Anuruddha Sutta – අනුරුද්ධ සූත්‍රය 2013.

Anuruddha Sutta – අනුරුද්ධ සූත්‍රය ඇසුරින් වර්ෂ 2013 දී සිදුකල දීර්ඝ දේශනා මාලාවට වටිනා නව දේශනා එකතුවක් සහිතව ශ්‍රවණය කරන්නන්ගේ පහසුව සඳහා අලුත් ආකාරයකට දේශනා ගොනු කිරීමක් සිදු කලා. විශේෂයෙන් වර්ථමානයේදී ලෝකය පුරා ඇතිවී ඇති ගැටුම් කාරී මානසික ස්වභාවයට ඉතාම වටිනා සහනයක් ලෙස සතිමත්බව තුලින් මෛත්‍රිය වර්ධනය කරන ආකාරය දේශනා අංක 19 සිට 22 දක්වා ඇතුලත් වේ.  ඉදිරියේදී එම දේශනා පදනම් කරගෙන විශේෂ දහම් පුවත් කලාප කිහිපයක් ඉදිරිපත් කිරීමට බලාපොරොත්තු වෙමු.

එමෙන්ම ඉදිරියේදී මෙම වෙබ් පිටුවට ඇතුලත් කරන නව දේශනා ඇතුලත් වෙබ් පිටුවට පිවිසීමට මෙම වෙබ් යොමුව භාවිතා කරන්න: Anuruddha Sutta – අනුරුද්ධ සූත්‍රය 2013


එසේම අනුරුද්ධ සූත්‍රය ඇසුරු කොටගෙන අන්තර්ජාල zoom වැඩසටහනක් සෑම සෙනසුරාදා දිනවල ශ්‍රී ලංකා වේලාවෙන් හවස 7.00 සිට 9.00 දක්වා පැවැත්වේ.  අද දින (29-01-2022) තේමාව වනුයේ ”කාර්යබහුල බව, උදාසීන බව සහ සැබෑ විවේකය” යන්නයි.

*Zoom ඔස්සේ සම්බන්ධ වීමට පහත Link එක Click කරන්න.
👇
https://us02web.zoom.us/j/4457486152?pwd=VExxT3RyQndMQXBtdGROR2pJWnJvdz09

Passcode: Dhamma


අති පූජනීය ආචාර්ය කුකුල්පනේ සුදස්සී ස්වාමින්වහන්සේ.

Anuruddha Sutta – අනුරුද්ධ සූත්‍රය 2013: අනුරුද්ධ සූත්‍රය මූලික කරගෙන වටිනා දීර්ඝ දේශනා මාලාවක් අති පූජනීය කුකුල්පනේ සුදස්සී ස්වාමින්වහන්සේ විසින් වර්ෂ 2013 දී සිදුකරන ලදී.  නිවන් දැකීම සඳහා ගුණධර්ම පුහුණු කරන අය විසින් දියුණු කලයුතු මහා පුරුෂ විතර්ක පිළිබඳව අනුරුද්ධ සූත්‍රය ඇසුරින් මෙහිදී විස්තරාත්මකව පැහැදිලි කරන ලදී. 

මෙම වටිනා සහ දීර්ඝ දේශනා මාලාවේ ඇතැම් දේශනා මේ වනවිට සොයාගැනීමට නොහැක. දැනට එම දේශනා මාලාවේ දේශනා 86 ක් අප වෙත ඇත. එම දේශනා ඉදිරියේදී සම්පුර්ණ වශයෙන් මෙහි පල කෙරෙනු ඇත.  එමෙන්ම මේ සියලු දේශනා ශ්‍රාවකයින් හට වෙබ් අඩවියෙන් පහසුවෙන් බාගත කල හැක.

ත්‍රිපිටකයේ සූත්‍ර පිටකයේ, අඞ්‌ගුත්‌තර නිකායේ, අට්ඨක නිපාතයේ, ගහපති වර්ගයේ එන අනුරුද්‌ධ සූත්‍රය මෙතනින් කියවන්න: අනුරුද්‌ධ සූත්‍රය.

  1. අනුරුද්ධ සූත්‍රය – හැඳින්වීම.
  2. අනුරුද්ධ සූත්‍රය – අත්‍රිච්ඡතාවය සහ මහිච්ඡතාවය.
  3. අනුරුද්ධ සූත්‍රය – මහිච්ඡතාවය සහ අල්පේච්ඡතාවය.
  4. අනුරුද්ධ සූත්‍රය – මහිච්ඡතාවය සහ පාපිච්ඡතාවය.
  5. අනුරුද්ධ සූත්‍රය – අල්පේච්ඡතාවය පුහුණු කරන ආකාරය – 01.
  6. අනුරුද්ධ සූත්‍රය – අල්පේච්ඡතාවය පුහුණු කරන ආකාරය – 02.
  7. අනුරුද්ධ සූත්‍රය – සතුටින් සිටීම පුරුදු කිරීම.
  8. අනුරුද්ධ සූත්‍රය – සාමිස සතුට. 
  9. අනුරුද්ධ සූත්‍රය – සාමිස සතුට සහ එහි ඇති ආදීනව.
  10. අනුරුද්ධ සූත්‍රය – සඞ්ගණිකාරාමය – කාය විවේකය සහ ආරණ්‍ය ගතවීම. (සඞ්ගණිකාරාමය යනු පිරිසෙහි හා ක්ලේශ ධර්මයන්හි ඇලී ගැලී වාසය කිරීමයි.)
  11. අනුරුද්ධ සූත්‍රය – සඞ්ගණිකාරාමය – චිත්ත විවේකය.
  12. අනුරුද්ධ සූත්‍රය – සඞ්ගණිකාරාමය – කාමච්ඡන්දය, පැවැත්ම සහ නැවැත්ම.
  13. අනුරුද්ධ සූත්‍රය – සඞ්ගණිකාරාමය – කාමච්ඡන්දය ඇතිවීමේ හේතුව. 
  14. අනුරුද්ධ සූත්‍රය – සඞ්ගණිකාරාමය – කාමච්ඡන්දය දුරු කිරීම – අසුභ නිමිත්ත සහ අසුභ භාවනාව.
  15. අනුරුද්ධ සූත්‍රය – සඞ්ගණිකාරාමය – කාමච්ඡන්දය දුරු කිරීම – ඉන්ද්‍රිය සංවරය.
  16. අනුරුද්ධ සූත්‍රය – සඞ්ගණිකාරාමය – කාමච්ඡන්දය දුරු කිරීම – ආහාරයේ පමණ දැනීම.
  17. අනුරුද්ධ සූත්‍රය – සඞ්ගණිකාරාමය – කාමච්ඡන්දය දුරු කිරීම – කල්‍යාණ මිත්‍ර ඇසුර.
  18. අනුරුද්ධ සූත්‍රය – සඞ්ගණිකාරාමය – කාමච්ඡන්දය දුරු කිරීම – සප්පාය කථා.
  19. අනුරුද්ධ සූත්‍රය – සඞ්ගණිකාරාමය – ව්‍යාපාදය සහ එහි නොයෙක් පැතිකඩ.
  20. අනුරුද්ධ සූත්‍රය – සඞ්ගණිකාරාමය – පටිඝ නිමිත්ත, යෝනිසෝමනසිකාරය සහ මෛත්‍රී නිමිත්ත.
  21. අනුරුද්ධ සූත්‍රය – සඞ්ගණිකාරාමය – සිහියෙන් සහ නුවණින් යුතුව මෛත්‍රී නිමිත්ත ඇතිවන සහ නැතිවන ආකාරය වටහා ගැනීම.
  22. අනුරුද්ධ සූත්‍රය – සඞ්ගණිකාරාමය – ක්ලේශයන්ගේ ක්‍රියාකාරීත්වයෙන් වෙන්කර ගනිමින් මෛත්‍රියේ බලය දියුණු කිරීම.

මතු සම්බන්ධයි….

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.