දුක්ඛ සත්‍යය පිළිබඳව ඉතාම වැදගත් ධර්ම දේශනාවක් වර්ෂ 2021 පෙබරවාරි මස 20වෙනි දින අති පූජනීය කුකුල්පනේ සුදස්සී ස්වාමින්වහන්සේ විසින් සිදුකෙරිණි. මෙම දේශනාව කිහිප වතාවක් හොඳින් ශ්‍රවණය කලයුතු වටිනා දේශනාවක් වන්නේ ඇයි දැයි යන කරුණු පහතින් දක්වමු.
1. මෙහි දුක්ඛ සත්‍යය සම්බන්ධයෙන් වර්තමාන කාලයේ ගිහි පැවිදි බොහෝ දෙනා පටලවා ගෙන ඇති ‘කලකිරීම’ සහ ‘නිබ්බිදාව’ අතර වෙනස පිළිබඳව මනා පැහැදිලි කිරීමක් ඇතුලත් වේ.
2. දුක්ඛ වේදනාව, දුක්ඛ සත්‍යය සමග පටලවාගත් තවත් කරුණකි. මෙය ගැනත් වටිනා පැහැදිලි කිරීමක් මෙම දේශනාවේ ඇතුලත් වේ.
ධර්ම දේශනාවේ ශබ්ද සංස්කරණය කල හඬපටය මෙතනින් ලබාගන්න: https://bit.ly/3aQfr9v