පටිච්චසමුප්පාදය අංක: 02 – සෙනසුරාදා ධර්ම සාකච්ඡාව (08-04-2023)

 

පටිච්චසමුප්පාදය අංක: 02 – සෙනසුරාදා සජීවී ධර්ම සාකච්ඡාව (08-04-2023)

පටිච්චසමුප්පාදය අංක: 02 – Saturday Dhamma Discussion No: 101 was conducted on 08 April 2023 by Most Ven. Kukulpane Sudassi Thero. Saturday Dhamma Discussion No: 101 is audio edited to remove unwanted noises and pauses and is presented below as separate questions and answers to provide better listening.

“ප්‍රායෝගික ජීවිතයෙහි ධර්මය ප්‍රගුණ කරන ආකාරය” යන තේමාව මුල්කරගෙන අති පූජනීය කුකුල්පනේ සුදස්සී ස්වාමින්වහන්සේ විසින් සිදුකරන සෙනසුරාදා සජීවී ධර්ම සාකච්ඡා පෙලේ එකසිය එක් වෙනි ධර්ම දේශනාව සහ සාකච්ඡාව වර්ෂ 2023 අප්‍රේල් මස 08 වන දින සිදුකරන ලදී.

මෙවර ධර්ම දේශනාවේ දී පටිච්චසමුප්පාදය පිළිබඳව තව දුරටත් පැහැදිලි කෙරිණි. මෙහිදී  අවිද්‍යාව සහ අවිජ්ජාපච්චයා සංඛාරා යන්න පිලිබඳ ඉතා වැදගත් කරුණු පැහැදිලි කෙරිණි.  එමෙන්ම මෙවර ධර්ම සාකච්ඡාවේ දී පටිච්චසමුප්පාදය පිළිබඳ ඇතැම් ගැඹුරු ප්‍රශ්නයන් සාකච්ඡා විනි. 

පළමු ධර්ම දේශනාවේ දී සඳහන් කල අති පූජනීය රේරුකානේ චන්දවිමල ස්වාමින් වහන්සේ විසින් රචනා කරන ලද “පටිච්ච සමුප්පාද විවරණය” ධර්ම ග්‍රන්ථයේ pdf පිටපත මෙතැනින් බාගත කර ගන්න: පටිච්ච සමුප්පාද විවරණය.

එම ධර්ම ග්‍රන්ථයේම html පිටපත කියවීම සඳහා මෙම යොමුව භාවිතා කරන්න: පටිච්ච සමුප්පාද විවරණය.

මෙම සම්පුර්ණ ධර්ම දේශනාව සහ ධර්ම සාකච්ඡාව ශබ්ද සංස්කරණය කොට ප්‍රශ්න සහ පිළිතුරු වශයෙන් වෙන්කොට පහතින් ඇතුලත් කර තිබේ.


  1. ධර්ම දේශනාව – අවිද්‍යාව සහ අවිජ්ජාපච්චයා සංඛාරා යන්න පැහැදිලි කරන්න. *** (අවිද්‍යාව සහ අවිජ්ජාපච්චයා සංඛාරා යන්න පිලිබඳ ඉතා වැදගත් සහ ඇතැම් පැටලෙන කරුණු හෙළි දැක්වෙන, පැහැදිලි කෙරෙන මෙම දේශනාව ඉතා වටිනා වේ.)
  2. බෝධිසත්වයන් වහන්සේ කෙනෙක් සහ සාමාන්‍ය කෙනෙක් අතර යහපත් දෙයක් කිරීමේ දී ඇති වෙනස පැහැදිලි කිරීම. *** (ආත්ම මූලික සංකල්පයෙන් සිදුකරන කුසලය පසුකර ඉදිරියෙන් යන ආත්ම මූලික සංකල්පයෙන් තොරව සිදුකරන කුසලය පාරමිතාවක් වෙන ආකාරය සහ ප්‍රඥාවේ අවධි බව එයට දැඩි ලෙස දායක වෙන බව පැහැදිලි කිරීම.)
  3. මමත්වය නැති කිරීමට කල යුත්තේ කුමක් ද? *** (විදර්ශනාවේ ක්‍රියාකාරීත්වය පිලිබඳ වටිනා පිළිතුරකි.)
  4. සංස්කාර සහ සංඛාර අතර වෙනස පැහැදිලි කරන්න.
  5. නියත මිත්‍යා දෘෂ්ටියක් නොමැති ඕනෑම කෙනෙක් කම්මස්සකතා සම්මා දිට්ඨියෙන් යුතු ද?
  6. පටිච්චසමුප්පාදය අප ‘අවිජ්ජාපච්චයා සංඛාරා’ යන තැනින්ම පුහුණු විය යුතු ද? *** (වටිනා පැහැදිලි කිරීමකි.)
  7. සාමාන්‍ය අප කුසලයක් කරන අවස්ථාවකදී මෝහය නොදෙන්නේ කෙසේ ද? *** (ඉතා වටිනා පැහැදිලි කිරීමකි.)
  8. අනාපානසතියෙන් ඉහල ධ්‍යාන වලට පත්වීමෙන් අවිද්‍යාවේ අඩු වීමක් වේද? *** (වර්තමානයේ දී භාවනාව පිලිබඳ මුල්බැස ගෙන ඇති වැරදි වැටහීමක් නිවැරදි කරමින් සිදු කරන ඉතා වටිනා පැහැදිලි කිරීමකි.)
  9. තණ්හාව නිසා තණ්හාව ඇතිවෙන ආකාරය පැහැදිලි කරන්න. ***
  10. රෙදි මැදීම වැනි වැඩක් කරන විට බණක් ඇසීම අකුසලයක් ද? *** (සමාජයේ ඇති වැරදි වැටහීමක් නිවැරදි කරමින් සහ අසන යම් මතයක් තුලින් ප්‍රඥාව උපදවා ගැනීමට ක්‍රියා කල යුත්තේ කෙසේද යන්න ඇතුලත් වටින පිළිතුරකි.)
  11. කුසල් කිරීමත් භවයක් සාදන දෙයක් යැයි ඇතැම් ස්වාමින් වහන්සේලා දේශනා කිරීම සුදුසු ද? *** (අද දින ධර්ම දේශනාවට සම්බන්ධ වටිනා පැහැදිලි කිරීමකි.)
  12. නිවන් දැකීම සඳහා භාවනාව කල යුතුම ද? *** (ඉතා වටිනා පැහැදිලි කිරීමකි.)
  13. මළගිය ඥාතියෙක් සිහිනෙන් පෙනෙන්නේ ඒ අය හොඳ උපතක් ලබා නැති නිසා ද? ***
  14. සක්කාය දිට්ඨිය නැතිකර ගැනීමට නාම රූප ගැන කෙසේ පැවතිය යුතු ද?
  15. උපාදානය නැති කිරීමට අප ප්‍රායෝගිකව කුමක් කල යුතු ද?
  16. සතර උපාදානයන් එකිනෙකට වෙනස් වෙනවා ද?
  17. භාවනාවේ දී වේදනා ඇති වී නැති වී යාම දැකීම තණ්හාව අඩු කිරීමට හේතු වෙනවා ද?*** (ඉතා වටිනා පැහැදිලි කිරීමකි.)
  18. අවසානය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.