Saturday Dhamma Discussion – 34 (04-09-2021)

Saturday Dhamma Discussion – 34 (සෙනසුරාදා සජීවී ධර්ම සාකච්ඡාවඅංක: 34)

Saturday Dhamma Discussion – 34 was conducted on 04 September 2021 by Most Ven. Kukulpane Sudassi Thero. Saturday Saturday Dhamma Discussion – 34 is audio edited to remove unwanted noises and pauses and is presented below as separate questions and answers to provide better listening.  Ven. Anuradhapura Anuruddha Thero also joined to facilitate the discussion.

“ප්‍රායෝගික ජීවිතයෙහි ධර්මය ප්‍රගුණ කරන ආකාරය” යන තේමාව මුල්කරගෙන අති පූජනීය කුකුල්පනේ සුදස්සී ස්වාමින්වහන්සේ විසින් සිදුකරන සෙනසුරාදා සජීවී ධර්ම සාකච්ඡා පෙලේ තිස් හතර වන ධර්ම සාකච්ඡාව වර්ෂ 2021 සැප්තැම්බර් මස 04 දින සිදුකරන ලදී.  පුජ්‍යපාද අනුරාධපුරයේ අනුරුද්ධ ස්වාමින්වහන්සේද එම Zoom සාකච්ඡාව මෙහෙයවීමට වැඩසටහන දායක වූ සේක.

මෙවර ධර්ම සාකච්ඡාව සතර සතිපටිඨානයේ ධම්මානුපස්සනාවේ චතුරාර්‍ය සත්‍ය ධර්මයේ දුක්ඛ සත්‍ය පාදක කරගෙන සිදුකරනු ලැබීනි.


මෙවර ධර්ම සාකච්ඡාවේ ශබ්ද සංස්කරණය කල ප්‍රශ්න හා පිළිතුරු පහතින් දැක්වේ.

  1. චතුරාර්‍ය සත්‍ය ධර්මයන් විස්තර කර දුක්ඛ සත්‍ය පැහැදිලි කරන්න. ***
  2. දුකෙහි ස්වභාවයන් තුන සහ දුක්ඛ ලක්‍ෂණ.  ***
  3. නිවන්මග දියුණු කිරීමේදී දුකෙහි දුක්බව අඩු වෙනවා ද? ***
  4. රහතන් වහන්සේලාගේ විඥානය නිරෝධ වන විට සිදුවන්නේ කුමක්ද?
  5. අනාපානසතිය දිනපතා පුහුණු කරනවිට කලයුතු භාවනාව එය පමණක්ද?
  6. දුක දිගින් දිගට දැනෙන විට ඒ හේතුකොට පසුබෑමක් ඇතිවූවොතින් කුමක් කල යුතුද? ***
  7. ව්‍යාධිය දුකක් ලෙස ඇතැම් සූත්‍ර වල සඳහන් නොවන්නේ ඇයිදැයි පහදා දෙන්න.
  8. දරුවන්ගේ නොසැලකිලිමත් බව නිසා ඔවුන්ගෙන් මෙම වසංගත රෝගය දෙමාපියන් හට බෝවී මියගියොත් එය එම දරුවාට ආනන්තරිය කර්මයක් වෙනවද? ***
  9. ඇතැම් සෝවාන් ඵලය ලැබූ අය හත්වන ආත්ම භාවයකින් සසර නිමා නොකරන බව සත්‍යක්ද?
  10. සෝවාන් ඵලය ලැබූ බිම්බිසාර රජතුමා ජනවසභ නමින් යක්‍ෂයකු වී ඉපදුනේ කෙසේද? ***
  11. විදර්ශනා භාවනාව පුහුණුවන විට ඇතිවන සියුම් ශරීර කම්පනය පිලිබඳ කුමක් කල යුතුද? ***
  12. වස් ආරාධනා කලාට පසු එම ස්වාමින්වහන්සේ අපවත් වූවොත් කුමක් කල යුතුද?
  13. වෛද්‍ය යන්ත්‍ර වලට සම්බන්ධ කර ඇති අසාධ්‍ය ලෙස රෝගීවී සිටින දෙමාපිය කෙනෙක් බේරාගැනීමට නොහැකි විට වෛද්‍යවරුන් එම යන්ත්‍ර වලින් ගැලවීමට දරුවන්ගේ අවසරය ඉල්ලනවිට කුමක් කල යුතුද? ***
  14. මෛත්‍රී භාවනාවේ නිමිත්තේ සිත තබාගැනීම කෙසේ කල යුතුද?
  15. අවසානය.