New Dhamma Uploads – 27 January 2022

We are pleased to provide the following new Dhamma uploads to our English and Sinhala listeners/viewers. There are two in English and three in Sinhala.  These are conducted by Ven. Panadure Chandaratana Thero and Most Ven. Kukulpane Sudassi Thero.

මෙම කලාපයෙන් දම්සර දහම් වෙබ් අඩවියට එකතු වූ නවතම අංගයන් කිහිපයක් ඉදිරිපත් කරන්නෙමු. එම නව දහම් එකතු ඉංග්‍රීසි භාෂාවෙන් සහ සිංහල භාෂාවෙන් ඉදිරිපත්කර තිබේ. ඒවා අති පූජනීය කුකුල්පනේ සුදස්සී ස්වාමින්වන්සේ සහ පූජනීය පානදුරේ චන්දරතන ස්වාමින්වහන්සේ විසින් සිදුකල දේශනා ඇසුරිනි.


In English:

  1.  Sunakkhatta Sutta – January 2022: Sunakkhatta Sutta was used as the Dhamma topic by Ven. Panadure Chandaratana Thero at  Kalalgoda Vipassana Center during the one day meditation program. This popular program was conducted on 23 January 2022 after more than 01 years lapse. Please click here to reach the web page.
  2. Maha-suññata Sutta – January 2022: Maha-suññata Sutta was selected by Ven. Panadure Chandaratana Thero as the next Sutta for Sutta Teachings in English on 19 January 2022.
    Maha-suññata Sutta provides many valuable lessons on practical issues surrounding the attempt to develop an internal meditative dwelling of emptiness, to maintain it, and to see it through to Awakening. Please click here to reach the web page.

සිංහල භාෂාවෙන්:

  1. කල යුතු සහ නොකළ යුතු කථා (27-01-2022): කල යුතු සහ නොකළ යුතු කථා පිළිබඳව අප බොහෝ දෙනෙකුට පැහැදිළි අවබෝධයක් නොමැත.  සතියෙන් සහ සම්පජඤ්ඤයෙන් තොරව අපි කථා කරනවා පමණක් නොව අන්‍යයන්ගේ කථා වලට සවන් දීමද කරන්නෙමු.
    එනිසා අප එදිනෙදා ජීවිතයේදී නොයෙකුත් කෙලෙස් වඩමින්, ගැටුම් ඇතිකර ගනිමින් ජීවිත ගත කරන්නෙමු.
    විනාඩි 09ක් වූ මෙම වටිනා දහම් ඛණ්ඩය අති පූජනීය කුකුල්පනේ සුදස්සී ස්වාමින්වහන්සේ විසින් වර්ෂ 2013 දී අනුරුද්ධ සූත්‍රය ඇසුරින් සිදුකල දීර්ඝ දේශනා මාලාවේ 18 වෙනි දේශනාවෙන් උපුටාගන්නා ලදී.  
    කෙටි වීඩියෝව නැරඹීමට මේ මත click කරන්න.
  2. Anuruddha Sutta – අනුරුද්ධ සූත්‍රය 2013: අනුරුද්ධ සූත්‍රය මූලික කරගෙන වටිනා දීර්ඝ දේශනා මාලාවක් අති පූජනීය කුකුල්පනේ සුදස්සී ස්වාමින්වහන්සේ විසින් වර්ෂ 2013 දී සිදුකරන ලදී.  මෙම වටිනා සහ දීර්ඝ දේශනා මාලාවේ ඇතැම් දේශනා මේ වනවිට සොයාගැනීමට නොහැක. දැනට එම දේශනා මාලාවේ දේශනා 86 ක් අප වෙත ඇත. එම දේශනා ඉදිරියේදී සම්පුර්ණ වශයෙන් මෙහි පල කෙරෙනු ඇත.
    වෙබ් පිටුවට පිවිසීමට මෙතන click කරන්න.
  3. චූළසුඤ්ඤත සූත්‍රය – 23-01-2022: චූළසුඤ්ඤත සූත්‍රය පූජනීය පානදුරේ චන්දරතන ස්වාමින්වහන්සේ විසින් ඉරිදා සූත්‍ර දේශනා මාලාවේ දොලොස් වන සූත්‍ර මාලාව ලෙස වර්ෂ 2021 ජනවාරි මස 23 වෙනි දින පවත්වන ලදී.
    වෙබ් පිටුවට පිවිසීමට මෙතන click කරන්න.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.