචාර්ය කුකුල්පනේ සුදස්සී ස්වාමින්වහන්සේ විසින් සෑම මසකම පළමු බ්‍රහස්පතින්දා සිදු කෙරේ. මෙම තෙවන දහම් වැඩසටහන සතර සතිපට්ඨානය පැහැදිලි කෙරෙන නව දේශනා මාලාවක ආරම්භය ලෙස වර්ෂ 2026 ජූනි මස 04 දින ශ්‍රී ලංකා වේලාවෙන් දහවල් 2.30 ට සිදු කෙරිණි.
සතර සතිපට්ඨානය ත්‍රිපිටකයෙන් කියවීමට මෙතනින් පිවිසෙන්න: සතිපට්ඨාන සූත්‍රය., මහා සතිපට්ඨාන සූත්‍රය, සතිපට්ඨාන සතර
මෙවර ධර්ම දේශනාව තුලින් සතර සතිපට්ඨානය පිළිබඳව මූලික හැඳින්වීමක් කෙරිණි. විශේෂයෙන්ම මෙදින ධර්ම සාකච්ඡාවේ දී මාතෘකාවට අනුගත වූ වටිනා පැන නැගුණු අතර ඒවා පිලිබඳව ඉතා වටිනා පැහැදිලි කිරීම් සිදු කෙරිණි.
- ධර්ම දේශනාව: සතිපට්ඨානය පිළිබඳව මූලික පැහැදිලි කිරීමක් කරන්න. *** (සතර සතිපට්ඨානය පිළිබඳ ඉතා වටිනා හැඳින්වීමකි.)
- සතර සතිපට්ඨානය මූලික කරගෙන ඊළඟ මාසයේ දේශනාව දක්වා අප පුහුණු විය යුතු ආකාරය සරලව පැහැදිලි කරන්න. *** (වටිනා ප්‍රායෝගික පැනයක් සහ පැහැදිලි කිරීමකි.)
- අප බොහෝ දෙනෙකුට භාවනාව දිගු කාලීනව සිදු කිරීමට නොහැකි වන්නේ වීර්ය වැඩි වී නීවරණ මතුවීම නිසා පවා විය හැකි නොවේ ද? **** (වටිනා ප්‍රායෝගික පැනයක් සහ ඉතා වටිනා පැහැදිලි කිරීමකි.)
- අප අනාගතය පිලිබඳ සැලසුම් කිරීමේ දී බලාපොරොත්තු තුල මුලා නොවී කරන ආකාරය තව දුරටත් පැහැදිලි කර දෙන්න. **** (ඉතා වටිනා ප්‍රායෝගික පැනයක් සහ වටිනා පැහැදිලි කිරීමකි.)
- මම ටික දවසකට පෙර ඔස්ට්‍රලියාවට පැමිණ පදිංචි වීමෙන් පසු මට වටිනා වූ ඇතැම් දේවල් නැති වීම තුලින් ගැටීම් ඇති වේ. එමෙන්ම මේ වෙනසේ ඇති ඇතැම් කරුණු පිළිබඳව සැප වේදනා ද ඇති වේ. ඒ පිළිබඳව මේ අයුරින් වේදනානුපස්සනාව වඩන්නට පුළුවන් ද? ***** (වටිනා පැනයක් සහ ඉතා විශිෂ්ඨ පැහැදිලි කිරීමකි.)
- එදිනෙදා වැඩ කටයුතු වල යෙදෙන අතර ඉතිපිසො ගාථාව,මෛත්‍රී පාඨ සිතින් කීම ආදි දේවල් මෙනෙහි කිරීම වර්ථමාන ක්‍රියාවේ සතිය පැවැත්වීමට පටහැනිද? *** (වටිනා ප්‍රායෝගික පැනයක් සහ වටිනා පැහැදිලි කිරීමකි.)
- සතියෙන් සිටීම යනු උදාහරණයක් ලෙස කුස්සියේ එළවළු කපන විට පිහියේ දැනෙන ඒ ඝණ බව, ටැප් එක අරිනකොට දැනෙන සිසිලස බව, එය මෙනෙහි කිරීම ද ? ඒ දැන ගැනීමද ? *** (වටිනා ප්‍රායෝගික පැනයක් සහ ඉතා වටිනා පැහැදිලි කිරීමකි.)
- පංචඋපාදානස්කන්ධය යනු රූප, වේදනා, සංඥා, සංඛාර, විඤ්ඤාණ. රූප යනු සතර මහා ධාතූන් ගෙන් සෑදුණු කොටස්. එතකොට, නාම යනු වේදනා, සංඥා, සංඛාර, විඤ්ඤාණ. මෙතන මම කියලා කෙනෙක් නැහැ. එතකොට, සත්වයෙක් පුද්ගලයෙක් නැති තැන අප සතර ඉරියව්වෙන් හැසිරෙන කොට ඒ කරන්නේ ක්‍රියාවලියක් පමණි. එහෙම කියන්නේ කෙසේද ස්වාමින් වහන්ස ? *** (වටිනා පැහැදිලි කිරීමකි.)
- සමාලෝචනය සහ අවසානය. ***
සදහම් මණ්ඩපය, සෑම මාසයකම පළමු බ්‍රහස්පතින්දා ශ්‍රී ලංකා වේලාවෙන් පස්වරු 2.30 ආරම්භ කෙරෙනු ඇත. එම වැඩසටහනට සම්බන්ධ වීමට පළමුව Zoom App එක ඔබගේ පරිගණකයේ හෝ ස්මාර්ට් ජංගම දුරකථනයේ හෝ ස්ථාපිත කරගන්න. ඉන් පසුව පහත Link එක Click කර පහත දැක්වෙන Passcode එක ඇතුල් කරන්න.
- https://us02web.zoom.us/j/4457486152?pwd=VExxT3RyQndMQXBtdGROR2pJWnJvdz09
Meeting ID: 4457486152
Passcode: Dhamma.