තිරිසන් සතෙකුට කරන පින් අනුමෝදනාව (26-05-2021)


සුරතලයට ඇතිකළ තිරිසන් සතෙකුට කරන පින් අනුමෝදනාව කරන පින් අනුමෝදනාව මාතෘකා කරගෙන අපූරු, වෙනස් ආකාරයේ දහම් දේශනාවක් අති පූජනීය කුකුල්පනේ සුදස්සී ස්වාමින්වහන්සේ විසින් වර්ෂ 2021 මැයි මස 26 වෙසක් පෝය දිනයේ සිදුකරන ලදී.

තිරිසන් සතෙකුට හෝ මියගිය ඕනෑම මනුෂ්‍යයකුට හෝ පින් අනුමෝදනා කිරීමට සම්පුර්ණ වියයුතු සුදුසුකම් මොනවාද, මිනිසුන් ඇසුරේ සිටිය තිරිසන් සතුන් හට මිනිස් උපතක් ලබාගැනීමට ඇති ප්‍රවණතාව මොනවාද, තිරිසන් සතුන් හට අධික ලෙස බැඳීමක් ඇතිකර ගන්නා මිනිසුන් හට විය හැකි අවාසි ආදිය පිලිබඳ වටිනා විස්තරයක් මෙහි සඳහන් වේ. එමෙන්ම බුදුරජාණන්වහන්සේ දේශනා කල පරිදි මියයන බොහෝ මිනිසුන් තිරිසන් ආදී දුගති උප්පත්තිවලට පත්වන්නේ කෙසේදැයි පිළිබඳ ධර්මානුකූල වටිනා පැහැදිලි කිරීමක් ද මෙම ධර්ම දේශනාවේ ඇතුලත් වේ.

මෙම ධර්ම දේශනාවේ ශබ්ද සංස්කරණය කල හඬ පටය මෙතනින් ලබාගන්න: https://bit.ly/3wGP8uS

බෞද්ධයා තම සේවය අවංකව සිද්ධ කරන ආකාරය (25-05-2021)


නියම බෞද්ධයා තම සේවය අවංකව සිද්ධ කරන ආකාරය පිළිබඳව ඉතාම කාලීන වැදගත්කමක් ඇති ධර්ම දේශනාවක් අති පුජනීය කුකුල්පනේ සුදස්සී ස්වාමින්වහන්සේ විසින් වර්ෂ 2021 මැයි 25 වෙනි දින සිදුකරන ලදී.

අවංක භාවය වර්ථමාන ශ්‍රී ලංකාවේ රාජ්‍ය සහ පෞද්ගලික සෑම ආයතනයක් තුලම වාගේ දුබල තත්වයකින් පැවතෙන ගුණයකි. එබැවින් මෙම දේශනාවේ ඇති කරුණු බොහෝ වැදගත් වේ.

ධර්ම දේශනාවේ ශබ්ද සංස්කරණය කල හඬපටය මෙතනින් ලබාගන්න: https://bit.ly/3fjLGAc

සෙනසුරාදා ධර්ම සාකච්චාව අංක: 20 (22-05-2021)


සෙනසුරාදා ධර්ම සාකච්චාව අංක: 20 විපස්සනාව සහ සතර සතිපටිඨානයේ වෙිදනානුපස්සනාව පදනම් කරගෙන සිදුකරනු ලැබුණි.

මෙම පැය 2කට වඩා දිගු වන ධර්ම සාකච්චාව, අසන්නන්ගේ පහසුව පිණිස ප්‍රශ්න හා පිළිතුරු වශයෙන් වෙන්කර, ශබ්ද සංස්කරණය කොට මෙම වෙබ් පිටුවේ ඉදිරිපත්කර ඇත: වෙබ් පිටුවට යොමුව: https://bit.ly/3fa2x8v 

“ප්‍රායෝගික ජීවිතයෙහි ධර්මය ප්‍රගුණ කරන ආකාරය” යන තේමාව මුල්කරගෙන අති පූජනීය කුකුල්පනේ සුදස්සී ස්වාමින්වහන්සේ විසින් සිදුකරන සෙනසුරාදා සජීවී ධර්ම සාකච්ඡා පෙලේ විසිවන ධර්ම සාකච්චාව වර්ෂ 2021 මැයි මස 22 දින සිදුකරන ලදී. පුජ්‍යපාද අනුරාධපුරයේ අනුරුද්ධ ස්වාමින්වහන්සේද එම Zoom සාකච්චාව මෙහෙයවීමට වැඩසටහන දායක වූ සේක.

යහපත් සමාජ ජීවිතයක් සඳහා සිඟාලෝවාද සූත්‍රය (17-05-2021)

යහපත් සමාජ ජීවිතයක් ගතකිරීමෙන් එම පුද්ගලයාටත් සමාජයටත් අන්‍යොන්‍ය වශයෙන් කායික, මානසික, ආර්ථික සහ අධ්‍යාත්මික යහපතක් සිදුවේ.

බුදුරජාණන්වහන්සේ දේශනාකළ සිඟාලෝවාද සූත්‍රය අනුව ජීවත්වීමෙන් එවැනි යහපත් සමාජ ජීවිතයක් ගොඩ නගෙන්නේ කෙසේද යන්න පැහැදිලි කරමින් අති පූජනීය කුකුල්පනේ සුදස්සී ස්වාමින්වහන්සේ විසින් වටිනා ධර්ම දේශනාවක් වර්ෂ 2021 මැයි මස 17 දින සිදුකරන ලදී.

එම ධර්ම දේශනාවේ ශබ්ද සංස්කරණය කල හඬ පටය මෙතනින් ලබාගන්න: https://bit.ly/3hLLefG එම සිඟාලෝවාද සූත්‍රය ත්‍රිපිටකයෙන් මෙම යොමුවෙන් කියවන්න: http://www.thripitakaya.org/tipitakaya/Index/80?s=36

ප්‍රියයන්ගෙන් වෙන්වීම සාර්ථක කමටහනක් ලෙස. (16-05-2021)

ප්‍රියයන්ගෙන් වෙන්වීම සාර්ථක කමටහනක් ලෙස යොදාගන්නේ කෙසේද යන්න පිළිබඳව ඉතාම වටිනා ධර්ම දේශනාවක් අති පූජනීය කුකුල්පනේ සුදස්සී ස්වාමින්වහන්සේ විසින් වර්ෂ 2021 මැයි මස 16 දින සිදුකරන ලදී.

අප කොතරම් උත්සාහයෙන් අප ප්‍රියකරන පුද්ගලයන් අප වෙත හැමදා රඳවා ගැනීමට උත්සහ කලත් එය එසේ සිදු නොවේ. ඇතැම්විට ඒ අය කාලයත් සමග වෙනස් වී ප්‍රිය බවින් අඩුවේ. එසේ නැතහොත් මරණය නිසා ඔවුන් අපගෙන් හෝ අප ඔවුන්ගෙන් හෝ වෙන්වීම අනිවාර්ය වශයෙන් සිදු වේ.

මේ බව ගිහි පැවිදි, ස්ත්‍රී පුරුෂ සියලු දෙනා නිරන්තරයෙන් සිහියේ තබාගන ඒ තුලින් ලෝක ධර්මතාවය තෙරුම් ගන්නේ කෙසේද සහ එය කමටහනක් ලෙස දියුණු කරන්නේ කෙසේද යන ආකාරය නොයෙක් පැතිවලින් මෙම දේශනාවේ පැහැදිලි කෙරේ. බුදුරජාණන් වහන්සේ දේශනා කල අභිණ්හපච්චවෙක්ඛන සූත්‍රය ඇසුරුකොට මෙම වටිනා දේශනාව සිදුකෙරිණි.

එම වටිනා සූත්‍රය ත්‍රිපිටකයෙන් මෙම යොමුවෙන් කියවන්න: https://pitaka.lk/main?n=30157

මෙම ධර්ම දේශනාවේ ශබ්ද සංස්කරණය කල හඬ පටය මෙතනින් ලබාගන්න: https://bit.ly/3eZN22V

මානසික ආතතිය දුරුකරගෙන ගුණදහම් දියුණුකර ගැනීම (16-05-2021)

මේ කාලයේ බොහෝ දෙනෙකු මානසික ආතතිය නිසා පීඩා විඳිති. අප නිතර සිතන ආකාරය අනුව මානසික ආතතිය ඇතිවන හැටි, දහමට අනුව සිතේ ආවේග පාලනය සිදුකල යුතු ආකාරය, පණ්ඩිතයන් සතු වටිනා ගුණ ධර්මයන් දෙක වන නොපැමිණි බර නොගැනීම සහ පැමිණි බර දරා ගැනීම යන වටිනා දහම් කරුණු මෙහි පැහැදිලි කෙරේ.

එදිනෙදා ගිහි ජීවිතයේදී මානසික ආතතිය දුරුකරගෙන ගුණදහම් දියුණුකර ගැනීම සිදුකරන්නේ කෙසේද යන වටිනා කාරණය පාදක කරමින් අති පූජනීය කුකුල්පනේ සුදස්සී ස්වාමින්වහන්සේ විසින් මෙම දේශනාව වර්ෂ 2021 මාර්තු මස 16 දින සිදුකරන ලදී.

ධර්ම දේශනාවේ ශබ්ද සංස්කරණය කල හඬපටය මෙතනින් ලබාගන්න: https://bit.ly/3ygDLLK

සෙනසුරාදා ධර්ම සාකච්චාව අංක:19 (15-05-2021)

මෙවර සෙනසුරාදා ධර්ම සාකච්චාව අංක:19, “සතර සතිපටිඨානය” සහ “ආධ්‍යාත්මික සත්‍යක්‍රියාව සහ පිරිත් සඡ්ඡායනය පිළිබඳ හැදින්වීම” යන තේමාවන් පදනම් කරගෙන සිදුකරනු ලැබුණි. කායානුපස්සනාවේ ඉතිරි කොටස් මෙහිදී ප්‍රයෝගික ගැටළු මතුකරමින් සාකච්චා කරන ලදී. එමෙන්ම පිරිත් සඡ්ඡායනය සහ ආධ්‍යාත්මික සත්‍යක්‍රියාව සිදුකල යුතු ආකාරය පිළිබඳවද වටිනා එළිදැක්වීමක් සිදුකරන ලදී.

මෙම පැය 2කට වඩා දිගු වන ධර්ම සාකච්චාව, අසන්නන්ගේ පහසුව පිණිස ප්‍රශ්න හා පිළිතුරු වශයෙන් වෙන්කර, ශබ්ද සංස්කරණය කොට මෙම වෙබ් පිටුවේ ඉදිරිපත්කර ඇත: වෙබ් පිටුවට යොමුව : https://bit.ly/2SJ0Q9l

“ප්‍රායෝගික ජීවිතයෙහි ධර්මය ප්‍රගුණ කරන ආකාරය” යන තේමාව මුල්කරගෙන  විසින් සිදුකරන සෙනසුරාදා සජීවී ධර්ම සාකච්ඡා පෙලේ දහනවවන ධර්ම සාකච්චාව වර්ෂ 2021 මැයි මස 15වන දින සිදුකරන ලදී. පුජ්‍යපාද අනුරාධපුරයේ අනුරුද්ධ ස්වාමින්වහන්සේද එම Zoom සාකච්චාව මෙහෙයවීමට වැඩසටහන දායක වූ සේක.

කොරෝනා වසංගතය දුරුකිරීම සඳහා ආධ්‍යාත්මික සත්‍යක්‍රියාව (14-05-2021)

කොරෝනා වසංගතය දුරුකිරීම සඳහා ආධ්‍යාත්මික සත්‍යක්‍රියාව පිලිබඳ මෙම වීඩියෝව අති පූජනීය කුකුල්පනේ සුදස්සී ස්වාමින්වහන්සේ විසින් වර්ෂ 2021 මයි මස 14 දින සිදුකරන ලදී.

එම වීඩියෝවේ සඳහන් කරන ආශ්‍රිත කුඩා පොත, ධර්ම දේශනාව සහ සජ්ඣායනා කිරීමට ඇති පිරිත් ඇතුලත් ලියැවිලි පහත දැක්වේ.

1. ආධ්‍යාත්මික සත්‍යක්‍රියාව පිලිබඳ කුඩා පොත මෙම යොමුවෙන් බාගත කරන්න: https://bit.ly/3eKELQq

2. සත්ජන ආධ්‍යාත්මික බලමුළුව පිරිත් – සිංහල: https://bit.ly/3bqIZug

3. Sathjana Universal Spiritual Force Pirith – English: https://bit.ly/2SHdxBx

4. සත්‍යක්‍රියාව පිලිබඳ ධර්ම දේශනාව: https://bit.ly/3ygEjkO

ශෝකය දුරු කරගන්නේ කෙසේද? (13-05-2021)

ශෝකය දුරු කරගන්නේ කෙසේද යන ඉතා කාලෝචිත මාතෘකාව මූලික කොට ගෙන වටිනා ධර්ම දේශනාවක් අති පූජනීය කුකුල්පනේ සුදස්සී ස්වාමින්වනසේ විසින් වර්ෂ 2021 මැයි මස 13 දින සිදුකරන ලදී.

ලෝක ධර්මතාවයක් හේතුවෙන් සිදුවන අපගේ ප්‍රියයන්ගේ මරණය නිසා නිසා ඇතිවන ශෝකයට අප ප්‍රඥාවන්තව කෙසේ මුහුණ දියයුතුද යන්න මෙම දේශනාවෙන් මානව පැහැදිළි කෙරේ.

එමෙන්ම ආධ්‍යාත්මික ශක්තිය භාවිතා කර පිරිත් දේශනා සිදුකරමින් සත්‍යක්‍රියා සිදුකරන මේ කාලයේ සඳහන් කලයුතු වැදගත් කරුණක් වේ. එනම් ආධ්‍යාත්මික ශක්තියක් අවදි ගන්නා ආර්ය මග ගමන් කරනා බෞධයන් මරණය නමැති ලෝක ධර්මතාවය පිටු නොදකිති. ඔවුන් බියෙන් හෝ ශෝකයෙන් හෝ පරිබාහිර වූ මනෝභාවයකින් යුතුව තමන් හා අනෙකුත් මිනිස් සහ සත්ව ප්‍රජාව වෙත දහමේ බලය සහ ශාන්තිය පතුරවති.

එම දහම දේශනාවට පාදකවූ සෝකසල්ලහරණ සූත්‍රය තිපිටකයෙන් මෙතනින් කියවන්න: http://www.thripitakaya.org/tipitakaya/Index/485?s=11144

ධර්ම දේශනාවේ ශබ්ද සංස්කරණය කල හඬපටය මෙතනින් ලබාගන්න: https://bit.ly/3hpnJJb

මනුෂ්‍යත්වයෙන් ආධ්‍යාත්මික ප්‍රවේශයක් කරා – කතරගම

මනුෂ්‍යත්වයෙන් ආධ්‍යාත්මික ප්‍රවේශයක් කරා – කතරගම

මේ දිනවල බොහෝ බෞද්ධයන් පිරිත් දේශනා කිරීම් සහ ශ්‍රවණය කිරීම් තුලින් ආධ්‍යාත්මික ශක්තීන්ගේ බලයෙන් රෝග පීඩා දුරුකර ගැනීමට වෙහෙසෙති. බොහෝදෙනා එවැනි කටයුතු කරන්නේ බිය තුලිනි. එනමුදු නිවැරදි ආකාරයට ආධ්‍යාත්මික ශක්තීන් අප තුලින් අවදි කරගන්නට හැකි නම් අපට එවැනි කටයුතු තුලින් අනෙකුත් මිනිස් සහ සත්ව ප්‍රජාවට ශාන්තියක් උදාකර දීමට පුළුවන.

එසේ කිරීමට අප තුල ආධ්‍යාත්මික ප්‍රවේශයක් සහ ශක්තියක් ගොඩනගා ගන්නේ කෙසේද යන්න පැහැදිළි කරමින් අති පූජනීය කුකුල්පනේ සුදස්සී ස්වාමින්වහන්සේ විසින් කතරගම කිරිවෙහෙර චෛත්‍ය රාජයාණන් අභියස සිදුකරන ලද වටිනා ධර්ම දේශනාවයි මේ.

මෙම දේශනාවේ ශබ්ද සංස්කරණය කල හඬපටය මෙතනින් බා ගත කරගන්න: https://bit.ly/3o80R2i