Saturday Dhamma Discussion – 43 (06-11-2021)

සෙනසුරාදා සජීවී ධර්ම සාකච්ඡාව – අංක: 43 (චිත්තොපක්ලෙශ ධර්ම – 06)

Saturday Dhamma Discussion – 43 was conducted on 06 November 2021 by Most Ven. Kukulpane Sudassi Thero. Saturday Saturday Dhamma Discussion – 43 is audio edited to remove unwanted noises and pauses and is presented below as separate questions and answers to provide better listening.

“ප්‍රායෝගික ජීවිතයෙහි ධර්මය ප්‍රගුණ කරන ආකාරය” යන තේමාව මුල්කරගෙන අති පූජනීය කුකුල්පනේ සුදස්සී ස්වාමින්වහන්සේ විසින් සිදුකරන සෙනසුරාදා සජීවී ධර්ම සාකච්ඡා පෙලේ හතලිස් තුන්වන ධර්ම සාකච්ඡාව වර්ෂ 2021 නොවැම්බර් මස 06 දින සිදුකරන ලදී.

මෙවර ධර්ම සාකච්ඡාව චිත්තොපක්ලෙශ ධර්ම වල ථම්භය (තදබව) සහ සාරම්භය (එකට වැඩියෙන් එකක් කිරීම) පාදක කරගෙන සිදුකරනු ලැබීනි.


  1. චිත්තොපක්ලෙශ ධර්ම වල ථම්භය (තදබව) සහ සාරම්භය (එකට වැඩියෙන් එකක් කිරීම) පහදා ඒවා දුරුකරන ආකාරය පැහැදිලි කරන්න. ***
  2. මාද්‍ය පානය සහ දුම් පානයෙන් බැහැරවූ කෙනෙකු දිගු කලක් සමාජයේ සම්බන්ධතා පවත්වන විට දිස්වෙන තද බවක් වැනි ස්වභාවය සහ ඒ තුලින් ඇතිවන සමාජ පීඩා දහමට අනුව පහදා දෙන්න. *** (සෘජු ගුණය හැසිරවීම පිලිබඳ ඉතා වටිනා පැහැදිලි කිරීමකි.)
  3. ‘පිනා යන්නේ පිනයි’ යනුවෙන් පින අර්ථ දැක්වීම නිවැරදිද? ***
  4. නිවසේදී භික්ෂුන් වඩම්මා දානයන් දෙන විට මාද්‍ය පානය නිසා ඇතිවෙන තත්වය වලක්වා ගැනීමට පන්සල වෙත දානය ගෙනගොස් පිරිනැමීම සුදුසුද? ***
  5. මාද්‍ය පානය සහ අකුසල කර්ම සිදුවෙන ප්‍රිය සම්භාෂණ වලට සහභාගී නොවීම ගැන ඇතිවෙන සිතුවිලි ඇතිවන්නේ වංචක ධර්මයන් නිසාද?  *** (සමථ සහ විපස්සනා ක්‍රම අනුව සිදු කෙරෙන වටිනා පිළිතුරකි.)
  6. කුසල ක්‍රියාවක් සිදුකර ඒ තුලින් තම දරුවන් වෙත යහපත් ප්‍රාර්ථනාවක් ලෝභ සිතුවිල්ලකින් තොරව සිදුකරන්නේ කෙසේද?  ***
  7. අපතුල හටගන්නා චිත්තොපක්ලෙශ කෙටි කාලීනව නැති කිරීම පාරමී ගුණයක් ලෙස පුරුදු කිරීම ඊළඟ භවයට කෙසේ බලපෑමක් කරනු ඇත්තද?  ***
  8. මොලය මියගිය කෙනෙකුගේ අවයවයක් ඉවත්කර වෙන කෙනෙකුට බද්ධ කිරීමෙන් පාපයක් සිදුවෙනවා නේද? *** (වටිනා සහ කාලීන වැදගත්කමක් ඇති පිළිතුරකි.)
  9. දේශපාලනය හා වැඩ වර්ජනය කරන භික්ෂුන් නිසා ගිහියන් අකුසල් රැස් නොකර ගෙන ගැලවෙන්නේ කෙසේද?  *** (කාලීන වැදගත්කමක් ඇති පැනයක් සහ වටිනා පිළිතුරකි.)
  10. තදබල රෝගාතුර වීම නිසා දානයක් අතපසුවීම නිසා අකුසලයක් සිදුවිය හැකිද?
  11. දැන් කාලයේ පන්සලේ මාසික දානය දෙන විට ස්වාමීන්වහන්සේලාට පිළිගැන්වීමට නොලැබෙන නිසා සිත් පැහැදීම ඇති නොවන බවට කුමක් කල යුතුද?
  12. බුදුගුණ දැක්වෙන මෙම ගාථාවේ අදහස පැහැදිලි කරන්න.
  13. ශුද්ධ විදර්ශනාව යනු කුමක්ද?
  14. ධර්ම සාකච්චාවට පැන යොමුකළ යුත්තේ කෙසේදැයි පිළිබඳව ගරු ස්වාමින්වහන්සේ දුන් අවවාදය. *** (“ප්‍රායෝගික ජීවිතයෙහි ධර්මය ප්‍රගුණ කරන ආකාරය” යන තේමාවට අනුගතව ප්‍රශ්න යොමුකිරීමේ වැදගත්කම මෙහිදී පැහැදිලි වේ.)
  15. කටින චීවරය පුජා කරන අවස්ථාවේ ආනිසංස සිහිකරන්නේ කෙසේද?
  16. අවසානය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.