දස පාරමිතා අංක: 24 (වීර්ය පාරමිතාව 02) – Saturday Dhamma Discussion was conducted via Zoom on 28 September 2024 by Most Ven. Kukulpane Sudassi Thero. This live Dhamma Discussion was later audio edited to remove unwanted noises and pauses and presented below as separate questions and answers to provide improved listening.
“ප්‍රායෝගික ජීවිතයෙහි ධර්මය ප්‍රගුණ කරන ආකාරය” යන තේමාව මුල්කරගෙන අති පූජනීය ආචාර්ය කුකුල්පනේ සුදස්සී ස්වාමින්වහන්සේ විසින් සිදුකරන සෙනසුරාදා සජීවී ධර්ම සාකච්ඡා පෙලේ එකසිය පනස් එක් වන ධර්ම දේශනාව සහ සාකච්ඡාව වර්ෂ 2024 සැප්තැම්බර් මස 28 වන දින සිදුකරන ලදී.
මෙවර ධර්ම දේශනාව තුලින් වීර්ය පාරමිතාවට උපකාරක ධර්ම සහ බාධක ධර්ම පැහැදිලි කරන ලදී. එමෙන්ම තම තමාගේ දැක්ම අනුව වෙනස් වෙන ආරම්භක වස්තු අට සහ කුසීත වස්තු අට පිළිබඳව ද පැහැදිලි කරන ලදී.
මෙම දේශනාවේ සුවිශේෂී බවක් වන්නේ ලෝභ, දෝස සහ මෝහ වලට හසු නොවී හැම විටම අලෝභ, අමෝහ සහ අදෝසයෙන් යුතුව පැවතීමට අවශ්‍ය වීර්ය, පාරමිතාවක් ආකාරයෙන් වර්ධනය කිරීම පැහැදිලි කිරීමයි.
එමෙන්ම මෙදින ධර්ම සාකච්ඡාවේ වටිනා ප්‍රායෝගික ප්‍රශ්න සහ පැහැදිලි කිරීම් රැසක් මතු කෙරිණි.
- ධර්ම දේශනාව: වීර්ය පාරමිතාවට උපකාරක ධර්ම සහ බාධක ධර්ම පැහැදිලි කරන්න. *** (ලෝභ, දෝස සහ මෝහ වලට හසු නොවී හැම විටම අලෝභ, අමෝහ සහ අදෝසයෙන් යුතුව පැවතීමට අවශ්‍ය වීර්ය, පාරමිතාවක් ආකාරයෙන් වර්ධනය කරන ආකාරය පැහැදිලි කරන වටිනා ධර්ම දේශනාවකි.)
- මරණය ආවර්ජනා කිරීම නැතහොත් මරණ සතිය, වීර්ය පාරමිතාව දියුණු කිරීමට උපකාරක ධර්මයක් වෙනවා නොවේද? *** (වටිනා පැනයක් සහ සාකච්ඡාවකි.)
- දහම් සෙවන ස්වාමීන්වහන්සේ දැක්වූ අදහස්.
- යෝනිසෝමනසිකාරයෙන් සහ අයෝනිසෝමනසිකාරයෙන් දැකීම පිළිබඳව තව දුරටත් පැහැදිලි කරන්න. *** (ඉතා වටිනා පැහැදිලි කිරීමකි.)
- රහතන්වහන්සේ කෙනෙක් සෑමවිටම සිටින්නේ යෝනිසෝමනසිකාරයෙන් ද? ***
- ඕඝ ධර්මයන් පැහැදිලි කරන්න. ***
- පටිඝ සම්පස්සය හා අධිවචන සම්පස්සය පහදා දෙන්න.
- නිශ්ප්‍රපංච කිරීම හේතුවෙන් රහත් වීමට හැකි වේද? *** (වටිනා පැහැදිලි කිරීමකි.)
- අවසානය.
සෙනසුරාදා සජීවී ධර්ම සාකච්ඡාව, සෑම සෙනසුරාදාම ශ්‍රී ලංකා වේලාවෙන් පස්වරු 7.00 ආරම්භ කෙරෙනු ඇත. එම වැඩසටහනට සම්බන්ධ වීමට පළමුව Zoom App එක ඔබගේ පරිගණකයේ ස්ථාපිත කරගන්න. ඉන් පසු පහත Link එක Click කරන්න.
- https://us02web.zoom.us/j/4457486152?pwd=VExxT3RyQndMQXBtdGROR2pJWnJvdz09
Meeting ID: 4457486152
Passcode: Dhamma. - 2023 වසරේ පසුගිය සජීවී ධර්ම සාකච්චා වල වෙබ් යොමුවන් ඇති ප්‍රධාන පිටුවට පිවිසීමට මෙතන click කරන්න.
- 2024 වසරේ පසුගිය සජීවී ධර්ම සාකච්චා වල වෙබ් යොමුවන් ඇති ප්‍රධාන පිටුවට පිවිසීමට මෙතන click කරන්න.
- Dhamma Yathra දහම් සංසදයට එක්වීමට මෙතැනින් පිවිසෙන්න.