දස පාරමිතා අංක: 23 (වීර්ය පාරමිතාව) 07-09-2024

දස පාරමිතා අංක: 23 (වීර්ය පාරමිතාව) 07-09-2024

දස පාරමිතා අංක: 23 (වීර්ය පාරමිතාව) 07-09-2024

දස පාරමිතා අංක: 23 (වීර්ය පාරමිතාව) – Saturday Dhamma Discussion was conducted via Zoom on 07 September 2024 by Most Ven. Kukulpane Sudassi Thero.  This live Dhamma Discussion was later audio edited to remove unwanted noises and pauses and presented below as separate questions and answers to provide improved listening.

“ප්‍රායෝගික ජීවිතයෙහි ධර්මය ප්‍රගුණ කරන ආකාරය” යන තේමාව මුල්කරගෙන අති පූජනීය ආචාර්ය කුකුල්පනේ සුදස්සී ස්වාමින්වහන්සේ විසින් සිදුකරන සෙනසුරාදා සජීවී ධර්ම සාකච්ඡා පෙලේ එකසිය පනස් වන ධර්ම දේශනාව සහ සාකච්ඡාව වර්ෂ 2024 සැප්තැම්බර් මස 07 වන දින සිදුකරන ලදී. 

මෙවර ධර්ම දේශනාව තුලින් වීර්ය පාරමිතාව යනු කුමක්දැයි පැහැදිලි කිරීම ආරම්භ කරන ලදී.  වීර්ය පාරමිතාවේ අවශ්‍යතාවය සහ එය දියුණු කලයුතු ආකාරය පැහැදිලි කෙරෙන මෙම දේශනාව දහම් මග ප්‍රගුණ කරන්නන් හට ඉතා වටිනා ධර්ම දේශනාවකි.

මෙම දේශනාවේ සුවිශේෂී බව වන්නේ වීර්ය පාරමිතාවක් ආකාරයෙන් වර්ධනය කිරීම නිවන් මග වැඩීමේ දී අනිවාර්ය අංගයක් වන ආකාරය පැහැදිලි කිරීම හේතුවෙනි.

එමෙන්ම මෙදින ධර්ම සාකච්ඡාවේ වටිනා ප්‍රායෝගික ප්‍රශ්න සහ පැහැදිලි කිරීම් රැසක් මතු කෙරිණි.


  1. ධර්ම දේශනාව: වීර්ය පාරමිතාව යනු කුමක්දැයි පැහැදිලි කරන්න. *** (වීර්ය පාරමිතාවේ අවශ්‍යතාවය සහ එය දියුණු කලයුතු ආකාරය පැහැදිලි කෙරෙන මෙම දේශනාව දහම් මග ප්‍රගුණ කරන්නන් හට ඉතා වටිනා ධර්ම දේශනාවකි.)
  2. නිවන ඉලක්ක ගත කරගෙන එය සාක්‍ෂාත් කර ගැනීමට දරනා වූ වීර්ය පැහැදිලි ලෙස වටහා ගැනීමේ ඇති ඉමහත් අවශ්‍යතාවය. *** (ඉතා වටිනා සාකච්ඡාවක් සහ පැහැදිලි කිරීමකි.)
  3. එදිනෙදා වැඩ කටයුතු හේතුවෙන් වටිනා දහම් ඉගෙනීම් කල්යාම පිළිබඳව කුමක් කල යුතු ද? *** (වටිනා පැහැදිලි කිරීමකි.)
  4. සංසාරික කර්ම ඇතිවෙන විට ඒවා නිවන් ගමනට රුකුලක් කරගන්නා අකාරය සහ කාන්තාවකට පුරුෂ ආත්මයක් ලබා ගැනීමට ක්‍රියා කලයුතු ආකාරය. *** (වටිනා පැහැදිලි කිරීමකි.)
  5. ශල්‍ය කර්ම තුලින් ලිංග භේදය ඇති කිරීම සුදුසු ක්‍රියාවක් ද?
  6. පුද්ගල ස්වභාවයෙන් තොරව ධර්මතාවයක් ප්‍රගුණ කිරීමක් වශයෙන් පාරමී ධර්ම ප්‍රගුණ කිරීම පහසු වන්නේදැයි පැහැදිලි කරන්න. *** (ඉතා වටිනා පැනයක් සහ පැහැදිලි කිරීමකි.)
  7. ත්‍රිහේතුක බව යන්න තව දුරට පහදා දෙන්න. *** (වටිනා පැහැදිලි කිරීමකි.)
  8. ඉක්මන, හදිස්සිය කියන තැන ප්‍රමාදයමයි නොවේ ද? *** (වටිනා පැනයක් සහ පැහැදිලි කිරීමකි.)
  9. මෙම “යෝවද තං පව…” යන ගාථාවේ තේරුම තව පහදා දෙන්න.
  10. ප්‍රාර්ථනාව සිහි වෙමින් දහම ප්‍රගුණ කිරීම පිළිබඳව පැහැදිලි කිරීමක්. ***
  11. පට්ඨාන දේශනය කෙටියෙන් පැහැදිලි කරන්න.
  12. අවසානය.

සෙනසුරාදා සජීවී ධර්ම සාකච්ඡාව, සෑම සෙනසුරාදාම  ශ්‍රී ලංකා වේලාවෙන් පස්වරු 7.00 ආරම්භ කෙරෙනු ඇත. එම වැඩසටහනට සම්බන්ධ වීමට පළමුව Zoom App එක ඔබගේ පරිගණකයේ ස්ථාපිත කරගන්න. ඉන් පසු පහත Link එක Click කරන්න.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.