නැවැත්ම සඳහා පැවැත්ම අංක: 07 (04-03-2023)

නැවැත්ම සඳහා පැවැත්ම අංක: 07 – සෙනසුරාදා සජීවී ධර්ම සාකච්ඡාව – 97 (04-03-2023)

නැවැත්ම සඳහා පැවැත්ම අංක: 07 Saturday Dhamma Discussion – 97 was conducted on 04 March 2023 by Most Ven. Kukulpane Sudassi Thero. Saturday Dhamma Discussion – 97 is audio edited to remove unwanted noises and pauses and is presented below as separate questions and answers to provide better listening.

“ප්‍රායෝගික ජීවිතයෙහි ධර්මය ප්‍රගුණ කරන ආකාරය” යන තේමාව මුල්කරගෙන අති පූජනීය කුකුල්පනේ සුදස්සී ස්වාමින්වහන්සේ විසින් සිදුකරන සෙනසුරාදා සජීවී ධර්ම සාකච්ඡා පෙලේ අනූ හත් වෙනි ධර්ම දේශනාව සහ සාකච්ඡාව වර්ෂ 2023 මාර්තු මස 04 වන දින සිදුකරන ලදී.

මෙවර ධර්ම දේශනාවේ දී සහ ධර්ම සාකච්ඡාවේ දී සිඟාලෝවාද සූත්‍රය ඇසුරු කර ගනිමින් ගුරු ශිෂ්‍ය සහ යහළු මිත්‍රයෝ භූමිකාවන් නැවැත්ම සඳහා පැවැත්ම සිදු කිරීමේ දී පුද්ගල විවිධත්වය, අවස්ථාවන් සහ භූමිකා තේරුම් ගනිමින් එම සම්බන්ධතා සති සම්පජඤ්ඤයෙන් පවත්වා ගන්නේ කෙසේදැයි පැහැදිලි කෙරිණි.

ත්‍රිපිටකයේ එම සිඟාලෝවාද සූත්‍රය මෙම යොමුවෙන් කියවන්න: සිඟාලෝවාද සූත්‍රය.

මෙම නැවැත්ම සඳහා පැවැත්ම අංක: 07 ධර්ම දේශනාවේ සහ සාකච්චාවේ වීඩියෝව නැරඹීමට මෙතන click කරන්න.

මෙම සම්පුර්ණ ධර්ම දේශනාව සහ ධර්ම සාකච්ඡාව ශබ්ද සංස්කරණය කොට ප්‍රශ්න සහ පිළිතුරු වශයෙන් වෙන්කොට පහතින් ඇතුලත් කර තිබේ.


  1. ධර්ම දේශනාව – නැවැත්ම සඳහා යන ගමනේදී ගුරු ශිෂ්‍ය සහ යහළු මිත්‍රයෝ භූමිකාවන් පැවැත්විය යුත්තේ කෙසේදැයි සිඟාලෝවාද සූත්‍රය ඇසුරෙන් පහදා දෙන්න. *** (මෙහිදී පුද්ගල විවිධත්වය සහ භූමිකා තේරුම් ගනිමින් එම සම්බන්ධතා සති සම්පජඤ්ඤයෙන් පවත්වා ගන්නේ කෙසේදැයි පැහැදිලි කෙරිණි.  එමෙන්ම සතර සංග්‍රහ වස්තු පිළිබඳව ඉතා සුවිශේෂී පැහැදිලි කිරීමක් මෙහි ඇතුලත් වේ.)
  2. කිරිවෙහෙරේ දී සිදුකල දස සර්වඥ පූජාව.
  3. සතර සංග්‍රහ වස්තු පිළිබඳව කථා කරන විට නොරැවටීම ගැන විශේෂයෙන් සඳහන් කලේ මන්ද? 
  4. ගෝල ස්වාමීන් වහන්සේලා, ගුරු ස්වාමින් වහන්සේලාගේ හඬ අනුකරනය කිරීම විකෘතියක් ද?
  5. දහම් මග ගමන් කිරීමේදී නිවැරදි ගුරුවරයෙක් සොයා ගන්නේ කෙසේ ද? *** (වටිනා සහ කාලීන පැහැදිලි කිරීමකි.)
  6. සති සම්පජඤ්ඤය භාවිතා කරමින් අපගේ චරිතය හඳුනා ගැනීම, අපට බාහිර පුද්ගලයින් ඇසුරු කිරීම වඩාත් පහසු කෙරෙනවා නොවේ ද? *** (ඉතා වටිනා කරුණු මතු කෙරෙන ධර්ම සාකච්ඡා ඛණ්ඩයකි.
  7. සත්‍ය වුවත් ප්‍රකාශ කල යුත්තේ සමාජයට යහපතක් වෙනවා නම් පමණයි කියා බුදු රජාණන් වහන්සේ දේශනා කලා ද?
  8. බුදු රජාණන් වහන්සේ අපට නිශ්ශබ්දතාවය භාවිතා කිරීම ගැන දේශනා කර තිබෙනවා ද? ***
  9. බුදු රජාණන් වහන්සේ දේවදත්ත ස්වාමින් වහන්සේව ප්‍රතික්ෂේප කලා ද?
  10. බුදු රජාණන් වහන්සේ දේවදත්ත ස්වාමින් වහන්සේ සමග එකඟ නොවූ කරුණු වෙනත් අවස්ථාවක දී අගය කල නොවේ ද? 
  11. සපත්තු පැළඳීම ස්වාමින් වහන්සේලාට අකැපයි ද?
  12. චතුමධුර පිළිබඳව බුදුරජාණන් වහන්සේ දේශනා කලේ කුමක් ද? ***
  13. අවසානය.