බෝධි පාක්ෂික ධර්ම අංක: 09 (21-10-2023)

බෝධි පාක්ෂික ධර්ම අංක 09 – සෙනසුරාදා සජීවී ධර්ම සාකච්ඡාව (21-10-2023)

බෝධි පාක්ෂික ධර්ම අංක: 09 – Saturday Dhamma Discussion was conducted via Zoom on 21st October 2023 by Most Ven. Kukulpane Sudassi Thero.  This live Dhamma Discussion was later audio edited to remove unwanted noises and pauses and presented below as separate questions and answers to provide improved listening.

“ප්‍රායෝගික ජීවිතයෙහි ධර්මය ප්‍රගුණ කරන ආකාරය” යන තේමාව මුල්කරගෙන අති පූජනීය කුකුල්පනේ සුදස්සී ස්වාමින්වහන්සේ විසින් සිදුකරන සෙනසුරාදා සජීවී ධර්ම සාකච්ඡා පෙලේ එකසිය විසි එක් වන ධර්ම දේශනාව සහ සාකච්ඡාව වර්ෂ 2023 ඔක්තෝබර් මස 21 වන දින සිදුකරන ලදී. 

මෙවර ධර්ම දේශනාවේ දී බෝධි පාක්ෂික ධර්ම වල අවස්ථා පහක යෙදෙන ප්‍රඥාව ඉන්ද්‍රිය, බල, බොජ්ඣංග සහ මාර්ග අංගයක් වශයෙන් වඩන ආකාරය පැහැදිලි කරන ලදී.

එසේම අද දින සාකච්ඡාවේ දී මතුකළ පැනයන් තුලින් ප්‍රඥාව පිලිබඳ ඉතා වටිනා පැහැදිලි කිරීම්, අදහස් සහ යෝජනාවක් මතු කෙරිණි.

මෙම සම්පුර්ණ ධර්ම දේශනාව සහ ධර්ම සාකච්ඡාව ශබ්ද සංස්කරණය කොට ප්‍රශ්න සහ පිළිතුරු වශයෙන් වෙන්කොට පහතින් ඇතුලත් කර තිබේ.


  1. ධර්ම දේශනාව: ප්‍රඥා චෛතසිකයේ ඉන්ද්‍රිය, බල, බොජ්ඣංග සහ මාර්ග අංග බෝධි පාක්ෂික ධර්මයන් ලෙස වැඩෙන ආකාරය පැහැදිලි කරන්න. *** (බෝධි පාක්ෂික ධර්ම වල ප්‍රඥා චෛතසිකයේ ඉන්ද්‍රිය, බල, බොජ්ඣංග සහ මාර්ග අංග ආකාරයෙන් වඩන ආකාරය පිලිබඳ ගැඹුරු සහ ප්‍රායෝගික වටිනාකමකින් යුතු දේශනාවකි.)
  2. අධිමොක්ඛය සහ ප්‍රඥාවත්, නැනසින් දැනගැනීමේ ලෞකික පැත්තක් ඇතිද යන්නත් සහ ඝනසංගනිකාරාමතා යන්නත් තව දුරට පැහැදිලි කරන්න. *** (මෙම ධර්ම සාකච්ඡාවේ දී වටිනා කරුණු රැසක් මතු කෙරිණි.)
  3. ස්වාමින්වහන්සේලා භාවනාව කියාදෙන විට විරාග නිශ්‍රිත, විවේක නිශ්‍රිත, නිරෝධ නිශ්‍රිත යනා දී වශයෙන් ”කුසල භාවනා” වැඩීම අවධාරණය කිරීම බෞද්ධ අපට බොහෝ වැඩදායක වෙනවා නොවේ ද? *** (මෙම ධර්ම සාකච්ඡාවෙන් ද ඉතා වටිනා කරුණු රැසක් මතු කෙරිණි.  එමෙන්ම මෙහි දී මතුවුන බෝධි පාක්ෂික ධර්ම වැඩෙන කුසල භාවනා පිළිබඳව පසුව වැඩිදුරටත් සාකච්ඡා වුනි.)
  4. කුසලච්න්දය සහ කාමච්චන්දය අතර වෙනස ප්‍රයෝගිකව පුහුණුවේ දී නිතර පැහැදිලි කරගැනීමේ වැදගත් කම, නිවැරදි දහම් දැනුම සහ ප්‍රත්‍යවේක්ෂාවේ වැදගත්කම. *** (මෙම ධර්ම සාකච්ඡාවෙන් ද ඉතා වටිනා කරුණු රැසක් මතු කෙරිණි.)
  5. බෝධි පාක්ෂික ධර්මයන් ලෙස ස්මෘතිය සහ ඒකාග්‍රතාවය දියුණු කරන විට ප්‍රඥාව දියුණු වී කාමච්චන්දය ආදී අකුසල ධර්ම නැතිකිරීමට හේතු වෙනවා ද? *** (මෙම ධර්ම සාකච්ඡාවේ දී ඉතා වටිනා කරුණු රැසක් මතු කෙරිණි.)
  6. බෝධි පාක්ෂික ධර්ම වැඩීමේ වැඩසටහනක් ආරම්භ කිරීම පිළිබඳව සිදුකල වටිනා යෝජනාවක්. ***
  7. ආර්ය අෂ්ඨාංගික මාර්ග වඩන අයෙක් නියමිත ශීලයේ පිහිටා ඇති විට වැඩීමට ඉතිරිව ඇත්තේ මාර්ගයේ අංග පහක් පමණක් ද? *** (ඉතා වටිනා අදහසකි.  සිල් සමාදම් වූ දින වල දී ඉහත සඳහන් කල බෝධි පාක්ෂික ධර්ම වැඩෙන කුසල භාවනා දියුණු කිරීමේ හැකියාව මෙහි දී මතු කෙරිණි.) 
  8. විදර්ශනාවේ ආරම්භය දිට්ඨි විශුධිය ද? ***
  9. සොරකමක් නොකර එයින් වැලකී සිටින්නේ ප්‍රඥා චෛතසිකය අවධි වීම නිසා ද? *** (වටිනා පැහැදිලි කිරීමකි.)
  10. ඉන්ද්‍රිය ධර්මයක් බවට පත්වීම යනු කුමක්ද? ***
  11. ශීලය පිලිබඳ අදහසක් අනුව ඒ ගැන ඇති වූ විමසුම සහ අවසානය. ***

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.