නගරූපම සූත්‍රය – Nagaropama Sutta

නගරූපම සූත්‍රය – Nagaropama Sutta මීතිරිගල නිස්සරණ වණසේනාසන වාසී පූජනීය පානදුරේ චන්දරතන ස්වාමින්වහන්සේ විසින් ඉරිදා සූත්‍ර දේශනා මාලාවේ 23 වන සූත්‍රය ලෙස වර්ෂ 2022 දෙසැම්බර් මස 25 වන දින ආරම්භ කරන ලදී.

මෙම සූත්‍රයේ දී පැරණි ශක්තිමත් නගරයක් ආරක්ෂා වෙන ආකාරය උපමා කරගෙන බුදුරජාණන් වහන්සේ විසින් ආර්ය ශ්‍රාවකයන් තමන් සතු ධර්මයන් හතකින් තමන් ආරක්ෂා කර ගනිමින්, පහසුවෙන් සතර ධ්‍යානයන් ලබමින් මාරයාගේ ග්‍රහණයෙන් මිදෙන ආකාරය මෙහිදී පැහැදිලි කෙරේ. 

ජනවාරි මස 08 දා සිදුකල දෙවන ධර්ම දේශනාව විශේෂයෙන් වැදගත් වන්නේ එහි දී එක් එක් සමථ සහ විපස්සනා ධ්‍යාන පිළිබඳ මනා සංසන්දනාත්මක විග්‍රහයක් ඇතුලත් වෙන නිසාවෙනි.

එමෙන්ම ධර්ම සාකච්ඡාවේදී ද භාවනා යෝගීන් හට ඉතා වැදගත් ප්‍රායෝගික කරුණු රැසක් සෑම පැනයක් තුලින්ම වාගේ මතු කෙරිණි.

නගරූපම සූත්‍රය සූත්‍රය ත්‍රිපිටකයෙන් මෙතනින් කියවන්න: නගරූපම සූත්‍රය.


  1. ධර්ම දේශනාව 01 – නගරූපම සූත්‍රය (25-12-2022)
  2. ධර්ම සාකච්ඡාව 01 – නගරූපම සූත්‍රය (25-12-2022)
  3. ධර්ම දේශනාව 02 – නගරූපම සූත්‍රය (08-01-2023)
  4. ධර්ම සාකච්ඡාව 02 – නගරූපම සූත්‍රය (08-01-2023)

නගරූපම සූත්‍රය සූත්‍රය මූලිකත්වයෙන් සිදුකල දේශනා සහ සාකච්ඡා මෙතැනින් අවසාන වේ.

පසුගිය ඉරිදා දහම් වැඩසටහන් ඇති වෙබ් පිටුවට මෙතැනින් පිවිසෙන්න.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.