බෝධි පාක්ෂික ධර්ම අංක: 13 (16-12-2023)

බෝධි පාක්ෂික ධර්ම අංක 13 - සෙනසුරාදා ධර්ම සාකච්ඡාව (16-12-2023)

බෝධි පාක්ෂික ධර්ම අංක 13 – සෙනසුරාදා ධර්ම සාකච්ඡාව (16-12-2023)

බෝධි පාක්ෂික ධර්ම අංක: 13 – Saturday Dhamma Discussion was conducted via Zoom on 16th December 2023 by Most Ven. Kukulpane Sudassi Thero.  This live Dhamma Discussion was later audio edited to remove unwanted noises and pauses and presented below as separate questions and answers to provide improved listening.

“ප්‍රායෝගික ජීවිතයෙහි ධර්මය ප්‍රගුණ කරන ආකාරය” යන තේමාව මුල්කරගෙන අති පූජනීය කුකුල්පනේ සුදස්සී ස්වාමින්වහන්සේ විසින් සිදුකරන සෙනසුරාදා සජීවී ධර්ම සාකච්ඡා පෙලේ එකසිය විසි හය වන ධර්ම දේශනාව සහ සාකච්ඡාව වර්ෂ 2023 දෙසැම්බර් මස 16 වන දින සිදුකරන ලදී. 

මෙවර ධර්ම දේශනාවේ දී උපෙඛා සම්බොජ්ඣංගය සඳහා මුලික වෙන තත්‍රමජ්ජත්තතා චෛතසිකය පිළිබඳව පැහැදිලි කරන ලදී.  එහි දී උපෙඛා පාරමිතාවේ සහ උපෙඛා බ්‍රහ්මවිහාරයේ දියුණුවට එම චෛතසිකය මූලිකව ක්‍රියාත්මක වෙන ආකාරය පැහැදිලි කෙරිණි.

එසේම අද දින සාකච්ඡාවේ දී උපෙඛා සම්බොජ්ඣංගය සහ තත්‍රමජ්ජත්තතා චෛතසිකය පිළිබඳව වටිනා පැහැදිලි කිරීම් මතු කෙරිණි.

මෙම සම්පුර්ණ ධර්ම දේශනාව සහ ධර්ම සාකච්ඡාව ශබ්ද සංස්කරණය කොට ප්‍රශ්න සහ පිළිතුරු වශයෙන් වෙන්කොට පහතින් ඇතුලත් කර තිබේ.


  1. ධර්ම දේශනාව: උපෙඛා සම්බොජ්ඣංගය සඳහා මුලික වෙන තත්‍රමජ්ජත්තතා චෛතසිකය පිළිබඳව පැහැදිලි කරන්න. *** (තත්‍රමජ්ජත්තතා චෛතසිකය පිලිබඳ වටිනා පැහැදිලි කිරීමකි.)
  2. තත්‍රමජ්ජත්තතා චෛතසිකය, උපෙඛා පාරමිතාව සහ උපෙඛා බ්‍රහ්මවිහාරය, ප්‍රායෝගික ආකාරයෙන් චිත්තානුපස්සනාව තුලින් වැඩෙන මෙම ආකාරය නිවැරදි ද? *** (සතර සතිපට්ඨානයේ චිත්තානුපස්සනාව තුලින් මෙම කරුණු දියුණු වෙන ක්‍රමික ආකාරය මෙහි දී පැහැදිලි කෙරේ. මෙම වටිනා පැහැදිලි කිරීමට පහත දැක්වෙන පැන අංකයන්: 09, 10 සහ 15 සඳහා දුන් වටිනා පිළිතුරු සම්බන්ධ වේ.)
  3. දහම් සෙවනේ ස්වාමින්වහන්සේ ඇසූ පැනයන් සහ අදහස් පැහැදිලි කිරීම්. ***
  4. උපේක්ෂාවේ උපරිමස්ථානය කුමක් ද? උපේක්ෂාව දියුණු කිරීම සඳහා අත්‍යවශ්‍ය ප්‍රතිපත්ති මොනවාද යන්න පැහැදිළි කර දෙන්න. *** (විශේෂයෙන්ම මෙම පැනයේ දෙවෙනි කොටස සඳහා සිදුකල පිළිතුර ඉතා වටිනා වේ.  ඒ තුලින් ධර්ම දේශනාවේ පැහැදිලි කල කරුණු වලට තවත් වටිනා එකතුවක් සිදුකෙරිණි.)
  5. සම්මා දිට්ඨිය නිසා අනෙක් සියලුම මාර්ගාංග නිතැතින් වැඩෙන බව නිවැරදිද?
  6. චූල වේදල්ල සූත්‍රයේ දැක්වෙන ”උපේක්‍ෂා වේදනාවේ දැනීම සැපය. නොදැනීම දුකය” යන පැහැදිලි කිරීම අද ධර්ම දේශනාවේ යම් ආකාර ගොනු කිරීමක් ද? ***
  7. තත්‍රමජ්ජත්තතාවයෙන් ඇතිකරන ඉන්ද්‍රිය සමතාවය සහ එය දියුණු කිරීම තව දුරට පැහැදිලි කරන්න. *** (ඉතා වටිනා පැහැදිලි කිරීමකි.)
  8. සාමාන්‍ය ජීවිතයේදී හිත රිදෙන කරුණක් වූ විට මේ අයුරින් ක්‍රියා කිරීම නිවැරදි ද?
  9. සාමාන්‍ය ජීවිතයේ දී මොහොතක් මොහොතක් පාසා උපේක්‍ෂා සිත හදා ගන්නේ කෙසේ ද? *** (ඉතා වටිනා පැහැදිලි කිරීමකි. මෙම පිළිතුර ඉහත පැන අංක: 02 ට සම්බන්ධ වේ.)
  10. අප සිහියෙන් යුතුව අකුසල සිතුවිල්ලක් බැහැර කලත් යම් අනාගත කර්ම ඵලයක් ඇති වේ ද? එසේ අනාගත කර්ම විපාකයක් ඇති නොවෙනා ආකාරයට අකුසල සිතුවිල්ල බැහැර කරන්නේ කෙසේ ද? *** (විපස්සනා භාවනාවේ චිත්තානුපස්සනාවේ සහ ධම්මනුපස්සනාවේ දී සිදුවෙන වැදගත් වෙනසක් වෙන නූපන් අකුසල් නොඉපදන හැකියාව දියුණු වෙන ආකාරය මෙම පැහැදිලි කිරීමේ ඇතුලත් වේ.  මෙම පිළිතුරද ඉහත පැන අංක: 02 ට සම්බන්ධ වේ.)
  11. සත්වයෙක් තවත් සතෙකු ගොදුරු කරගන්නට යන විට අප එය දෙස බලා සිටිය යුතු ද නැතහොත් එම සතා බේරාගත යුතු ද? 
  12. චිත්ත චෛතසික වල නිරුද්ධ වීම ඒ සමගම දැකීම උපේක්‍ෂා ගුණයක් ද?
  13. සතර සතිපට්ඨානය වැඩීමේ දී ඇතිවෙන සතුට ආර්ය අෂ්ඨාංගික මාර්ගයට යොමුකර ගන්නේ කෙසේ ද? *** (ඉතා වටිනා පැනයක් සහ පිළිතුරකි.)
  14. තත්‍රමජ්ජත්තතා පදයේ තත්‍ර සහ මජ්ජත්තතා යන කොටස් වල තේරුම පහදා දෙන්න. ***
  15. ඇස, කණ, නාසය යනාදී ඉන්ද්‍රියන් ගැටෙන අරමුණු වලට කිසිම අගයක් නොදීමෙන් තණ්හාව ප්‍රහාණය කිරීම පහසුවේ ද? *** (ඉතා වටිනා පැනයක් සහ පිළිතුරකි. මෙම පිළිතුරද ඉහත පැන අංක: 02 ට සම්බන්ධ වේ.)
  16. අවසානය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.