දස පාරමිතා අංක: 07 (ශීල පාරමිතාව) 23-03-2024

දස පාරමිතා අංක 07 ශීල පාරමිතාව 23 03 2024

දස පාරමිතා අංක: 07 (ශීල පාරමිතාව) 23-03-2024

දස පාරමිතා අංක: 07 (ශීල පාරමිතාව) – Saturday Dhamma Discussion was conducted via Zoom on 23rd March 2024 by Most Ven. Kukulpane Sudassi Thero.  This live Dhamma Discussion was later audio edited to remove unwanted noises and pauses and presented below as separate questions and answers to provide improved listening.

“ප්‍රායෝගික ජීවිතයෙහි ධර්මය ප්‍රගුණ කරන ආකාරය” යන තේමාව මුල්කරගෙන අති පූජනීය කුකුල්පනේ සුදස්සී ස්වාමින්වහන්සේ විසින් සිදුකරන සෙනසුරාදා සජීවී ධර්ම සාකච්ඡා පෙලේ එකසිය තිස් හතර වන ධර්ම දේශනාව සහ සාකච්ඡාව වර්ෂ 2024 මාර්තු මස 23 වන දින සිදුකරන ලදී. 

මෙවර ධර්ම දේශනාව තුලින් ශීල පාරමිතාව පැහැදිලි කිරීම ආරම්භ කෙරිණි. ශීලය පාරමිතාවක් ලෙස දියුණු කිරීමේ දී අවශ්‍ය වන ආත්ම අර්ථය සහ පර අර්ථය මෙහිදී පැහැදිලි කරන ලදී.  එමෙන්ම ශීලය භවයෙන් භවයට පාරමිතාවක් ලෙස දියුණු වීමට නම් අපගේ එදිනෙදා ජීවිතයේ කටයුතු වල චේතනාව සමග ශීලය බද්ධ වී පැවතීමේ අවශ්‍යතාවය මෙහිදී පැහැදිලි කෙරිණි.

විශේෂයෙන්ම ශීලය තණ්හා, මාන සහ දිට්ඨි වලින් තොරව වර්ධනය කිරීම, එය පාරමිතාවක් ලෙසට දියුණු කිරීමට අවශ්‍ය වෙන ආකාරය පැහැදිලි කරන ලදී.

එමෙන්ම මෙදින ධර්ම සාකච්ඡාවේදී ශීල පාරමිතාව පුහුණු කිරීමට සම්බන්ධ ඉතා වටිනා කරුණු මතු කෙරිණි.

මෙම සම්පුර්ණ ධර්ම දේශනාව සහ ධර්ම සාකච්ඡාව ශබ්ද සංස්කරණය කොට ප්‍රශ්න සහ පිළිතුරු වශයෙන් වෙන්කොට පහතින් ඇතුලත් කර තිබේ.


  1. ධර්ම දේශනාව: ශීල පාරමිතාවේ මූලික කරුණු පහදා දෙන්න. *** (පාරමිතාවක් ලෙස ශීලය වැඩීමේ මූලික කරුණු පිලිබඳ ඉතා වටිනා ධර්ම දේශනාවකි.)
  2. කාය වචී සුචරිතය ඇතිකර ගැනීමට මනෝ සුචරිතය ප්‍රධාන වෙනවා නොවේ ද? *** (සප්ත විසුද්ධි දියුණු කිරීමේ දී එහි පළමු විසුද්ධිය වන ශීල විසුද්ධිය ඇති කිරීමට මුලික වෙන චේතනා ශීල, චෛතසික ශීල, සංවර ශීල දියුණු කිරීමෙන් අවිතික්කම ශීලය ඇතිවෙන ආකාරයත් එය ඉහල සමාධි ඇති කිරීමට හේතු වෙන ආකාරයත් මෙම වටිනා සාකච්චාවේ දී පැහැදිලි කෙරේ.)
  3. අධර්ම රාගය සහ එහි විපාක පහදා දෙන්න. *** (ධර්ම රාගය සහ අධර්ම රාගය පිලිබඳ ඉතා වටිනා පැහැදිලි කිරීමකි.  මෙහි වර්ථමාන සමාජයට ඉතා වටිනා කරුණු ඇතුලත් වේ.  එමෙන්ම මෙම පැහැදිලි කිරීම ඉහත පැන අංක 02 ට සම්බන්ධ වේ.
  4. ස්වාමීන්වහන්සේ කෙනෙකු පිළිබඳව ශීලය සම්බන්ධ මෙම ගැටළුව විසඳන්නේ කෙසේ ද? *** (වටිනා පැහැදිලි කිරීමකි.)
  5. අප රකින ශීලය ආර්යකාන්ත ශීලයක් බවට පත්කර ගන්නේ කෙසේද? *** (වටිනා පැහැදිලි කිරීමකි.)
  6. සිදුකල පිංකම් නැවත සිහි කිරීම සහ එහි අනිත්‍ය මෙනෙහි කිරීම පැහැදිලි කර දෙන්න. *** (වටිනා පැහැදිලි කිරීමකි.)
  7. භික්ෂුන් වහන්සේලාට ගෞරව කරන්නේ ශීලයේ වෙනස නිසා වේ ද? *** (වටිනා පැහැදිලි කිරීමකි.)
  8. අවසානය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.