Saturday Dhamma Discussion – 64 was conducted on 21 May 2022 by Most Ven. Kukulpane Sudassi Thero. Saturday Saturday Dhamma Discussion – 64 is audio edited to remove unwanted noises and pauses and is presented below as separate questions and answers to provide better listening.
“ප්‍රායෝගික ජීවිතයෙහි ධර්මය ප්‍රගුණ කරන ආකාරය” යන තේමාව මුල්කරගෙන අති පූජනීය කුකුල්පනේ සුදස්සී ස්වාමින්වහන්සේ විසින් සිදුකරන සෙනසුරාදා සජීවී ධර්ම සාකච්ඡා පෙලේ හැට හතරවන ධර්ම දේශනාව සහ සාකච්ඡාව වර්ෂ 2022 මැයි මස 21 වන දින සිදුකරන ලදී.
මෙවර ධර්ම සාකච්ඡාවේදීද අනුරුද්ධ සූත්‍රයේ හත්වන මහා පුරුෂ විතර්කය වන “මේ ධර්මය, ප්‍රඥාවන්තයා හට ය, මේ ධර්මය, අඥානයා හට නොවේ.” යන කරුණ පිළිබඳව තවදුරටත් පැහැදිලි කරන ලදී. මෙදින දේශනාවේදී ප්‍රඥා පාරමිතාවේ ප්රත්යවේක්ෂා ක්‍රමය පැහැදිලි කරන ලදී.
ත්‍රිපිටකයේ එම අනුරුද්ධ සූත්‍රය මෙතනින් කියවන්න: අනුරුද්ධ සූත්‍රය.
- ප්‍රඥා පාරමිතාවේ ප්රත්යවේක්ෂා ක්‍රමය පැහැදිලි කරන්න. *** (ආත්ම මුලික, මනුෂීය සහ අධ්‍යාත්මික පදනම කුමක්දැයි විස්තරයක්ද මෙහි ඇතුලත් වේ. එමෙන්ම අධ්‍යාත්මික මට්ටමට මනස අවධි කරගන්නා ආකාරය පැහැදිලි කරමින් ගෞරවනීය කුකුල්පනේ සුදස්සී ස්වාමින්වහන්සේ අනුරාධපුරයේදී සිදුකල දේශනාවේ MP3 හඬපටය මෙම වෙබ් පිටුවෙන් ශ්‍රවණය කරන්න. වීඩියෝ පටය 2GB වලට වඩා විශාල වේ: මනුෂ්‍යත්වයෙන් ආධ්‍යාත්මික ප්‍රවේශයක් කරා ආධ්‍යාත්මික බලමුළුව අනුරාධපුර (01-02-2020)
- අනුරාධපුර මැයි 26 සහ මැයි 27 දිනවල සිදු කෙරෙන පිංකම පිළිබඳව විස්තරයක්. ***
- ශ්‍රී ලංකාවේ වර්ථමාන කාලය ප්‍රඥා, ශාන්ති සහ උපේඛා පාරමිතාවන් දියුණු කිරීමට ඉතා හොඳ කාලයක් නොවේද? *** (ගැටෙනා සහ වෛරී ස්වභාවයන් වෙනුවට ප්‍රඥා, ශාන්ති සහ උපේඛා පාරමිතාවන් දියුණු කරනා ආකාරයට වර්ථමානය හසුරුවා ගන්නා සහ පුහුණු කරනා ආකාරය පිලිබඳව වටිනා පැහැදිලි කිරීමකි.)
- ජීවිතයේ බෙහෙවින් කැමති දේ පිළිබඳව කැමැත්ත අඩුවීම ප්‍රඥාවෙන් ඇතිවන දෙයක්දැයි පැහැදිළිව දැනගන්නේ කෙසේද? *** (ප්‍රත්‍ය වේක්ෂාව පිලිබඳ වටිනා පැනයක් සහ පිළිතුරකි.)
- ඒකාග්‍රතාව තුලින් සහ ප්‍රඥාව තුලින් ඇතිවන උපේක්ෂාවන් අතර වෙනස පැහැදිලි කරන්න. *** (දහම් මග ප්‍රගුණ කරනා අයට වටිනා පිළිතුරකි.)
- අනුරාධපුරයේ පූජාව සිදුවන විට එහි වීඩියෝ දර්ශන ඉදිරිපත් කරනවාද?
- ප්රඥප්ති තුලින් ප්‍රඥාව අවධි කල හැකිද?
- බෝධිසත්වයන් උපේක්ඛා පාරමිතාව දියුණු කරන්නේ කෙසේද? ***
- සීල, සමාධි, ප්‍රඥාද නැතහොත් වඩා නිවැරදි ආකාරයෙන් ප්‍රඥා, සීල සමාධි විය යුතුද? ***
- අවසානය.
- සෙනසුරාදා සජීවී ධර්ම සාකච්ඡාව, සෑම සෙනසුරාදාම ශ්‍රී ලංකා වේලාවෙන් පස්වරු 7.00 ආරම්භ කෙරෙනු ඇත. එම වැඩසටහනට සම්බන්ධ වීමට පළමුව Zoom App එක ඔබගේ පරිගණ කයේ ස්ථාපිත කරගන්න. ඉන් පසු පහත Link එක Click කරන්න.
https://us02web.zoom.us/j/4457486152?pwd=VExxT3RyQndMQXBtdGROR2pJWnJvdz09
Meeting ID: 4457486152
Passcode: Dhamma. - මෙම ( ප්‍රඥාව 09 – අනුරුද්ධ සූත්‍රය: 17) ධර්ම සාකච්චාවේ වීඩියෝව නැරඹීමට මෙතන click කරන්න.
- පසුගිය සජීවී ධර්ම සාකච්චා වල වෙබ් යොමුවන් ඇති ප්‍රධාන පිටුවට පිවිසීමට මෙතන click කරන්න.
- Dhamma Yathra දහම් සංසදයට එක්වීමට.