Saturday Dhamma Discussion – 41(23-10-2021)

සෙනසුරාදා සජීවී ධර්ම සාකච්ඡාව – අංක: 41 (චිත්තොපක්ලෙශ ධර්ම – 04)

Saturday Dhamma Discussion – 41 was conducted on 23 October 2021 by Most Ven. Kukulpane Sudassi Thero. Saturday Saturday Dhamma Discussion – 41 is audio edited to remove unwanted noises and pauses and is presented below as separate questions and answers to provide better listening.

“ප්‍රායෝගික ජීවිතයෙහි ධර්මය ප්‍රගුණ කරන ආකාරය” යන තේමාව මුල්කරගෙන අති පූජනීය කුකුල්පනේ සුදස්සී ස්වාමින්වහන්සේ විසින් සිදුකරන සෙනසුරාදා සජීවී ධර්ම සාකච්ඡා පෙලේ හතලිස් එක් වන ධර්ම සාකච්ඡාව වර්ෂ 2021 ඔක්තෝබර් මස 23 දින සිදුකරන ලදී.

මෙවර ධර්ම සාකච්ඡාව චිත්තොපක්ලෙශ ධර්ම වල ඊර්ෂ්‍යාව සහ මසුරුකම පාදක කරගෙන සිදුකරනු ලැබීනි.


  1. චිත්තොපක්ලෙශ ධර්ම වල ඊර්ෂ්‍යාව සහ මසුරුකම පහදා ඒවා දුරුකරන ආකාරය පැහැදිලි කරන්න.***
  2. අංගුත්තර නිකායේ දානමහප්ඵල සුත්‍රයට අනුව චිත්තපරිෂ්කාරය සහ චිත්තාලංකාරය අනුව දානය දෙන්නේ කෙසේදැයි පැහැදිලි කරන්න. *** (ඇතැම් කෙනෙකුගේ දානය මහත් ඵල නොවීමටත් ඇතැම් අයකුගේ දානය මහත් ඵල වීමටත් හේතුවන කරුණු මෙහිදී මනාව පැහැදිලි කෙරේ. දානමහප්ඵල සුත්‍රය ත්‍රිපිටකයෙන් මෙතනින් කියවන්න.)
  3. සම්පප්ප්‍රලාප (හිස් වචන) කීම බරපතල අකුසලයක්දැයි පැහැදිලි කරන්න. ***
  4. නිසි සුදුසුකම් නොමැති අයෙක් තනතුරු වලට පත්වීමේදී අප කෙසේ ක්‍රියාකළ යුතුද? *** (වර්ථමානයේ සිදුවෙන අවස්ථාවක් පිලිබඳ වූ කාලීන පැනයක් සහ පිළිතුරකි.
  5. සෝමනස්ස සහගත ඥාන සම්ප්‍රයුක්ත සිතකින් දුන් දානයක් නැවත නැවතත් සිහි කිරීමේදී මුලදී ඇතිවූ කුසලයට සමාන කුසලයක් රැස් වෙනවද? ***
  6. ගොවිතැන් කිරීමේදී කෘමි සතුන් කෙරේ පිළිපැදිය යුතු නිවැරදි ක්‍රමය තෝරාගන්නා ලෙස සමාජීය ජීවිතයේදී නිවැරදිව කටයුතු කරන්නේ කෙසේද? *** (ජීවිතය පැවැත්වීමේදී සමබර තත්වයෙන් සහ ප්‍රඥාවෙන් යුතුව කටයුතු කිරීම පිළිබඳව පැහැදිලි කිරීමකි.) 
  7. දීඝ නිකායේ සක්කපඤ්හ සූත්‍රයේ ද අද දින දේශනා කල ඊර්ෂ්‍යාව සහ මසුරුකම පිලිබඳ සඳහන් වෙනවා. ඒ පිළිබඳව මදක් පැහැදිලි කරන්න. *** (දෙවියන්, බඹුන් පවා ඊර්ෂ්‍යාව සහ මසුරුකම නිසා ගැටුම් ඇති කරගන්නා ආකාරය පිළිබඳව. සක්කපඤ්හ සූත්‍රයේ එම පැනය සහ පිළිතුර ත්‍රිපිටකයෙන් මෙතනින් කියවන්න.)
  8. සෝමනස්ස සහගත ඥාන සම්ප්‍රයුක්ත සිතකින් සිදුකල පින්කමකදී යම් මියගිය කෙනෙකු හට අනුමෝදම් කිරීමට අතපසු වූ විට එය පසුව මතක් කිරීමෙන් සිදුකල හැකිද? *** (පින් අනුමෝදම් කිරීම පිලිබඳ වටිනා පැහැදිලි කිරීමකි.)
  9. තරහක් පැමිණි විට එය අවබෝධ කර පාලනය කිරීමෙන් පසුත් අකුසලයක් සිදුවේද?
  10. ඕපනයික දහම් ගුණය පැහැදිලි කරන්න.
  11. කුසල ක්‍රියාවක් නැවත නැවතත් සිහි කිරීමේදී ඒ පිළිබඳව ලෝභ සිතක් ඇතිවෙනවා දැනෙනවා. එසේ වුවහොත් එයින් අයහපතක් සිදුවෙනවාද? ***
  12. භාවනා කිරීමට දැනුමක් නැති අයෙකුට සුදුසු භාවනාවක් කියා දෙන්න. (මෙම පැනයට ගරු ස්වාමින්වහන්සේ දුන් පිළිතුරේ සඳහන් වෙන ප්‍රයෝගික චින්තාමය ක්‍රමය පිළිබඳව 18-09-2021 දින සාකච්ඡා වූවා. එම විස්තරයට මෙතනින් සවන් දෙන්න: අපගේ එදිනෙදා ජීවිතයේදී යෝනිසෝමනසිකාරය පුහුණු කිරීමට අභ්‍යාසයක් කියා දෙන්න.)
  13. මසුරුකම ඇතිවන්නේ ඊර්ෂ්‍යාව නිසා නොවේද?
  14. ස්වාමින්වහන්සේ කෙනෙක් අධිගම ලාභීයැයි පැහැදිලි නැති විට අප පැවතිය යුත්තේ කෙසේද?
  15. අධිගම ලාභී ස්වාමින්වහන්සේ කෙනෙකු හට යම් අයෙක් අතින් වරදක් වූ විට එය කමා කරවා ගත හැකිද?
  16. තමා පින්කමක් සිදුකර අනෙක් අය සතුටු වෙන ආකාරය දකිමින් නැවත නැවතත් සතුටු වීමෙන් ලබන්නේ කුමන ඵලයක්ද? *** (අපගේ සිතේ කෙලෙස් ඇතිවිය හැකි සියුම් අවස්ථාවක් මෙහිදී පැහැදිලි කෙරේ.) 
  17. අවසානය.

 

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.