අභිධර්මයේ මූලික කරුණු අංක: 61 (ප්‍ර‍ත්‍ය විභාගය 10) 24-10-2026

අභිධර්මයේ මූලික කරුණු අංක: 61 (ප්‍ර‍ත්‍ය විභාගය 10) 24-10-2026

අභිධර්මයේ මූලික කරුණු අංක: 61 (ප්‍ර‍ත්‍ය විභාගය 10) Saturday Dhamma Discussion  was conducted via Zoom on 24th October 2026 by Most Ven. Kukulpane Sudassi Thero.

This live Dhamma Discussion was later audio edited to remove unwanted noises and pauses and presented below as separate questions and answers to provide improved listening.

“ප්‍රායෝගික ජීවිතයෙහි ධර්මය ප්‍රගුණ කරන ආකාරය” යන තේමාව මුල්කරගෙන අති පූජනීය ආචාර්ය කුකුල්පනේ සුදස්සී ස්වාමින්වහන්සේ විසින් සිදුකරන සෙනසුරාදා සජීවී ධර්ම සාකච්ඡා පෙලේ දෙසිය විසි අට වන ධර්ම දේශනාව සහ සාකච්ඡාව වර්ෂ 2026 ඔක්තෝබර් මස 24 වන දින සිදුකරන ලදී.

මෙම දේශනා අති පූජනීය රේරුකානේ චන්දවිමල මහ තෙරුන් වහන්සේ විසින් රචිත “අභිධර්මයේ මූලික කරුණු” යන වටිනා ග්‍රන්ථය ඇසුරෙන් සිදු කෙරේ.

“අභිධර්මයේ මූලික කරුණු” ග්‍රන්ථයට මෙතැනින් පිවිසෙන්න: අභිධර්මයේ මූලික කරුණු.  එම වටිනා ග්‍රන්ථයේ මෙවර සාකච්ඡා කෙරුණු කොටසට මෙතනින් පිවිසෙන්න: විපාක ප්‍ර‍ත්‍යය සහ ආහාර ප්‍ර‍ත්‍යය.

මෙවර ධර්ම දේශනාව තුලින් විපාක ප්‍ර‍ත්‍යය සහ ආහාර ප්‍ර‍ත්‍යය පිළිබඳව පැහැදිලි කෙරිණි. 


  1. ධර්ම දේශනාව: විපාක ප්‍ර‍ත්‍යය සහ ආහාර ප්‍ර‍ත්‍යය පිළිබඳව පැහැදිලි කරන්න. **** (ඉතා ගැඹුරු පැහැදිලි කිරීමකි.)
  2. මිනිසුන්ගේ පෙර ආත්ම වල පුහුණු කරන දේවල් සහ ආකාර මේ ආත්මයේ දී කුසල සහ අකුසල ඇති වීමට බලපානවා නේද ? **** (ඉතා වටිනා පැනයක් සහ ඉතා වටිනා පැහැදිලි කිරීමකි.)
  3. ගෞරවනීය අජාන් බ්‍රහ්මවංසෝ ස්වාමීන්වහන්සේ කියා ඇති මෙම කරුණ ගැන ඇතිවුන මෙම ගැටළුව පැහැදිලි කරන්න. **** (වටිනා පැනයක් සහ ඉතා වටිනා පැහැදිලි කිරීමකි.  මේ ඇසුරු කොට වෙනත් පැන බොහෝ ගණනක් පසුව ඇති විනි.)
  4. විපාක ප්‍ර‍ත්‍යය පිලිබඳ මේ කරුණ පැහැදිලි කරන්න. ***
  5. චිත්ත ආහාර පිළිබඳව මේ කරුණ පැහැදිලි කරන්න. ***
  6. ගෞරවනීය අජාන් බ්‍රහ්මවංසෝ ස්වාමීන්වහන්සේ කියා ඇති කරුණ පිලිබඳ මෙම අදහස නිවැරදි ද ? *** (වටිනා පැහැදිලි කිරීමකි.)
  7. කෙතරම් කාමයෙන් මිදෙන්නට උත්සාහ ගත්තද කාමය දෙසටම ඇදී යාමේ නැඹුරුවක් සමහර අවස්ථා වල දී මා හට ඇත.  මෙයින් මිදෙන්නේ කෙසේද ? *** (ඉතා වටිනා පැහැදිලි කිරීමකි.)
  8. භාවනාවට සිත තව තවත් කැමැත්ත වැඩිකර ගන්නේ කෙසේද ? සමථ මූලික විදර්ශනාව ද විදර්ශනා මූලික සමථය ද සුදුසු ? ***
  9. මනෝසංචේතනා ආහාරය සිතට සහ කයට බලපාන ආකාරය තවදුරටත් උදාහරන මගින් පැහැදිලි කර දෙන්න. ***
  10. වස් සමාදන් වූ භික්‍ෂුන් වහන්සේ තමන් වැඩ සිටින තැනින් දින ගණන් පිට වීම අකැපද ස්වාමින් වහන්ස ? ***
  11. ගෞරවනීය අජාන් බ්‍රහ්මවංසෝ ස්වාමීන්වහන්සේ සඳහන් කල කරුණ අනුව ආහාරයක් වෙනත් පිරිසක් සමග බෙදා ගැනීමේ දී මෙම කරුණ නිවැරදි ද ? **** (ඉතා වටිනා පැහැදිලි කිරීමකි.)
  12. නානාක්ෂණික කර්ම ප්‍ර‍ත්‍යය පිළිබඳව මෙම කරුණු පැහැදිලි කර දෙන්න. ***
  13. ප්‍රඥාව සහ අමෝහය අතර වෙනසක් තියෙනවා ද ?  රහතන් වහන්සේලාට ඥාන විප්‍රයුක්ත සිත් ඇති වන්නේ කෙසේ ද? *** (වටිනා පැහැදිලි කිරීමකි.)
  14. ගරු ස්වාමින්වහන්සේ ජනාධිපතිතුමන් සමග ස්වාමින්වහන්සේලාගේ සාකච්ඡාවක යෙදී සිටිනවා දුටුවෙමි.  එහිදී යහපත් තත්වයන් ඇතිවූවා ද ? ***
  15. චක්ඛු විඥානයට පසුව මේ කරුණු ගලපා ගන්නේ කෙසේ ද ?
  16. අනන්තර සහ සමනන්තර ප්‍රත්‍ය එතෙන්ට ගලපා ගන්නේ කෙසේද ? ***
  17. මරණාසන්න මොහොතේ මනුෂ්‍යකුට ඇතිවෙන ජවන් සිත් පෙළ අකුසල හෝ කුසල වීමට පුළුවන.  ඒ පිළිබඳව මෙම කරුණු පැහැදිලි කරන්න. ***
  18. රතන සුත්‍රයේ බුදුගුණ සදහන් කරන ගාථා දෙකේ “තතුපමන් ධම්ම වරන්” සහ “අනුත්තරෝ ධම්ම වරන්” යන පද දෙකේ නිවැරදි අර්ථය කෙටියෙන් පහදා දෙන්න. ***
  19. අපට කෑමක් ලැබුණු විට ඒ ගැන සිතන්නේ නැතිව අපට ඉන්නට පුළුවන් නම් ඒ ගැන ප්‍රශ්නයක් නැහැ නොවේ ද ? *** (වටිනා පැහැදිලි කිරීමකි.)
  20. ගැඹුරු නින්දේ දී භවාංග සිත ඇති වෙනවා ද ? 
  21. සමාලෝචනය සහ අවසානය. ***

සෙනසුරාදා සජීවී ධර්ම සාකච්ඡාව, සෑම සෙනසුරාදාම  ශ්‍රී ලංකා වේලාවෙන් පස්වරු 7.00 ආරම්භ කෙරෙනු ඇත. එම වැඩසටහනට සම්බන්ධ වීමට පළමුව Zoom App එක ඔබගේ පරිගණකයේ ස්ථාපිත කරගන්න. ඉන් පසු පහත Link එක Click කරන්න.


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.