
අති පූජනීය ආචාර්ය කුකුල්පනේ සුදස්සී ස්වාමින්වහන්සේ
The series on Saturday Dhamma Discussion was continued in 2026 due to its popularity. Saturday Dhamma Discussion was started by Most Ven. Kukulpane Sudassi Thero in January 2021.
“ප්‍රායෝගික ජීවිතයෙහි ධර්මය ප්‍රගුණ කරන ආකාරය” යන තේමාව මුල්කරගෙන පවත්වන සජීවී ධර්ම සාකච්ඡා පෙළක් Zoom තාක්ෂණය උපයෝගී කරගනිමින් ආචාර්ය පූජනීය කුකුල්පනේ සුදස්සී ස්වාමීන් වහන්සේ විසින් වර්ෂ 2021 ජනවාරි මාසයේදී ආරම්භ කරන ලදී. එම සාර්ථක වැඩසටහන් මාලාව වර්ෂ 2026 දී ද වටිනා ප්‍රායෝගික මාතෘකා අනුව සිදු කෙරිණි.
මෙම සජීවී ධර්ම සාකච්ඡාව සෑම සෙනසුරාදා දිනකම ශ්‍රී ලංකාවේ වේලාවෙන් රාත්‍රී 7.00 සිට රාත්‍රී 9.00 දක්වා සිංහල භාෂා මාධ්‍යයෙන් පැවැත්වේ. එම සජීවී වැඩසටහනට සහභාගී වීමට පළමුවෙන් zoom ඔබගේ පරිගණකයේ හෝ ඔබගේ ස්මාර්ට් ජංගම දුරකථනයේ ස්ථාපිත කරගන්න. ඉන්පසු ඔබට පහත සඳහන් යොමුවෙන් වැඩ සටහනට සජීවී ලෙස සම්බන්ධ වීමට පුළුවන.
https://us02web.zoom.us/j/4457486152?pwd=VExxT3RyQndMQXBtdGROR2pJWnJvdz09
Meeting ID: 4457486152
Passcode: Dhamma.
🙏 සහභාගී වන පින්වතුන්ගෙන් කෙරෙනා කාරුණික ඉල්ලීමකි:
කරුණාකර ස්වාමින්වහන්සේ ධර්ම දේශනාවේදී හෝ ධර්ම සාකච්චාවේ හෝ යෙදී සිටින විට ඔබගේ මයික්‍රෝෆෝනය සක්‍රීය කර ආමන්ත්‍රණය කිරීමෙන් වැළකෙන්න. ඔබට දහම් පැනයක් ඇසීමට අවශ්‍ය විටදී zoom තාක්‍ෂණය වෙතින් අත ඔසවා ඒ බව දන්වන්න. අනෙක් සෑම අවස්ථාවකදීම ඔබගේ මයික්‍රෝෆෝනය අක්‍රීයව තබා ගන්න.🙏
පසුගිය පටිගත කිරීම් වල ශබ්ද සංස්කරණය කල හඬපට වලට යොමුවන් පහතින් දැක්වේ. මෙහි ඇති විශේෂත්වය නම් එම පැය 2කට වඩා දිගු වන ධර්ම සාකච්චා, අසන්නන්ගේ පහසුව පිණිස එකිනෙක ප්‍රශ්න හා පිළිතුරු වශයෙන් වෙන් කරමින් ඉදිරිපත් කර තිබීමයි.
පහත දැක්වෙන යොමුවන් මත click කිරීමෙන් එම වෙබ් පිටු වලට ලඟාවිය හැක.
- අභිධර්මයේ මූලික කරුණු අංක: 37 – “භූත රූප”– සෙනසුරාදා සජීවී ධර්ම සාකච්ඡාව අංක: 203
වර්ෂ 2025 දී සිදුකල සෙනසුරාදා ධර්ම දේශනා සහ සාකචිඡා වල අන්තර්ජාල යොමුවන් ඇති ප්‍රධාන පිටුවට පහත ඇති යොමුවෙන් පිවිසෙන්න.