දස පාරමිතා අංක: 06 (දාන පාරමිතාව) 16-03-2024

දස පාරමිතා අංක 06 දාන පාරමිතාව 16 03 2024

දස පාරමිතා අංක: 06 (දාන පාරමිතාව) 16-03-2024

දස පාරමිතා අංක: 06 (දාන පාරමිතාව) – Saturday Dhamma Discussion was conducted via Zoom on 16th March 2024 by Most Ven. Kukulpane Sudassi Thero.  This live Dhamma Discussion was later audio edited to remove unwanted noises and pauses and presented below as separate questions and answers to provide improved listening.

“ප්‍රායෝගික ජීවිතයෙහි ධර්මය ප්‍රගුණ කරන ආකාරය” යන තේමාව මුල්කරගෙන අති පූජනීය කුකුල්පනේ සුදස්සී ස්වාමින්වහන්සේ විසින් සිදුකරන සෙනසුරාදා සජීවී ධර්ම සාකච්ඡා පෙලේ එකසිය තිස් තුන්වන ධර්ම දේශනාව සහ සාකච්ඡාව වර්ෂ 2024 මාර්තු මස 16 වන දින සිදුකරන ලදී. 

මෙවර ධර්ම දේශනාව තුලින් දන් දීමෙන් මහ බෝසත්වරු බලාපොරොත්තු වෙන කරුණු පැහැදිලි කෙරීම තුලින් අපගේ දාන පාරමිතාව දියුණු කිරීමේ නොයෙක් අවස්ථා, දැක්ම සහ ප්‍රමාණයන් පැහැදිලි කෙරිණි. එමෙන්ම දාන පාරමිතාවේ ප්‍රත්‍යවේක්ෂා ක්‍රමය කුමක්දැයි පැහැදිලි කරන ලදී.

එමෙන්ම මෙදින ධර්ම සාකච්ඡාවේදී දාන පාරමිතාව පුහුණු කිරීමට සම්බන්ධ ඉතා වටිනා කරුණු මතු කෙරිණි.

මෙම සම්පුර්ණ ධර්ම දේශනාව සහ ධර්ම සාකච්ඡාව ශබ්ද සංස්කරණය කොට ප්‍රශ්න සහ පිළිතුරු වශයෙන් වෙන්කොට පහතින් ඇතුලත් කර තිබේ.


  1. ධර්ම දේශනාව: දන් දීමෙන් මහ බෝසත්වරු බලාපොරොත්තු වෙන කරුණු ඇසුරින් දාන පාරමිතාව දියුණු කිරීම පහදා දෙන්න. *** (ඉතා වටිනා කරුණු රැසක් මෙහිදී පැහැදිලි කෙරේ.)
  2. උපපාරමී සහ පරමත්ත පාරමී වශයෙන් පාරමිතා ප්‍රගුණ කරන විට ඒවා සමතුලිත භාවයෙන් සිදුකිරීමට අත්‍යවශ්‍ය මානසික ස්වභාවය පැහැදිලි කෙරෙන උදාහරණයක්. *** (මෙහිදී දැක්වෙන උදාහරණය සහ සාකච්ඡාව තුලින් ඉහල පාරමිතා ප්‍රගුණ කිරීමේදී අත්‍යාවශ්‍ය සමතුලිත භාවය, සංසිඳුන මානසිකත්වය සහ ප්‍රඥාව ගැන පැහැදිලි කිරීම තුලින් ද්වේශය හෝ ආවේගකාරී බව හෝ තුලින් පාරමිතා ප්‍රගුණ කල නොහැකි බව පැහැදිලි කෙරේ.)
  3. දානයක් දීමේදී ප්‍රර්ථනා වශයෙන් නිවනම අරමුණු කිරීම පිළිබඳව පැහැදිලි කරන්න. ***
  4. මස්මාංශ අනුභවයෙන් වැලකීම කෙබඳු ආකාරයෙන් දාන පාරමිතාව සම්පුර්ණ වීමට උපකාරී වේද ? *** (මස්මාංශ අනුභවයෙන් වැලකීම කෙබඳු ආකාරයෙන් පාරමිතා දියුණු කිරීමට හෝ කෙලෙස් වැඩීම පිණිස හෝ උපකාරවේ දැයි පහදා දෙන ඉතා වටිනා පැහැදිලි කිරීමකි.)
  5. දහම් සෙවනේ ස්වාමින්වහන්සේ දැක්වූ අදහස්. *** (මෙම සාකච්ඡාව තුලින් ඉහල සමාධි වලදී පවා ප්‍රඥාවේ ඇති අවශ්‍යතාවය සහ වැදගත්කම පැහැදිලි කෙරේ.
  6. අන්‍යයන්ගේ ජීවිත බේරාගැනීම සඳහා 21 වතාවක් රුධිරය දන්දීම කිරීමෙන් මාගේ දාන පාරමිතාව දියුණුවේ ද?*** (වටිනා පැහැදිලි කිරීමකි.)
  7. සංඝයා වහන්සේලාට සැම මසකම දන් දීමේ ආනිසංස සෑම ආත්මයකම ලැබෙනවා ද? *** (ඉතා වටිනා පැහැදිලි කිරීමකි.)
  8. සත්ව සමෙන් සාදන භාණ්ඩ පරිහරණය නොකිරීමෙන් මා අන්තගාමී වෙනවා විය හැකි ද? *** (වටිනා පැහැදිලි කිරීමකි.)
  9. සංඝයා වහන්සේලාට දන් දීමේ ආනිසංස පිළිබඳව චිත්ත වීධි වල බලය ඇසුරෙන් පැහැදිලි කරන්න. ***
  10. ඊළඟ වැඩසටහන පිලිබඳ දැනුම් දීම සහ අවසානය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.