Saturday Dhamma Discussion – 55 (19-02-2022)

Saturday Dhamma Discussion – 55 was conducted on 19 February 2022 by Most Ven. Kukulpane Sudassi Thero. Saturday Saturday Dhamma Discussion – 55 is audio edited to remove unwanted noises and pauses and is presented below as separate questions and answers to provide better listening.  Ven. Anuradhapura Anuruddha Thero also joined to facilitate the discussion.

“ප්‍රායෝගික ජීවිතයෙහි ධර්මය ප්‍රගුණ කරන ආකාරය” යන තේමාව මුල්කරගෙන අති පූජනීය කුකුල්පනේ සුදස්සී ස්වාමින්වහන්සේ විසින් සිදුකරන සෙනසුරාදා සජීවී ධර්ම සාකච්ඡා පෙලේ පනස් පස් වන ධර්ම සාකච්ඡාව වර්ෂ 2022 පෙබරවාරි මස 19 වන දින සිදුකරන ලදී.

මෙවර ධර්ම සාකච්ඡාවේ දී අනුරුද්ධ සූත්‍රයේ හයවන මහා පුරුෂ විතර්‍කය වන “මේ ධර්මය එකඟ වූ සිත් ඇත්තහුට ය, මේ ධර්මය අසමාහිත සිත් ඇත්තහුට නො වේ” යන කරුණ පැහැදිලි කරන ලදී.  මෙම මහා පුරුෂ විතර්‍කයට ‘නිවන් මගට එකග්ගතාව, සමාධිය සහ ධ්‍යානය’ යන තේමාවෙන් ප්‍රවිෂ්ට වෙන ලදී.

ත්‍රිපිටකයේ එම අනුරුද්ධ සූත්‍රය මෙතනින් කියවන්න: අනුරුද්‌ධ සූත්‍රය.

ගෞරවනීය ස්වාමින්වහන්සේ වර්ෂ 2013 දී අනුරුද්ධ සූත්‍රය ඇසුරු කරගෙන සිදුකල දීර්ඝ දේශනා මාලාවට මෙතනින් පිවිසෙන්න: Anuruddha Sutta –අනුරුද්ධ සූත්‍රය 2013.


  1. අනුරුද්ධ සූත්‍රයේ හයවන මහා පුරුෂ විතර්‍කය වන “මේ ධර්මය එකඟ සිත් ඇත්තහුට ය, මේ ධර්මය අසමාහිත සිත් ඇත්තහුට නො වේ” පිළිබඳව පැහැදිලි කරන්න.  ***
    (a). ඉහත ධර්ම දේශනාවේදී සඳහන් කෙරෙන නීවරණ පිළිබඳව වැඩි දුරටත් කරුණු සඳහන් වෙන පසුගිය සෙනසුරාදා සජීවී ධර්ම සාකච්ඡා පෙලේ වෙබ් පිටුවට පහත දක්වා ඇති යොමුවෙන් පිවිසෙන්න.  නීවරණ පිළිබඳව දේශනා ඇතුලත් වන්නේ අංක 22 සිට 25 දක්වා වේ. Saturday Dhamma Discussion. 
    (b). ඉහත ධර්ම දේශනාවේදී සඳහන් කෙරෙන මහාචත්තාරීසක සූත්‍රය ත්‍රිපිටකයෙන් කියවීමට අවශ්‍ය නම් මෙම වෙබ් යොමුව භාවිතා කරන්න: මහාචත්තාරීසක සූත්‍රය. 
  2. ධ්‍යාන හෝ උපචාර සමාධියට හෝ පෙර ලඟා කරගත හැකි පරිකර්ම සමාධිය, ආනාපානසතිය තුලින් වඩනා ආකාරයක්. ***
  3. දානයක්, ශීලයක් තුලින් ඇතිකරගන්නා ඛණික සමාධිය උපචාර මට්ටමට දියුණු කර එය නැවත නැවතත් දියුණු කිරීම කරන්නේ කෙසේද? ***
    (
    ගරු ස්වාමින්වහන්සේගේ පිළිතුර ඉතා වැදගත් වේ.
  4. ධ්‍යාන වලින් ලබන උපේක්ෂාවේත්, සංඛාර උපේක්ෂාවේත් අතර ඇති වෙනස පැහැදිලි කර දෙන්න.  ***
  5. මෛත්‍රී භාවනාව පුද්ගල කොටස් වශයෙන් පැතිරවීම සිදුකිරීමට සිදුවෙන නිසා එවිට ඒකාග්‍රතාවය ඇති කරගන්නේ කෙසේද? ***
  6. නිදා ගැනීමට පෙර කරනා මෙම ක්‍රමය නිවැරදිද සහ එය දියුණු කරගන්නා ආකාරය පැහැදිලි කරන්න.
  7. සිව්වෙනි ධ්‍යාන මට්ටමේ අප උපේක්ෂා ඒකාග්‍රතාවයෙන් සිටින විට වෙනත් ඥානයන් ලබා ගන්නේ කෙසේද?  ***
    (
    ගරු ස්වාමින්වහන්සේගේ පිළිතුර ඉතා වැදගත් වේ.)
  8. භාවනා කිරීමට අපහසු අයෙක් දස අකුසල් වලින් වැලකී සිටීනම් ඔහු සෝවාන් මාර්ගයට අවතීර්ණ වූ කෙනෙකු ලෙස සැලකිය හැකි ද? ***
    (
    භාවනාව පිලිබඳ වටිනා අර්ථ දැක්වීමක් ඇතුලත් ඉතා වටිනා පිළිතුරකි.)
  9. චිත්ත ඒකාග්‍රතාවය ඇතිකර ගැනීමෙන් සිතේ විවිධ සිතුවිලි ඇතිවීම තාවකාලිකව හෝ නවත්වා ගත හැකිද?  ***
  10. පිම්බීම හැකිලීමේ සාර්ථක බව.
  11. බුද්ධානුස්සතිය වඩන කෙනෙක් ඒකාග්‍රතාවය වැඩෙන තෙක් ආනාපානසතිය වැඩීම සුදුසුද?
  12. ආනාපානසතිය වැඩීමට අපහසු වෙන විට මා ගැන කෝපයක් ඇති වෙනවා. ඒ ගැන කුමක් කල යුතුද? ***
  13. පිංකම් කිරීමේදී එයට අකමැති සහකරුට සඟවා කිරීම සුදුසුද?
  14. ධ්‍යාන දක්වා භාවනාව වැඩීමේදී පංච ශීලයට අමතරව වැඩිය යුතු ශීලයක් තිබේද? ***
  15. සංඛාර උපේක්ෂාවේදී අප දකින්නේ හේතු ඵල වශයෙන් දැකීමද? ***
  16. භාවනාවේදී සිත එක්තැන් කර ගැනීමට ගන්නා මෙම උපක්‍රම නිවැරදිද? ***
  17. දහම් මග වැරදි ආකාරයට අල්ලා ගැනීමෙන් ඇතිවෙන තත්වයන් සහ ඒ සඳහා ගතයුතු ක්‍රියා මාර්ගයන්. ***  (ඉතා කාලීන වටිනා කමක් ඇති සාකච්ඡාවකි.) 
  18. අප කරන මේ ආජීවය සම්මා ආජීවයක් කරගන්නේ කෙසේද? ***
  19. අවසානය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.