ප්‍රතිවිරුද්ධ කුසල කර්ම – Saturday Dhamma Discussion – 76 (20-08-2022)

සෙනසුරාදා ධර්ම සාකච්ඡාව – අංක: 76 (අකුසල විපාක යටපත් කරන ක්‍රම – ලෝණඵල සූත්‍රය) 20-08-2022

ප්‍රතිවිරුද්ධ කුසල කර්ම – Saturday Dhamma Discussion – 76 was conducted on 20 August 2022 by Most Ven. Kukulpane Sudassi Thero. Saturday Dhamma Discussion – 76 is audio edited to remove unwanted noises and pauses and is presented below as separate questions and answers to provide better listening.

“ප්‍රායෝගික ජීවිතයෙහි ධර්මය ප්‍රගුණ කරන ආකාරය” යන තේමාව මුල්කරගෙන අති පූජනීය කුකුල්පනේ සුදස්සී ස්වාමින්වහන්සේ විසින් සිදුකරන සෙනසුරාදා සජීවී ධර්ම සාකච්ඡා පෙලේ හැත්තෑ හයවන ධර්ම දේශනාව සහ සාකච්ඡාව වර්ෂ 2022 අගෝස්තු මස 20 වන දින සිදුකරන ලදී.

ගෞරවනීය ස්වාමින්වහන්සේ මෙවර සජීවී ධර්ම සාකච්ඡා වැඩසටහනේ දී අප විසින් ශීල, කාය, චිත්ත සහ ප්‍රඥා භාවනා දියුණු කරනා අතරතුර අකුසල කර්ම යටපත් කරන හෝ වලක්වා ගත හැකි උපාය මාර්ග පහක් බුද්ධ දේශනාව ඇසුරු කොට පෙන්වා දුන් සේක. 

එහි පළමු උපාය මාර්ගය වන අකුසල කර්ම යටපත් කිරීමට ඒවාට ප්‍රතිවිරුද්ධ කුසල කර්ම සිදුකරනා ආකාරය පිළිබඳව සවිස්තරාත්මකව පැහැදිලි කල සේක.  එමෙන්ම මෙවර ධර්ම සාකච්ඡාවේ ඉදිරිපත් කල සියළුම ප්‍රශ්න සහ පිළිතුරු ඉතා ප්‍රායෝගික වැදගත් කමකින් යුතු ඒවා වේ.

ත්‍රිපිටකයේ එම ලෝණඵල සූත්‍රය මෙතනින් කියවන්න: ලෝණඵල සූත්‍රය.


  1. අකුසල කර්ම යටපත් කරන හෝ වලක්වා ගත හැකි උපාය මාර්ග පහ හඳුන්වා දී එහි පළමු කරුණ වන ප්‍රතිවිරුද්ධ කුසල කර්ම සිදුකරනා ආකාරය පිළිබඳව සවිස්තරාත්මකව පැහැදිලි කරන්න. *** (අප සියළු දෙනාට ඉතා ප්‍රයෝජනවත් දේශනාවකි.  අපගේ එදිනෙදා ජීවිතයේදී ප්‍රතිවිරුද්ධ කුසල කර්ම සිදුකල හැකි අනේකවිධ ආකාරයන් රැසක් මෙහිදී පැහැදිලි කෙරේ.)
  2. ලෙඩරෝග වලින් වැලකීමට අභයදාන කුසල කර්ම සිදුකිරීම යනාදිය ප්‍රමාණවත් වේද?. *** (අභයදාන කුසල කර්මයකට වඩා සත්ව හිංසනයෙන් වැලකීම, එවැනි සත්වයින් එයින් මුදවීම යනාදී කර්මයන් සහ තමන්ට මතුවී ඇති රෝගයට සමාන රෝගීන්ට ප්‍රතිකාර සහ සහන සැලසීමේ ඵලදායී බව මෙහිදී පහදා දේ.)
  3. අකුසලයකින් ගැලවීමට මෙම කුසලය කලයුතුයි යනුවෙන ඇතිවෙන කුසල තෘෂ්ණාව නැතිකර ගැනීමට ශ්‍රද්ධාව උපකාර වේද? *** (සත්පුරුෂ මානුෂීය/ආධ්‍යාත්මික ආකල්පයේ ඇති වටිනාකම සමග එකතු වූ ආකාරවතී ශ්‍රද්ධාවේ වටිනාකම මෙහිදී පැහැදිලි කෙරේ.)
  4. රෝගියෙකු දුක් නොවිඳවා මැරීම (Euthanasia) සිදුකිරීමට සිදුවූ වෛද්‍ය වරියකට ඒ ආකාරයෙන් මරණයක් සිදුකිරීම ගැන ඇතිවන පසු තැවීම පිළිබඳව දැන් කලයුතු කාර්ය කුමක් වේද? **** (වෛද්‍ය විද්‍යාවේ ඉගැන්වෙන දැනුම සහ නියමාකාර ප්‍රඥාවේ වෙනසත්, තමන් අතින් සිදුවූ අකුසල ගැන නැවත නැවතත් සිතීමෙන් එම අකුසල් තව දුරටත් ශක්තිමත් වෙන ආකාරයත් සහ එයින් අත්මිදෙන ආකාරයත් පැහැදිලි කෙරෙන මෙම පිළිතුර ඉතා වටිනා වේ.)
  5. කුසලයක් කිරීමේදී එයින් ඇතිවෙන යහපත් ඵලය පිලිබඳ වැටහීමක් ඇතිකර ගතයුතු නොවේද? *** (ඉහත අංක 03 සහ 04 ට සම්බන්ධ ඉතා වටිනා පිළිතුරකි. යහපතක් වෙනවා යන වැටහීම සහ යහපතක් වීම අතර ඇති වැදගත් වෙනසක් ද මෙහිදී මනාව පැහැදිලි කෙරේ.)
  6. ප්‍රතිවිරුද්ධ කුසලයන් සිදු කිරීමට යාමේදී මුල් අකුසලය සිහි වී එම අකුසලය පෝෂණය විය හැකි නොවේද? *** 
  7. ඉහත සඳහන් වෛද්‍ය තුමියගේ සිද්ධිය කර්මයේ අනුසය, වීතික්කම සහ පරිඋට්ඨාන අනුව පැහැදිලි කරන්න. *** (ද්වේශයේ විවිධ පැතිකඩ පහද දෙන වටිනා පැහැදිලි කිරීමකි.)
  8. ‘වැළකීමෙන්’ සිදුවන කුසලය ‘කිරීමෙන්’ සිදුවන කුසලයට වඩා අපහසු වේද?
  9. මානසික රෝග ඇතිවෙන අකුසල් සහ එයින් මිදීමට කලයුතු ප්‍රතිවිරුද්ධ කුසලයන් පැහැදිලි කරන්න. ***
  10. යුධ භටයෙකුගේ අවසාන අවස්ථාවේදී මරණයට මුහුණ දීමට බිරිඳ උදව් කල ආකාරය. ***
  11. වෛද්‍ය තුමියගේ සිදුවීම පිළිබඳව ඇය විසින් තව දුරටත් කරුණු පහදා දීම.
  12. බිත්තර කැඩීමේදී ප්‍රාණඝාත අකුසලයක් වෙනවාද?
  13. කුසලයක යහපත දැනගෙන කිරීම දෘෂ්ටිගත වීමක්ද?
  14. තම දෙමාපියන්ව දුක් නොවිඳවා මැරීම (Euthanasia) තුලින් දරුවන්ට ආනන්තරිය පාප කර්මයක් සිදුවන්නේද? *** (වර්තමානයේදී දරුවන් දැනුවත්වී සිටිය යුතු ඉතා වැදගත් කාරණයකි.)
  15. සත්වයෙක් තවත් සතෙකුගෙන් බේරාගැනීමේදී අකුසලයක් සිදුවන්නේද?
  16. කෙනෙකුට මරණ දඬුවම නියම කරන විනිසුරු වරයාට සහ එය ක්‍රියාත්මක කරන අලුගෝසුවාට එයින් අකුසලයක් සිදුවෙනවද? ***
  17. අවසානය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.