නැවැත්ම සඳහා පැවැත්ම අංක: 08 (11-03-2023)

නැවැත්ම සඳහා පැවැත්ම අංක: 08 – සෙනසුරාදා සජීවී ධර්ම සාකච්ඡාව අංක: 98 (11-03-2023)

නැවැත්ම සඳහා පැවැත්ම අංක: 08 Saturday Dhamma Discussion – 98 was conducted on 11 March 2023 by Most Ven. Kukulpane Sudassi Thero. Saturday Dhamma Discussion – 98 is audio edited to remove unwanted noises and pauses and is presented below as separate questions and answers to provide better listening.

“ප්‍රායෝගික ජීවිතයෙහි ධර්මය ප්‍රගුණ කරන ආකාරය” යන තේමාව මුල්කරගෙන අති පූජනීය කුකුල්පනේ සුදස්සී ස්වාමින්වහන්සේ විසින් සිදුකරන සෙනසුරාදා සජීවී ධර්ම සාකච්ඡා පෙලේ අනූ අට වෙනි ධර්ම දේශනාව සහ සාකච්ඡාව වර්ෂ 2023 මාර්තු මස 11 වන දින සිදුකරන ලදී.

මෙවර ධර්ම දේශනාවේ දී සහ ධර්ම සාකච්ඡාවේ දී සිඟාලෝවාද සූත්‍රය ඇසුරු කර ගනිමින් ස්වාමි, සේවක සහ ශ්‍රමණ, ගෘහස්ථ සම්බන්ධතා ගුණයෙන් සහ නුවනින් පවත්වා ගන්නේ කෙසේදැයි පැහැදිලි කෙරිණි.  ජීවත් වීම සඳහා  සෑම දෙනාගේම සහයෝගයේ අවශ්‍යතාවය තේරුම් ගනිමින් මෙම අන්තර් සම්බන්ධ තාවයන් ධාර්මිකව පැවැත්ම ගුණය සහ නුවණ අවධි කරමින් සිදු කිරීමේ වැදගත් කම මෙහි දී අවධාරණය කෙරිණි.

ත්‍රිපිටකයේ එම සිඟාලෝවාද සූත්‍රය මෙම යොමුවෙන් කියවන්න: සිඟාලෝවාද සූත්‍රය.

මෙම නැවැත්ම සඳහා පැවැත්ම අංක: 08 ධර්ම දේශනාවේ සහ සාකච්චාවේ වීඩියෝව නැරඹීමට මෙතන click කරන්න.

මෙම සම්පුර්ණ ධර්ම දේශනාව සහ ධර්ම සාකච්ඡාව ශබ්ද සංස්කරණය කොට ප්‍රශ්න සහ පිළිතුරු වශයෙන් වෙන්කොට පහතින් ඇතුලත් කර තිබේ.


  1. ධර්ම දේශනාව – නැවැත්ම සඳහා යන ගමනේදී ස්වාමි සේවක සහ ශ්‍රමණ ගෘහස්ථ භූමිකාවන් පැවැත්විය යුත්තේ කෙසේදැයි සිඟාලෝවාද සූත්‍රය ඇසුරෙන් පහදා දෙන්න. *** (ජීවත් වීම සඳහා  සෑම දෙනාගේම සහයෝගයේ අවශ්‍යතාවය තේරුම් ගනිමින් මෙම අන්තර් සම්බන්ධ තාවයන් ධාර්මිකව පැවැත්ම ගුණය සහ නුවණ අවධි කරමින් සිදු කිරීමේ වැදගත් කම මෙහි දී අවධාරණය කෙරිණි.)
  2. සිඟාලෝවාද සූත්‍රයේ දැක්වෙන ආකාරයට සේවකයන් හට සැලකීමේදී අපගේ ගුණධර්ම දියුණු වෙනවා නොවේ ද? *** (වටිනා පිළිතුරක් සහ සාකච්ඡාවකි.)
  3. ස්වාමි සේවක සම්බන්ධතාවයේ දී ”ආයතනය” මූලික කරගැනීම නිසා වඩා යහපතක් වෙනවා නොවේ ද? *** (වටිනා පිළිතුරක් සහ සාකච්ඡාවකි.)
  4. ඇතැම් විශාල සේවයක් සිදු කෙරෙන මී මැස්සන් වැනි සතුන්ට මිනිසුන්ගෙන් සේවයක්, උපකාරයක් සිදුවෙන්නේ නැහැ නොවේ ද? ***
  5. සේවකයා තුල ආත්මාර්ථකාමී බවක් බොහෝවිට පවතිනවා නොවේ ද? ***
  6. ශික්ෂාකාමී බව සහ පරාර්ථකාමී බව මෙහිදී වැදගත් වෙනවා නොවේ ද? *** (වටිනා පිළිතුරකි.)
  7. ස්වාමි සේවක සහ ශ්‍රමණ ගෘහස්ථ සම්බන්ධතාවයන්ගේ දී ක්‍රියා කල යුතු සීමාවන් අප නිර්ණය කරගන්නේ කෙසේ ද? *** (වටිනා පැනයක් සහ පිළිතුරකි.)
  8. රජයේ සහ පෞද්ගලික අංශයේ ඇති වැදගත් වෙනසක් පිළිබඳව. ***
  9. ඇතම් පුද්ගලික ආයතන තුල දී අවංක සුහද සාකච්චා තුලින් ඇති කරගන්නා ප්‍රවර්ධනය. ***
  10. සේවකයන්ට ආහාර දීම තුලින් කුසලයක් ජනිත වෙන්නේ කෙසේද? **** (දාන කුසලය පිලිබඳ ඉතා වටිනා පිළිතුරකි.)
  11. වර්ථමාන ආයතනයක සෑම මට්ටමක දීම මෙසේ පුද්ගලයින් උඩ සහ යට යනුවෙන් වර්ග කිරීමට හැකි නොවේ ද?
  12. අපගේ නිවෙස් වල සේවකයෙක් දිගු කාලීනව තබා ගැනීමට බැරි වන්නේ මිනිස් ගුණ දහම් අඩු කම නිසා ද? *** (ගුණය සහ නුවණ යන කරුණු දෙකේම වැදගත්කම පිලිබඳ වටිනා පිළිතුරකි.
  13. අවසානය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.