මහාසළායතනික සූත්‍රය – Maha Salayatanika Sutta

Buddha statue at Isurumuniya Vihara, Anuradhapura, Sri Lanka.

මහාසළායතනික සූත්‍රය – Maha Salayatanika Sutta මීතිරිගල නිස්සරණ වණසේනාසන වාසී පූජනීය පානදුරේ චන්දරතන ස්වාමින්වහන්සේ විසින් ඉරිදා සූත්‍ර දේශනා මාලාවේ 24 වන සූත්‍රය ලෙස වර්ෂ 2023 ජනවාරි මස 15 වන ඉරු දින ආරම්භ කරන ලදී.

මෙම සූත්‍රය බුදුරජාණන් වහන්සේ ආයතනය හය පිළිබඳව දේශනා කල වැදගත් කරුණු ඇතුලත්වෙන සූත්‍රයකි.  සත්වයා ලෝකය සමඟ සම්බන්ධ වන ඇස ආදි ආයතන හයෙහි ස්වභාවය පැහැදිලි කරමින් ඒවා මැනැවින්‌ පිරිසිඳ නොදැකීමෙන් දුක්‌ පැමිණෙන ආකාරයත් සහ එම ආයතන මැනැවින්‌ වටහා ගැනීමෙන්‌ දුකින්‌ නිදහස් විය හැකි ආකාරයත්‌ මෙම වටිනා සූත්‍රයේ විස්තර කර තිබේ. 

පූජනීය පානදුරේ චන්දරතන ස්වාමින්වහන්සේ ජනවාරි 29 දින මහාසළායතනික සූත්‍රය අනුව සිදුකල අවසාන ධර්ම දේශනාවේ දී පහත දැක්වෙන සුවිශේෂී කරුණු පැහැදිලි කෙරිණි.

  1. නිවැරදි ලෙසින් ඇස, කණ යනාදී ආයතන පරිහරණය කරන යෝගාවචරයා තුල ආයතන ඇසුරෙන් ඇතිවෙන කෙලෙස් ක්‍රමයෙන් අඩුවෙන ආකාරය.
  2. එලෙස විපස්සනාව වඩන යෝගාවචරයා තුල සම්මා දිට්ඨිය, සම්මා සංකප්ප, සම්මා වායාම, සම්මා සතිය, සම්මා සමාධිය, වැඩෙන නිවැරදි ආකාරය සහ ඒවායේ ස්වභාවයන් විස්තර කිරීම.
  3. සම්මා දිට්ඨියේ, සම්මා සතියේ සහ සම්මා වායාමයේ ඇති අන්තර් සම්බන්ධය සහ වැදගත් කම.
  4. සම්මා සමාධිය දියුණු වීම සඳහා සමථ සහ විපස්සනා භාවනා යුගනන්ද ආකාරයෙන් වැඩෙන ආකාරය සහ එහි ක්‍රියාකාරීත්වය.
  5. මේ සියල්ල සඳහා ශීල සික්ෂාවෙන් ලබා දෙන පිටුවහල.
  6. බෝධි පාක්ෂීය ධර්ම, සතර ඉර්ධිපාද, ඉන්ද්‍රිය ධර්ම, බල ධර්ම, බොජ්ඣංග ධර්ම එකිනෙකට සම්බන්ධ වී වැඩෙන ආකාරය.

ගරු ස්වාමින්වහන්සේ ජනවාරි 22 දින සිදුකල ධර්ම දේශනාවේ දී අධිමුත්ත රහතන් වහන්සේගේ කථා පුවත මතුකරමින් රහතන් වහන්සේගේ පැවැත්ම පිළිබඳව සුවිශේෂී ආකාරයෙන් දේශනා කළහ.  එමන්ම එහිදී සෝවාන් තත්වයේ සිට ආර්යන් වහන්සේලාගේ මනසේ සිදුවන ක්‍රමික වෙනස විචිත්‍රවත් ලෙස මෙහිදී දේශනා කෙරේ.

එදින සිදුකල ධර්ම සාකච්ඡාවේද වටිනා දහම් පැන ඇතුලත් වී තිබේ.

මහාසළායතනික සූත්‍රය ත්‍රිපිටකයෙන් මෙතනින් කියවන්න: මහාසළායතනික සූත්‍රය.


  1. ධර්ම දේශනාව 01 – මහාසළායතනික සූත්‍රය (15-01-2023)
  2. ධර්ම සාකච්ඡාව 01 – මහාසළායතනික සූත්‍රය (15-01-2023)
  3. ධර්ම දේශනාව 02 – මහාසළායතනික සූත්‍රය (22-01-2023)
  4. ධර්ම සාකච්ඡාව 02 – මහාසළායතනික සූත්‍රය (22-01-2023)
  5. ධර්ම දේශනාව 03 – මහාසළායතනික සූත්‍රය (29-01-2023)
  6. ධර්ම සාකච්ඡාව 03 – මහාසළායතනික සූත්‍රය (29-01-2023)

මහාසළායතනික සූත්‍රය ඇසුරු කොට පැවැත්වූ දේශනා සහ සාකච්ඡා මෙතැනින් නිම වේ.

පසුගිය ඉරිදා දහම් වැඩසටහන් ඇති වෙබ් පිටුවට මෙතැනින් පිවිසෙන්න.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.