මෙම දේශනයේ ඇති සුවිශේෂී සහ කාලීන වැදගත්කම වන්නේ ඒ තුලින් වර්ථමානයේ බොහෝ දෙනා දන්නා සතිය බටහිරින් පැමිණි මිච්ඡා සතියක් වන බවත් එය බුදු දහමේ දක්වන සම්මා සතියට වෙනස් වන බවත් පැහැදිලි කිරීම වේ. එමෙන්ම ධර්ම සාකච්ඡාවේ දී ඇසූ පැනයකට පිළිතුරක් ලෙසින් වර්ථමානයේ දී අධ්‍යාපන දෙපාර්තුමේන්තුවේ අනුග්‍රහයෙන් පාසල් වල සිදු කෙරෙන සතිය පිලිබඳ වැඩසටහන් එසේ බටහිරින් පැමිණි සතියට අනුව යන පාඨමාලාවන් බවත් පැහැදිලි කෙරිණි.
මෙම වටිනා වැඩසටහන සංවිධානය කලේ කැලණිය, මානෙල්වත්ත, නාගානන්ද ජාත්‍යන්තර බෞද්ධ අධ්‍යයන ආයතනය මගිනි.
සතිය සහ සම්මා සතිය වැඩසටහනේ ධර්ම දේශනාව සහ සාකච්ඡාව ශබ්ද සංස්කරණය කල Mp3 හඬපට ලෙස පහතින් දැක්වේ.