බෝධි පාක්ෂික ධර්ම අංක: 02 – Saturday Dhamma Discussion was conducted via Zoom on 12th August 2023 by Most Ven. Kukulpane Sudassi Thero. This live Dhamma Discussion was later audio edited to remove unwanted noises and pauses and is presented below as separate questions and answers to provide improved listening.
“ප්‍රායෝගික ජීවිතයෙහි ධර්මය ප්‍රගුණ කරන ආකාරය” යන තේමාව මුල්කරගෙන අති පූජනීය කුකුල්පනේ සුදස්සී ස්වාමින්වහන්සේ විසින් සිදුකරන සෙනසුරාදා සජීවී ධර්ම සාකච්ඡා පෙලේ එකසිය දාහතර වන ධර්ම දේශනාව සහ සාකච්ඡාව වර්ෂ 2023 අගෝස්තු මස 12 වන දින සිදුකරන ලදී. මෙවර සජීවී ධර්ම දේශනාව සහ සාකච්ඡාව තුලින් බෝධි පාක්ෂික ධර්ම තව දුරටත් විස්තර කෙරිණි.
මෙවර ධර්ම දේශනාවේ දී බෝධි පාක්ෂික ධර්ම වල නව තැනක යෙදෙන වීර්යයේ සතර සම්යප්රධාන අංග පිළිබඳව සිදු කෙරිණි. සතර සම්යප්රධාන වීර්ය ගැන මෙම බෝධි පාක්ෂික ධර්ම වල යෙදෙන සහ යොදවන ආකාරය ඉගෙන ගැනීමේ අවශ්‍යතාවය ධර්ම දේශනාව සහ සාකච්ඡාව තුලින් මතු කෙරිණි.
අප සතිය තුලින් වටහා ගන්නා තත්වයන් මෙම සම්යප්රධාන වීර්ය සමග දියුණු කිරීමේ අත්‍යවශ්‍යතාවය සාකච්ඡාව තුලින් මනා ලෙස මතු කෙරිණි. භාවනා මාර්ගය ප්‍රායෝගිකව වඩනා යෝගාවචරයන්ට මෙම දේශනාව සහ සාකච්ඡාව ඉතා වටිනා වේ.
මෙම සම්පුර්ණ ධර්ම දේශනාව සහ ධර්ම සාකච්ඡාව ශබ්ද සංස්කරණය කොට ප්‍රශ්න සහ පිළිතුරු වශයෙන් වෙන්කොට පහතින් ඇතුලත් කර තිබේ.
- ධර්ම දේශනාව: බෝධි පාක්ෂික ධර්ම වල දී වීර්ය, සතර සම්යප්රධාන වීර්ය ලෙස යෙදෙන සහ වැඩෙන ආකාරය පැහැදිලි කරන්න.*** (සතර සම්යප්රධාන වීර්ය පිලිබඳ ඉතා වටිනා දේශනාවකි.)
- බෝධි පාක්ෂික ධර්ම වල වීර්ය සතර සතිපට්ඨානයේ දී යෙදෙන්නේ නැති බව කීවේ මන් ද? *** (වැදගත් පැනයක් සහ ඉතා වටිනා කරුණු මතු වුන සාකච්ඡාවකි.)
- ආනාපානසති භාවනාවේ ඉතාම මූලික ගුරු උපදේශයක් වන ”සිදු වෙන ආශ්වාස ප්‍රස්වාසය” ආයාසයකින් තොරව සහ ප්‍රඥා සම්පන්න දුරස්ථභාවයකින් දැකීම තුලින් සම්මොහය නැති වීමේ ආරම්භක පුහුණුවක් වෙනවා නේද? *** (වටිනා පැහැදිලි කිරීමකි.)
මෙහි දී සඳහන් කරන ධර්ම දේශනාවේ වෙබ් පිටුවට මෙතැනින් පිවිසෙන්න: විදර්ශනා භාවනාව (09-08-2023) - ඉතා ගැඹුරු ධර්මය භාවනාමය වශයෙන් ප්‍රගුණ කරමින් සෝවාන් වැනි තත්වයන්ට පත්වන්නේ කෙසේ ද? *** (ඉතා වටිනා පැහැදිලි කිරීමකි.)
- ආනාපානසති භාවනාව විපස්සනා ආකාරයෙන් ප්‍රගුණ කිරීමේ දී මෙහි දී විස්තර කෙරෙන ක්‍රම දෙකම අනුමත කල හැකි ද? *** (ඉතා වටිනා පැහැදිලි කිරීමකි.)
- මනස සතියෙන් දියුණු වන විට අපගේ මනස වැඩකරන ආකාරය තේරෙනවා නොවේ ද? *** (ඉතා වටිනා පැහැදිලි කිරීමකි. ද්වේශ චරිත, රාග චරිත වශයෙන් සහ අනෙකුත් බොහෝ චරිත වලට තමන්ගේ මනස වැඩකරනා ආකාරය නොතේරෙන අයුරු මෙහි දී පැහැදිලි කෙරේ. සතිමත් බව දියුණු කළා වූවත්, සතර සම්යප්රධාන වීර්ය සතිය සමග යොදා ගැනීමේ හැකියාව දියුණු කිරීමේ අවශ්‍යතාවය මෙහි දී පෙන්වා දෙන ලදී.)
- අවසානය.
- සෙනසුරාදා සජීවී ධර්ම සාකච්ඡාව, සෑම සෙනසුරාදාම ශ්‍රී ලංකා වේලාවෙන් පස්වරු 7.00 ආරම්භ කෙරෙනු ඇත. එම වැඩසටහනට සම්බන්ධ වීමට පළමුව Zoom App එක ඔබගේ පරිගණකයේ ස්ථාපිත කරගන්න. ඉන් පසු පහත Link එක Click කරන්න.
https://us02web.zoom.us/j/4457486152?pwd=VExxT3RyQndMQXBtdGROR2pJWnJvdz09
Meeting ID: 4457486152
Passcode: Dhamma. - 2023 වසරේ පසුගිය සජීවී ධර්ම සාකච්චා වල වෙබ් යොමුවන් ඇති ප්‍රධාන පිටුවට පිවිසීමට මෙතන click කරන්න.
- Dhamma Yathra දහම් සංසදයට එක්වීමට මෙතැනින් පිවිසෙන්න