දස පාරමිතා අංක: 08 (ශීල පාරමිතාව – 02) 30-03-2024

දස පාරමිතා අංක 08 ශීල පාරමිතාව 02 23 03 2024

දස පාරමිතා අංක: 08 (ශීල පාරමිතාව – 02) 30-03-2024

දස පාරමිතා අංක: 08 (ශීල පාරමිතාව – 02) – Saturday Dhamma Discussion was conducted via Zoom on 30th March 2024 by Most Ven. Kukulpane Sudassi Thero.  This live Dhamma Discussion was later audio edited to remove unwanted noises and pauses and presented below as separate questions and answers to provide improved listening.

“ප්‍රායෝගික ජීවිතයෙහි ධර්මය ප්‍රගුණ කරන ආකාරය” යන තේමාව මුල්කරගෙන අති පූජනීය කුකුල්පනේ සුදස්සී ස්වාමින්වහන්සේ විසින් සිදුකරන සෙනසුරාදා සජීවී ධර්ම සාකච්ඡා පෙලේ එකසිය තිස් පස් වන ධර්ම දේශනාව සහ සාකච්ඡාව වර්ෂ 2024 මාර්තු මස 30 වන දින සිදුකරන ලදී. 

මෙවර ධර්ම දේශනාව තුලින් ශීල පාරමිතාව තව දුරටත් පැහැදිලි කෙරිණි. ශීලය පාරමිතාවක් ලෙස දියුණු කිරීමේ දී සිල් පද වලින් ඔබ්බට චිත්ත සංවරය කෙරේ වර්ධනය කිරීමේ අවශ්‍යතාවය මෙහි දී අවධාරණය කෙරිණි. එහිදී ශීලය, සීලබ්බත පරාමාසයක් වෙන ආකාරය මනා ලෙස පැහැදිලි කෙරිණි.

එමෙන්ම ශීලය ආර්ය ශීලයක්ලෙස දියුණු වීමට ශීලය ශික්‍ෂණයක්, සංවරයක් සහ ගුණයක් වශයෙන් ප්‍රගුණ කිරීම පැහැදිලි කෙරිණි.

එමෙන්ම චාරිත්‍ර ශීලයේ ප්‍රතිපත්ති ක්‍රමය පැහැදිලි කිරීම මෙහිදී ආරම්භ කෙරිණි. මෙදින ධර්ම සාකච්ඡාවේදී ද ශීල පාරමිතාව සම්බන්ධ වටිනා කරුණු මතු කෙරිණි.

මෙම සම්පුර්ණ ධර්ම දේශනාව සහ ධර්ම සාකච්ඡාව ශබ්ද සංස්කරණය කොට ප්‍රශ්න සහ පිළිතුරු වශයෙන් වෙන්කොට පහතින් ඇතුලත් කර තිබේ.


  1. ධර්ම දේශනාව: ශීලය ආර්ය ශීලයක්ලෙස දියුණු කරන ආකාරය පහදා දෙන්න. *** (ශීලය ආර්ය ශීලයක්ලෙස දියුණු කිරීම කල යුත්තේ ඇයිදැයි සහ ඒ තුලින් ශීලය පාරමිතාවක් ලෙස වැඩෙන ආකාරය මෙහිදී පැහැදිලි කෙරේ.  එමෙන්ම ශීලය සිල් පද වලින් ඔබ්බට, චිත්ත සංවරය සහ චිත්ත විශුද්ධිය සඳහා දියුණු කිරීමේ අවශ්‍යතාවය මෙහි දී පැහැදිලි කෙරේ.
  2. ශීල පාරමිතාවේ දී දියුණු විය යුතු සහ ඇති විය යුතු චිත්ත සංවරය පිලිබඳ වර්ථමාන උදාහරණ දෙකක්. *** (ශීලය ආර්ය ශීලයක් ලෙස පුහුණු කිරීමේ දී ඇතිවන චිත්ත සංවරය සහ ගුණය සිල් පද වලින් ඔබ්බට විහිදෙන ආකාරය මෙහි දී පැහැදිලි කෙරෙන්නේ සක්කාය දිට්ඨිය අප තුල ගොඩ නගා ගනිමින් දෘෂ්ටි ගතික වෙන ආකාරය පැහැදිලි කරමිනි.)
  3. ශීලය යන්න ප්‍රකෘතිය යන්න අනුව දහම් සෙවනේ ස්වාමින්වහන්සේ දැක් වූ අදහස්. ***
  4. රහතන්වහන්සේලා දිනකට එක් වතාවක් පමණක් ආහාර වැළඳීම පැහැදිලි කරන්න. ***
  5. අටසිල් සමාදම් වූ ඇතැම් දිනවල මගේ කකුල සෙලවීම ඇති වන්නේ මක්නිසා දැයි පැහැදිලි කරන්න. ***
  6. නිවසේ ඇතිකරන බළලෙකු සතෙක් මැරීම කරන්නේ ආහාරය සඳහා නොවේ නම් එම සතා ගලවා ගැනීම සුදුසු ක්‍රියාවක් නොවේ ද? ***
  7. අවබෝධයෙන් සිල් රකින කෙනෙක් දිනපතා සිල් ගැනීම අවශ්‍ය ද? *** (වටිනා පැහැදිලි කිරීමකි.)
  8. මනුෂ්‍යයන් තිරිසනුන් ආශ්‍රය කරමින් එම තිරිසනුන්ට මනුෂ්‍යයන් ලෙස සැලකීම එම මනුෂ්‍යයන්ගේ ඊළඟ උප්පත්තියට බාධාවක් විය හැකි ද? *** (වටිනා පැහැදිලි කිරීමකි.)
  9. අපරිහානීය ධර්ම වල සඳහන් වන නොපැන වූ නීති නොපැමින වීම සහ පැන වූ නීති පැන වීම ගැන පැහැදිලි කරන්න. ***
  10. බාහිර සාධක සහ ඇසුර මත කෙනෙකුගේ ප්‍රකෘති ශීලය වෙනස් විය හැකි නොවේ ද? *** (වටිනා පැහැදිලි කිරීමකි.)
  11. අප බුදුරජාණන්වහන්සේ බුද්ධත්වය සඳහා පෙරුම් පිරීමේ දී ගත කල කාලයන් තුල හමුවූ බුදුරජාණන් වහන්සේලා පිලිබඳ මෙම ගැටළුව පැහැදිලි කරන්න. 
  12. එක් සතෙකුට ආහාර දීමේ දී එම ආහාර සතුන් තුන් දෙනෙකුන් අනුභව කලොත් එම පින තුන් ගුණයකින් වැඩි වෙනවා ද? ***
  13. සෝවාන් වූ පුද්ගලයෙක් සිටින්නේ ප්‍රකෘති සිහියෙන් ද? ***
  14. අවසානය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.