දස පාරමිතා අංක: 05 (දාන පාරමිතාව) 09-03-2024

දස පාරමිතා අංක 05 දාන පාරමිතාව 09 03 2024

දස පාරමිතා අංක: 05 (දාන පාරමිතාව) 09-03-2024

දස පාරමිතා අංක: 05 (දාන පාරමිතාව) – Saturday Dhamma Discussion was conducted via Zoom on 09nd March 2024 by Most Ven. Kukulpane Sudassi Thero.  This live Dhamma Discussion was later audio edited to remove unwanted noises and pauses and presented below as separate questions and answers to provide improved listening.

“ප්‍රායෝගික ජීවිතයෙහි ධර්මය ප්‍රගුණ කරන ආකාරය” යන තේමාව මුල්කරගෙන අති පූජනීය කුකුල්පනේ සුදස්සී ස්වාමින්වහන්සේ විසින් සිදුකරන සෙනසුරාදා සජීවී ධර්ම සාකච්ඡා පෙලේ එකසිය තිස් දෙවන ධර්ම දේශනාව සහ සාකච්ඡාව වර්ෂ 2024 මාර්තු මස 09 වන දින සිදුකරන ලදී. 

මෙවර ධර්ම දේශනාව තුලින් දාන පාරමිතාව යනු කුමක්දැයි තව දුරටත් පැහැදිලි කෙරිණි.  මෙම දේශනාවේ දී දාන පාරමිතාවට අවශ්‍ය මානසික තත්වයන් ගොඩ නැගීම සඳහා විවිධ භෞතික තත්වයන් උදවු වෙන ආකාරය පැහැදිලි කරන ලදී.

මෙහිදී දානයේ ප්‍රභේදයන්, භෞතික ප්‍රභේද සහ මානසික ප්‍රභේද වශයෙන් පැහැදිලි කරන ලදී.  ඒ පිළිබඳව දානයේ ප්‍රතිපත්ති ක්‍රමය ඉතා වටිනා ආකාරයෙන් පැහැදිලි කෙරිණි.

එමෙන්ම අද දින ධර්ම සාකච්ඡාවේදී දාන පාරමිතාව පුහුණු කිරීමට සම්බන්ධ ඉතා වටිනා කරුණු මතු කෙරිණි.

මෙම සම්පුර්ණ ධර්ම දේශනාව සහ ධර්ම සාකච්ඡාව ශබ්ද සංස්කරණය කොට ප්‍රශ්න සහ පිළිතුරු වශයෙන් වෙන්කොට පහතින් ඇතුලත් කර තිබේ.


  1. ධර්ම දේශනාව: දාන පාරමිතාවට අවශ්‍ය මානසික තත්වයන් ගොඩ නැගීමට විවිධ භෞතික තත්වයන් උදවු වෙන ආකාරය පහදා දෙන්න. *** (දාන පාරමිතාව සහ පාරමිතා දියුණු කිරීම පිලිබඳ ඉතා වටිනා දේශනාවකි.)
  2. දස පාරමිතාවන් සහ බෝධිපාක්ෂික ධර්ම, සතර සතිපට්ඨානය, වැනි අනෙක් ධර්මත් දියුණු වෙන්නේ එකටම නොවේ ද? *** (දස පාරමිතා සහ බෝධිපාක්ෂික ධර්ම පිළිබඳව අපගේ සිහියේ තබාගත යුතු වැදගත් කරුණක් මෙහි පැහැදිලි කෙරේ.)
  3. ජවන් සිත් පරම්පරාවක එක් ජවන් සිතක් පමණක් ශක්තිමත් කරගත හැකි වේ ද? *** (මේ භවයේ, ඊළඟ භවයේ සහ නිවන් දකින තුරු විපාක දීම පිණිස කර්ම සිදු කරන්නේ කෙසේ ද යන කරුණ පිලිබඳ වටිනා පැහැදිලි කිරීමකි.)
  4. එක් පාරමිතාවක් දියුණු කිරීමේ දී එය පටිච්ච සමුප්පන්න ආකාරයෙන් අනෙක් පාරමිතා දියුණු කිරීමට බලපානවා නොවේ ද? *** (වටිනා පැනයක් සහ පැහැදිලි කිරීමකි.)
  5. යම් කෙනෙකුට සාර්ථක වීමට ඇති අවස්ථා හඳුනා ගැනීමට නොහැකි වන්නේත්, මානසික රෝග ඇති වන්නේත් පෙර කර්ම නිසාවෙන් ද? ***
  6. අභය දානය පිළිබඳව ජීවිත දානයට අමතරව වෙනත් අවස්ථා පහදා දෙන්න. ***
  7. අපට නිවන නොලැබෙන්නේ සිරුර, ජීවිතය යන දේ අත හැරීමට හැකිවෙන තරමට දාන පාරමිතාව දියුණුවල කර නැති නිසාවෙන් ද? *** (වටිනා පැනයක් සහ පැහැදිලි කිරීමකි.)
  8. මහා ශ්‍රාවකයාණන් වහන්සේ නමක් තම ප්‍රාර්ථනය ඇතිකර ගන්නේ කුමන හැගීමකින් ද?*** (වටිනා පැනයක් සහ පැහැදිලි කිරීමකි.)
  9. ධුතංගධාරී ශ්‍රාවකයාණන් වහන්සේ නමක් තම ප්‍රාර්ථනය ඇතිකර ගන්නේ කුමන හැගීමකින් ද? *** (වටිනා පැහැදිලි කිරීමකි.)
  10. යම් සතෙකු තුල මරණ බිය නැති වූවත් එම සතා නොමැරෙන ආකාරයෙන් අප කටයුතු කිරීමේ දී අභය දානය සිදු වෙනවා ද? *** (වටිනා පැනයක් සහ පැහැදිලි කිරීමකි.)
  11. මහා ශ්‍රාවකයාණන් වහන්සේලා එම ප්‍රර්ථනා මුලින් ඇතිකර ගන්නේ ලෝභ සිතින් නොවේ ද? ***
  12. අවසානය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.