ශෝකය දුරු කරගන්නේ කෙසේද යන ඉතා කාලෝචිත මාතෘකාව මූලික කොට ගෙන වටිනා ධර්ම දේශනාවක් අති පූජනීය කුකුල්පනේ සුදස්සී ස්වාමින්වනසේ විසින් වර්ෂ 2021 මැයි මස 13 දින සිදුකරන ලදී.
ලෝක ධර්මතාවයක් හේතුවෙන් සිදුවන අපගේ ප්‍රියයන්ගේ මරණය නිසා නිසා ඇතිවන ශෝකයට අප ප්‍රඥාවන්තව කෙසේ මුහුණ දියයුතුද යන්න මෙම දේශනාවෙන් මානව පැහැදිළි කෙරේ.
එමෙන්ම ආධ්‍යාත්මික ශක්තිය භාවිතා කර පිරිත් දේශනා සිදුකරමින් සත්‍යක්‍රියා සිදුකරන මේ කාලයේ සඳහන් කලයුතු වැදගත් කරුණක් වේ. එනම් ආධ්‍යාත්මික ශක්තියක් අවදි ගන්නා ආර්ය මග ගමන් කරනා බෞධයන් මරණය නමැති ලෝක ධර්මතාවය පිටු නොදකිති. ඔවුන් බියෙන් හෝ ශෝකයෙන් හෝ පරිබාහිර වූ මනෝභාවයකින් යුතුව තමන් හා අනෙකුත් මිනිස් සහ සත්ව ප්‍රජාව වෙත දහමේ බලය සහ ශාන්තිය පතුරවති.
එම දහම දේශනාවට පාදකවූ සෝකසල්ලහරණ සූත්‍රය තිපිටකයෙන් මෙතනින් කියවන්න: http://www.thripitakaya.org/tipitakaya/Index/485?s=11144
ධර්ම දේශනාවේ ශබ්ද සංස්කරණය කල හඬපටය මෙතනින් ලබාගන්න: https://bit.ly/3hpnJJb