දස පාරමිතා අංක: 21 (ප්‍රඥා පාරමිතාව 06) 24-08-2024

දස පාරමිතා අංක: 21 (ප්‍රඥා පාරමිතාව 06) 24-08-2024

දස පාරමිතා අංක: 21 (ප්‍රඥා පාරමිතාව 06) – Saturday Dhamma Discussion was conducted via Zoom on 24th August 2024 by Most Ven. Kukulpane Sudassi Thero.  This live Dhamma Discussion was later audio edited to remove unwanted noises and pauses and presented below as separate questions and answers to provide improved listening.

“ප්‍රායෝගික ජීවිතයෙහි ධර්මය ප්‍රගුණ කරන ආකාරය” යන තේමාව මුල්කරගෙන අති පූජනීය ආචාර්ය කුකුල්පනේ සුදස්සී ස්වාමින්වහන්සේ විසින් සිදුකරන සෙනසුරාදා සජීවී ධර්ම සාකච්ඡා පෙලේ එකසිය හතලිස් අට වන ධර්ම දේශනාව සහ සාකච්ඡාව වර්ෂ 2024 අගෝස්තු මස 24 වන දින සිදුකරන ලදී. 

මෙවර ධර්ම දේශනාව තුලින් ප්‍රඥාව ඇතිවීමේ සාධක විස්සේ ඉතිරි කරුණු පැහැදිලි කර අවසාන කරන ලදී.


  1. ධර්ම දේශනාව: ප්‍රඥාව ඇතිවීමේ සාධක විස්සේ ඉතිරි කරුණු පැහැදිලි කරන්න. *** (ප්‍රඥාව දියුණු කර ගැනීමට අවශ්‍ය කරුණු සරල ලෙස මෙහිදී පැහැදිලි කෙරේ.)
  2. බුදුදහමේ සතිමත් වීම යනු අතීතයෙන් සහ අනාගතයෙන් සිත ඉවත් කරගෙන වර්තමාන මොහොතේ සිත පැවැත්වීම ද? *** (බෞධයන් හට බෙහෙවින් වැදගත් වෙන පැහැදිලි කිරීමකි.)
    මේ පිළිබඳව ගෞරවනීය ස්වාමින්වහන්සේ කඩුගන්නාවේ පාරමිතා භාවනා මධ්‍යස්ථානයේ වීඩියෝවට මෙතැනින් පිවිසෙන්න: විජ්ජාචරණ – මග නොමග දැන චරණයට Ep: 13
    එහි mp3 හඬ පටයට මෙතනින් පිවිසෙන්න: සතිමත් වීම යනු සිත වර්ථමානයේ පවත්වා ගැනීමද?
  3. නිවසට කැරපොත්තන් පැමිණීම වැළැක්වීම සඳහා කරන ක්‍රියාවෙන් ඔවුන් මියයාම නිසා කලයුත්තේ කුමක් ද?
  4. මස් මාංශ ආහාරයට නොගැනීම ප්‍රඥාව දියුණු නොවීමට හේතු වෙනවා ද?
  5. ත්‍රිහේතුක, සිල්වත්, ඥාණවත්, කරුණා මෛත්‍රී සහගත අය මේ අයුරින් ක්‍රියත්මක වීමෙන් ඊලඟ ජීවිතයේදී ලෝභ වෙන්න පුළුවන් ද? *** (වටිනා පැහැදිලි කිරීමකි.)
  6. තද නින්ද, මෝහනය, ශල්‍යකර්ම වලදි සිහි නැති කිරිම, යනාදී තත්ව සමාධියේ ප්‍රාථමික මට්ටම් ද?
  7. දණ්ඩ අභිඥා සහ කිප්ප අභිඥා යනු මොනවා දැයි පැහැදිලි කරන්න. *** (වටිනා පැහැදිලි කිරීමකි.)
  8. භාවනා කිරීමට අතපසු වූ විට ඇති වෙන පසුතැවීම සුදුසු ද? එමෙන්ම මෛත්‍රී භාවනාව කරන විට හුස්ම දැනීම ඇති වෙන්නේ කුමක් නිසා ද? *** (වටිනා පැහැදිලි කිරීමකි.)
  9. මස් මාංශ වෙළදාමට සම්බන්ධ වෙන වෙළඳ නියෝජිතයන්ටත් අකුසල් වෙනවා ද? එමෙන්ම රැකියාව තුලින් යමෙකුට පහර දීමෙන් අකුසල් වෙනවා ද?
  10. රටක නීතියට පරිබාහිරව ක්‍රියා කරමින් ලාභ ලබා ගන්නා අය සංසාරික අකුසල් ඇතිකර ගන්නවා ද?
  11. නඩුකාරයෙක් චූදිතයෙකුට මරණ දඬුවම නියම කිරීමේ දී අකුසලයක් සිදු වෙනවා ද?
  12. අවසානය.

සෙනසුරාදා සජීවී ධර්ම සාකච්ඡාව, සෑම සෙනසුරාදාම  ශ්‍රී ලංකා වේලාවෙන් පස්වරු 7.00 ආරම්භ කෙරෙනු ඇත. එම වැඩසටහනට සම්බන්ධ වීමට පළමුව Zoom App එක ඔබගේ පරිගණකයේ ස්ථාපිත කරගන්න. ඉන් පසු පහත Link එක Click කරන්න.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.