සෙනසුරාදා ධර්ම සාකච්චාව අංක: 18 (08-05-2021)

සෙනසුරාදා ධර්ම සාකච්චාව අංක: 18, “සතර සතිපටිඨානය” යන තේමාව පදනම් කරගෙන සිදුකරනු ලැබුණි. භාවනාවට අත්‍යවශ්‍ය සතිය, ප්‍රඥාව සහ වීර්ය හඳුනා ගැනීම සහ පුරුදු කිරීම පිළිබඳව සහ සක්මන් භාවනාව සහ කයනුපස්සනාවේ ඇතැම් කොටස් මෙහිදී සාකච්චා කරන ලදී. එමෙන්ම සමථ සහ විපස්සනා භාවනා අංග දෙකම විමසීමට යොමුකරන ලදී.

මෙම පැය 2කට වඩා දිගු වන ධර්ම සාකච්චාව, අසන්නන්ගේ පහසුව පිණිස ප්‍රශ්න හා පිළිතුරු වශයෙන් වෙන්කර, ශබ්ද සංස්කරණය කොට ඉදිරිපත්කර ඇත්තෙමු. එම වෙබ් පිටුවට පිවිසීමට මෙම යොමුව click කරන්න: https://bit.ly/3vVY66K

“ප්‍රායෝගික ජීවිතයෙහි ධර්මය ප්‍රගුණ කරන ආකාරය” යන තේමාව මුල්කරගෙන අති පූජනීය කුකුල්පනේ සුදස්සී ස්වාමින්වහන්සේ විසින් සිදුකරන සෙනසුරාදා සජීවී ධර්ම සාකච්ඡා පෙලේ දහඅටවන ධර්ම සාකච්චාව වර්ෂ 2021 මැයි මස 08 දින සිදුකරන ලදී. පුජ්‍යපාද අනුරාධපුරයේ අනුරුද්ධ ස්වාමින්වහන්සේද එම Zoom සාකච්චාව මෙහෙයවීමට වැඩසටහන දායක වූ සේක.

You may also like

Page 1 of 9

Share this with others as a gift of Dhamma!

Leave a Reply

Your email address will not be published.

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.