අභිධර්මයේ මූලික කරුණු අංක: 48 (ආකාශ ධාතුව සහ විඥප්ති රූප) 16-05-2026

අභිධර්මයේ මූලික කරුණු අංක: 48 (ආකාශ ධාතුව සහ විඥප්ති රූප) 16-05-2026

අභිධර්මයේ මූලික කරුණු අංක: 48 (ආකාශ ධාතුව සහ විඥප්ති රූප) 16-05-2026

අභිධර්මයේ මූලික කරුණු අංක: 48 (ආකාශ ධාතුව සහ විඥප්ති රූප) Saturday Dhamma Discussion  was conducted via Zoom on 16th May 2026 by Most Ven. Kukulpane Sudassi Thero.

This live Dhamma Discussion was later audio edited to remove unwanted noises and pauses and presented below as separate questions and answers to provide improved listening.

“ප්‍රායෝගික ජීවිතයෙහි ධර්මය ප්‍රගුණ කරන ආකාරය” යන තේමාව මුල්කරගෙන අති පූජනීය ආචාර්ය කුකුල්පනේ සුදස්සී ස්වාමින්වහන්සේ විසින් සිදුකරන සෙනසුරාදා සජීවී ධර්ම සාකච්ඡා පෙලේ දෙසිය පහළොස් වන ධර්ම දේශනාව සහ සාකච්ඡාව වර්ෂ 2026 මැයි මස 16 වන දින සිදුකරන ලදී.

මෙම දේශනා අති පූජනීය රේරුකානේ චන්දවිමල මහ තෙරුන් වහන්සේ විසින් රචිත “අභිධර්මයේ මූලික කරුණු” යන වටිනා ග්‍රන්ථය ඇසුරෙන් සිදු කෙරේ.

“අභිධර්මයේ මූලික කරුණු” ග්‍රන්ථයට මෙතැනින් පිවිසෙන්න: අභිධර්මයේ මූලික කරුණු.  එම වටිනා ග්‍රන්ථයේ මෙවර සාකච්ඡා කෙරුණු කොටසට මෙතනින් පිවිසෙන්න: ආකාශ ධාතුව

මෙවර ධර්ම දේශනාව තුලින් ආකාශ ධාතුව සහ විඥප්ති රූප පිළිබඳව වටිනා පැහැදිලි කෙරීමක් සිදු කෙරිණි.  එසේම මෙදින ධර්ම සාකච්ඡාවේ දී වටිනා පැන නැගුණු අතර ඒවා පිලිබඳව වටිනා පැහැදිලි කිරීම් සිදු කෙරිණි.


  1. ධර්ම දේශනාව: ආකාශ ධාතුව සහ විඥප්ති රූප පැහැදිලි කරන්න. **** (ආකාශ ධාතුව සහ විඥප්ති රූප පිළිබඳව වටිනා සහ ගැඹුරු පැහැදිලි කෙරීමක් මෙම දේශනාවේ ඇතුලත් වේ.)
  2. එක්තරා යෝගියෙක් සක්මන් භාවනාවෙන් සහ ධ්‍යානයන් ලැබීමෙන් පසුව අත්දුටු මෙම විශේෂ හැකියාවන් කායවිඥප්ති රූපයට සහ වාක්විඥප්ති රූපයට සම්බන්ධ වේද? **** (සතිය සහ සම්පජඤ්ඤය දියුණු වෙන විට අත්දැකීමට හැකි වෙන සුවිශේෂී අවස්ථා පිළිබඳ ඉතා වටිනා පැහැදිලි කිරීමකි.) 
  3. අපගේ ශරීරයේ කෙස් ගස්, කණ වැනි අපට චලනය කරන්නට බැරි කොටස් වලට කායවිඥප්ති රූපය සම්බන්ධ වෙනවා ද? ***
  4. වාක්විඥප්ති රූපය සහ ශබ්දය වැනි පරමාර්ථ රූපයන් අතර සම්බන්ධයක් තිබේ ද? ***
  5. ආකාශ ධාතුව අනිෂ්පන්න රුපයක් නැතහොත් පරිච්ඡේද සතර මහා භූතයන්ගේ අතුරු ඵලයක් ද? ***
  6. සක්මන් කිරීමේ දී සිත් ගොඩක එකතුවක් නම් එහිදී කායවිඥප්ති රූපයයි, චේතනා චෛතසිකයයි අතර කිනම් සම්බන්ධයක් ඇති ද? *** (වටිනා පැනයක් සහ පැහැදිලි කිරීමකි.)
  7. වාක්විඥප්ති රූපය තුල අතරමං වෙන ස්වභාවයක් තියෙන නිසා එය තේරුම් ගත යුත්තේ මේ ආකාරයට ද? **** (වටිනා පැනයක් සහ ඉතා වටිනා පැහැදිලි කිරීමකි.)
  8. ගමන් කිරීම වැනි ක්‍රියා ආරම්භ වීමට මුලික වන්නේ ජවන් සිත් ද? ජවන් සිත් වල වැඩියෙන් ක්‍රියාකාරී දෙයක් තිබෙනවා ද? *** (වටිනා පැහැදිලි කිරීමකි.)
  9. ඇතැම් දේවල් අපි පාලනය කර ගන්න දන්නේ නැහැ. ඒවා යම් ශරීර ශබ්දයන් නම් ඒ දේවල් ඇති වන්නේ කෙසේ ද? *** (වටිනා පැහැදිලි කිරීමකි.)
  10. වර්ණ, ගන්ධ, රස, ඕජා විදර්ශනා භාවනාවට යොදා ගත හැකි ද? ඒ කෙලෙසක ද? ***
  11. රට්ථපාල මහ රහතන් වහන්සේගේ ඇස් අන්ධ වූයේ කර්මයක් නිසා. මුලින් පෙනීම තිබී පසුව අන්ධ වේ. මේ සිද්ධිය නාම රූප ඇසුරෙන් පැහැදිලි කර දෙන්න. ***
  12. සක්මන් භාවනාව කරන කොට පය ඔසවනවා, ගෙනියනවා තබනවා යන පියවර තුන මෙනෙහි කරමින් ඇවිදිම කරන්න යන විට හෝ ආරම්භයේ මුල, මැද සහ අග ලෙස ඇදගෙන වැටෙන්න යනවා.  සාමාන්‍ය ලෙස ඇවිදින විට එසේ නොවෙයි. මෙම තත්වය මගහරවා ගන්නේ කෙසේද? *** (වටිනා පැහැදිලි කිරීමකි.)
  13. අනිච්චානුග ක්‍රියා වලදී (ඇස් පිල්ලම් ගැසීම, කිවිසුම් යාම වැනි) චිත්තජ වායෝ ධාතුවේ සහ කාය විඥප්තියේ බලපෑම කෙසේද? ***
  14. රූපයේ දිරාපත් වීම සිදු වන්නේ මෙසේ ද? ***
  15. කායවිඥප්ති රූප මුළු ශරීරය පුරාම හට ගන්නවා ද? වාක්විඥප්තියටත් එය සාධාරණ ද? ***
  16. ඇතැම් ප්‍රධාන ස්නායු පද්ධතියේ රෝගී තත්වයන් ඇති ලෙඩෙකුට වචනය දැන ගත්තත් ශබ්ද කර කියන්න බැහැ.  ඒ කාය විඥප්තියේ සිදු වන්නේ කුමක් ද? ***
  17. කායවිඥප්තිය සහ වාක්විඥප්තිය මම සරලව තේරුම් ගෙන ඉන්නේ මෙලෙසයි. වාක්විඥප්තියෙදී වචන කථා කරන විට වචන වල ශබ්ද වෙනස් වන්නේ පඨවි ධාතුවේ වෙනසකින් ද? ***
  18. බිය වගේ දෙයක් දැනුනාම ඇඟේ හිරිගඩු ඇති වීම වගේම ලෝම කෙලින් වීම, කාය විඤ්ඤප්තියට ගැලපෙන්නේ කෙසේ ද? ***
  19. නාම රූප විදර්ශනා භාවනාවේ දී නාම රූප වල ක්‍රියාකාරීත්වය බලා සිටින විට ඒ දෙස බලා සිටින මම කියල කෙනෙක් ඉන්න බව වැටහුණු විට එතනින් එය දකින මම ඉවත් කර ගෙන සක්කාය දිට්ඨිය දුරු කරන්නේ කෙසේද? ***
  20. ආනාපානසති භාවනාවේ පියවර මොනවාද?  නාසිකාග්‍රයට හිත තබා ඊට පසුව හුස්ම රැල්ලේ දිග කොට බව බලමි. ඊට පසුව සිතට එන සිතුවිලිවල අනිත්‍යතාවය බලමි. මෙය නිවැරදිද? තවදුරටත් ආනාපානසති භාවනාව පහදා දෙන්න. ***
  21. සතිය හා සති සම්පජඤ්ඤය අතර ඇති වෙනස පහදා දෙන්න.
  22. පංචස්කන්ධය තුල එන වේදනා, සංඥා ස්කන්ධ දෙක මනසේ ක්‍රියාවන් ය. චේතනා, විඥාන ස්කන්ධ දෙක සිත ක්‍රියාවක් යැයි සමහර විදර්ශනා අවස්ථා වලදී දැනේ.  මෙය මුලාවක් ද? ***
  23. භාවනාවට ඇති කැමැත්ත වැඩි කරගන්නේ කෙසේද? ***
  24. කරජ කාය යනු කුමක්ද?
  25. කැඳ වගේ ආහාර සකස් කරන විට මා පුරුද්දක් විදියට එය ආහාරයට ගන්නා මගේ ස්වාමිපුරුෂයාගේ සහ දරුවන්ගේ කායික පීඩා, මානසික පීඩා දුරුවේවා කියා ප්‍රර්ථනා කරමින් ආහාර පිසිනවා.  එය සුදුසු ද? *** (වටිනා පැනයක් සහ වටිනා පැහැදිලි කිරීමකි.)
  26. දෙමාපියන් දෘෂ්ටික යනු වී ඇති විට (උදාහරණයක් ලෙස පියා ගෙදර පැමිණ මත වතුර පානය කරනෙම් දැයි අසු විට) දරුවෙකු වශයෙන් ලබා දෙන පිළිතුර කුමක් ද? ***
  27. සමාලෝචනය සහ අවසානය.

සෙනසුරාදා සජීවී ධර්ම සාකච්ඡාව, සෑම සෙනසුරාදාම  ශ්‍රී ලංකා වේලාවෙන් පස්වරු 7.00 ආරම්භ කෙරෙනු ඇත. එම වැඩසටහනට සම්බන්ධ වීමට පළමුව Zoom App එක ඔබගේ පරිගණකයේ ස්ථාපිත කරගන්න. ඉන් පසු පහත Link එක Click කරන්න.


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.