බෝධි පාක්ෂික ධර්ම අංක: 11 (18-11-2023)

බෝධි පාක්ෂික ධර්ම අංක 11 - සෙනසුරාදා සජීවී ධර්ම සාකච්ඡාව (18-11-2023)

බෝධි පාක්ෂික ධර්ම අංක 11 – සෙනසුරාදා සජීවී ධර්ම සාකච්ඡාව (18-11-2023)

බෝධි පාක්ෂික ධර්ම අංක: 11 Saturday Dhamma Discussion was conducted via Zoom on 18th November 2023 by Most Ven. Kukulpane Sudassi Thero.  This live Dhamma Discussion was later audio edited to remove unwanted noises and pauses and presented below as separate questions and answers to provide improved listening.

“ප්‍රායෝගික ජීවිතයෙහි ධර්මය ප්‍රගුණ කරන ආකාරය” යන තේමාව මුල්කරගෙන අති පූජනීය කුකුල්පනේ සුදස්සී ස්වාමින්වහන්සේ විසින් සිදුකරන සෙනසුරාදා සජීවී ධර්ම සාකච්ඡා පෙලේ එකසිය විසි තුන් වන ධර්ම දේශනාව සහ සාකච්ඡාව වර්ෂ 2023 නොවැම්බර් මස 18 වන දින සිදුකරන ලදී. 

මෙවර ධර්ම දේශනාවේ දී බෝධි පාක්ෂික ධර්ම වල එක් අවස්ථාවක දී පමණක් යෙදෙන ඉතිරි පරමාර්ථ ධර්ම 09 වඩන ආකාරය පැහැදිලි පැහැදිලි කිරීම ආරම්භ කරන ලදී.  අද දිනයේ දී ඡන්ද, චිත්ත සහ ප්‍රීති යන ධර්ම බෝධි පාක්ෂික ධර්ම වශයෙන් දියුණු කරන ආකාරය පැහැදිලි කරන ලදී.

එසේම අද දින සාකච්ඡාවේ දී මතුකළ පැනයන් තුලින් මෙම කරුණු පිලිබඳ ඉතා ප්‍රායෝගික වටිනාකම් ඇති පැහැදිලි කිරීම් මතු කෙරිණි.

මෙම සම්පුර්ණ ධර්ම දේශනාව සහ ධර්ම සාකච්ඡාව ශබ්ද සංස්කරණය කොට ප්‍රශ්න සහ පිළිතුරු වශයෙන් වෙන්කොට පහතින් ඇතුලත් කර තිබේ.


  1. ධර්ම දේශනාව: බෝධි පාක්ෂික ධර්ම වල චන්ද, චිත්ත සහ ප්‍රීති යන ධර්ම බෝධි පාක්ෂික ධර්ම වශයෙන් දියුණු කරන ආකාරය පැහැදිලි කරන්න. *** (ඡන්ද, චිත්ත සහ ප්‍රීති ඉද්ධිපාද වශයෙන් දියුණු කිරීමේ දී වැදගත්වන කරුණු බොහොමයක් මෙහි ඇතුලත් වේ.)
  2. අකුසල මූලික කැමැත්තෙන් තොරව චන්දය ඇතිවීම සහ එම ඡන්දයේ සුවිශේෂී ක්‍රියාත්මක බලය ප්‍රායෝගිකව හඳුනාගැනීමට ඇති උදහාරණයක්. *** (ඉතා වටිනා ප්‍රායෝගික වැදගත්කමක් ඇති සාකච්ඡාවකි.)
  3. ඡන්ද, චිත්ත සහ ප්‍රීති වල ගති ලක්‍ෂණ තව දුරටත් පැහැදිලි කර දෙන්න. *** (මෙහි වීමංසා ඉද්ධිපාදය පිලිබඳ ඉතා වටිනා පැහැදිලි කිරීමක් ඇතුලත් වේ.)
  4. වීමන්සාව සම්පජඤ්ඤයෙන් වෙනස් වන්නේ කෙසේ ද? *** (සතිය, සම්පජඤ්ඤය සහ වීමංසාව පිලිබඳ ඉතා වැදගත් පැහැදිලි කිරීමකි.)
  5. මනසිකාරය යනු සති සම්පජඤ්ඤයම ද නැතහොත් ඊට වැඩ ගැඹුරු කරුණක් ද? *** (යෝනිසෝමනසිකාරය සහ අයෝනිසෝමනසිකාරය අතර වෙනස සහ එයට හේතුවන කරුණු මෙහි දී පැහැදිලි කරේ.  එමෙන්ම චිත්ත පිළිබඳව ද වටිනා පැහැදිලි කිරීමක් ඇතුලත් වේ.)
  6. අකුසල ඡන්දය කියන්නේ කාමඡන්දයට ද? *** (වටිනා පැහැදිලි කිරීමකි.)
  7. අපගේ දහම් මග ප්‍රගුණ කිරීමේ අවසානය හේතු ප්‍රත්‍ය දැන ගැනීම ද? *** (ශ්‍රාවකයන් ලෙසින් අපගේ දහම් මග දියුණු කල යුතු නිවැරදි ආකාරය පිළිබඳව සිදු කෙරුණු ඉතා වටිනා පැහැදිලි කිරීමකි.)
  8. අසුභ භාවනාව තුල සමථයට අමතරව සති සම්පජඤ්ඤය අවධි කරන්නේ කෙසේ ද? ***
  9. අවසානය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.