අභිධර්මයේ මූලික කරුණු අංක: 52 (ප්‍ර‍ත්‍ය විභාගය) 27-06-2026

අභිධර්මයේ මූලික කරුණු අංක: 52 (ප්‍ර‍ත්‍ය විභාගය) 27-06-2026

අභිධර්මයේ මූලික කරුණු අංක: 52 (ප්‍ර‍ත්‍ය විභාගය) 27-06-2026

අභිධර්මයේ මූලික කරුණු අංක: 52 (ප්‍ර‍ත්‍ය විභාගය) Saturday Dhamma Discussion  was conducted via Zoom on 27th June 2026 by Most Ven. Kukulpane Sudassi Thero.

This live Dhamma Discussion was later audio edited to remove unwanted noises and pauses and presented below as separate questions and answers to provide improved listening.

“ප්‍රායෝගික ජීවිතයෙහි ධර්මය ප්‍රගුණ කරන ආකාරය” යන තේමාව මුල්කරගෙන අති පූජනීය ආචාර්ය කුකුල්පනේ සුදස්සී ස්වාමින්වහන්සේ විසින් සිදුකරන සෙනසුරාදා සජීවී ධර්ම සාකච්ඡා පෙලේ දෙසිය දහ නව වන ධර්ම දේශනාව සහ සාකච්ඡාව වර්ෂ 2026 ජූනි මස 27 වන දින සිදුකරන ලදී.

මෙම දේශනා අති පූජනීය රේරුකානේ චන්දවිමල මහ තෙරුන් වහන්සේ විසින් රචිත “අභිධර්මයේ මූලික කරුණු” යන වටිනා ග්‍රන්ථය ඇසුරෙන් සිදු කෙරේ.

“අභිධර්මයේ මූලික කරුණු” ග්‍රන්ථයට මෙතැනින් පිවිසෙන්න: අභිධර්මයේ මූලික කරුණු.  එම වටිනා ග්‍රන්ථයේ මෙවර සාකච්ඡා කෙරුණු කොටසට මෙතනින් පිවිසෙන්න: ප්‍ර‍ත්‍ය විභාගය.

මෙවර ධර්ම දේශනාව තුලින් ප්‍ර‍ත්‍ය විභාගය සහ හේතු ප්‍ර‍ත්‍යය පිළිබඳව ඉතා වටිනා කරුණු පැහැදිලි කිරීම ආරම්භ කෙරිණි.  එසේම මෙදින ධර්ම සාකච්ඡාවේ දී මෙම වැඩසටහනට අනුගත වටිනා පැන රැසක් මතු කෙරුණු අතර ඒවා පිළිබඳව බොහෝ වටිනා පැහැදිලි කිරීම් සිදු කෙරිණි.


  1. ධර්ම දේශනාව: ප්‍ර‍ත්‍ය විභාගය සහ හේතු ප්‍ර‍ත්‍යය පිළිබඳව පැහැදිලි කරන්න. **** (ඉතා වටිනා පැහැදිලි කිරීම් සහිත දේශනාවකි.)
  2. නාම රූප ධර්ම වල උත්සාහ කිරීමේ තත්වයක් නැති නම් බෞද්ධ වීම පුහුණු කරන්නේ ඉතා සුළු පිරිසක් සහ මහා බෝධිසත්ව වරුන්ගේ අතිශයින් දිගු වෙන සංසාර පුහුණුව සිදු වෙන්නේ කෙසේ ද ? **** (ඉතා වටිනා පැනයක් සහ පැහැදිලි කිරීමකි.)
  3. මහා බෝධිසත්වයෙකුට බුදුරජානන් වහන්සේ කෙනෙක් නියත විවරණ දෙනකොට එය මෙවන් නියත තත්වයකින් සිදුවිය හැකි නොවේ ද?
  4. ප්‍රත්‍ය යනු ප්‍රත්‍ය වෙන ධර්මය නොවේ යයි කියනා විට ධර්මයන් යනු කවරේ ද ?
  5. අවිජ්ජා පච්චයා සංඛාරා යනුවෙන් දැක්වෙන්නේ හේතු ප්‍රත්‍ය නොවේ ද? *** (වටිනා පැනයක් සහ පැහැදිලි කිරීමකි.)
  6. අප හදාගත්ත ප්‍රඥප්තිය නිත්‍යව නැති දෙයක් නම් එයට ශක්තියක් ඇත්තේ කෙසේ ද ? *** (වටිනා පැනයක් සහ පැහැදිලි කිරීමකි.)
  7. සිතක් හට ගන්නා විට සබ්බ චිත්ත සාධාරණ චෛතසික හත යෙදිලා, ප්‍රකීර්ණක වලිනුත් යම් ප්‍රමාණයක් යෙදිලා ඒ චෛතසික සමගම ලෝභ චෛතසිකයෙන් එකටම හට ගන්නවා ද ? ***
  8. නිවන් ලැබීමට සුදුසුකම් ලබන්නේ ත්‍රිහේතුක උප්පත්තියක් ඇති අයෙක් නිසා අවුරුදු හතළිහක් පනහක් වැනි කාලයක් දහමට අනුව ගතකල අයෙක් තම ජීවිතය ආවර්ජනා කල විට තමා ත්‍රිහේතුක කෙනෙක්දැයි හඳුනා ගත හැකි වෙනවා ද ? ***
  9. ස්ත්‍රී භාව රූප/පුරුෂ භාව රූප ශරීරයේ සෑම කොටසකම ඇත. වර්තමාන වෛද්‍ය විද්‍යාවේ දියුණුවත් සමඟ ශරීරවල කොටස් බද්ධ කරයි.  අපි හිතමු කාන්තාවකගේ වකුගඩුවක් පිරිමි පුද්ගලයෙක්ට බද්ධ කරනවා කියලා.  එවැනි අවස්ථාවක මේ භාව රූප පැහැදිලි කරගන්නේ කෙසේද ?  එම වකුගඩුව ස්ත්‍රිය සතුව තිබියදී ස්ත්‍රී භාව රූප ඇති වුවද, පුරුෂයකුට බද්ධ කල පසු පුරුෂ භාව රූප විය යුතුයි නොවේද ?  මෙය වන්නේ කෙසේද ? *** (වටිනා පැනයක් සහ වටිනා පැහැදිලි කිරීමකි.)
  10. ඉන්ද්‍රිය පරෝපරියප්ත ඥාණය නිසා ද බුදු කෙනෙක් බෝසත් කෙනෙකුට විවරණ දෙන්න හැකියාව තියෙන්නෙ ? ***
  11. පසුගිය දිනක ඇසූ දහම් පැනයකට පිළිතුර. ***
  12. මිනීමරුවන් වැනි අපරාධකරුවන්ට අයත් නාම රූප ධර්ම ක්‍රියාවලියක් තුලත් නිවන ඇති මුත් ඒවා කෙලෙස් ධර්ම වලින් වැසී ඇති බව නිවැරදි ද? *** (වටිනා පැනයක් සහ වටිනා පැහැදිලි කිරීමකි.)
  13. අපට ඕනෑම දෙයක් අරමුණු වෙනවා නම් එතන ශක්තිය ගොඩ නැගෙන්නේ කර්ම ශක්තියෙන් ද ? ***
  14. මාර්ග සිතේ නිවන අරමුණු කර ගන්නේ කෙසේ ද ? ***
  15. සමාලෝචනය සහ අවසානය. ***

සෙනසුරාදා සජීවී ධර්ම සාකච්ඡාව, සෑම සෙනසුරාදාම  ශ්‍රී ලංකා වේලාවෙන් පස්වරු 7.00 ආරම්භ කෙරෙනු ඇත. එම වැඩසටහනට සම්බන්ධ වීමට පළමුව Zoom App එක ඔබගේ පරිගණකයේ ස්ථාපිත කරගන්න. ඉන් පසු පහත Link එක Click කරන්න.


3 thoughts on “අභිධර්මයේ මූලික කරුණු අංක: 52 (ප්‍ර‍ත්‍ය විභාගය) 27-06-2026

  1. Dear Aruna
    For this latest session (ප්‍ර‍ත්‍ය විභාගය) above do you have the full video on YouTube or even audio uploaded to your website?
    Thank you.
    Theruwan Saranai!

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.