බෝධි පාක්ෂික ධර්ම අංක: 08 (07-10-2023)

බෝධි පාක්ෂික ධර්ම අංක 08 – සෙනසුරාදා සජීවී ධර්ම සාකච්ඡාව (07-10-2023)

බෝධි පාක්ෂික ධර්ම අංක: 08 – Saturday Dhamma Discussion was conducted via Zoom on 07th October 2023 by Most Ven. Kukulpane Sudassi Thero.  This live Dhamma Discussion was later audio edited to remove unwanted noises and pauses and presented below as separate questions and answers to provide improved listening.

“ප්‍රායෝගික ජීවිතයෙහි ධර්මය ප්‍රගුණ කරන ආකාරය” යන තේමාව මුල්කරගෙන අති පූජනීය කුකුල්පනේ සුදස්සී ස්වාමින්වහන්සේ විසින් සිදුකරන සෙනසුරාදා සජීවී ධර්ම සාකච්ඡා පෙලේ එකසිය විසි වන ධර්ම දේශනාව සහ සාකච්ඡාව වර්ෂ 2023 ඔක්තෝබර් මස 07 වන දින සිදුකරන ලදී. 

මෙවර ධර්ම දේශනාවේ දී බෝධි පාක්ෂික ධර්ම වල අවස්ථා පහක යෙදෙන ප්‍රඥාවේ වීමංසා ඉද්ධිපාදය පිළිබඳව පැහැදිලි කෙරිණි. 

එසේම අද දින සාකච්ඡාවේ දී මතුකළ පැනයන් තුලින් වීමංසා ඉද්ධිපාදය පිලිබඳ ඉතා වටිනා පැහැදිලි කිරීම් මතු කෙරිණි. විශේෂයෙන්ම ධර්ම සාකච්ඡාවට සම්බන්ධ වූ ගෞරවනීය ස්වාමින්වහන්සේ විසින් ද ඉතා වටිනා අදහස් ඉදිරිපත් කෙරිණි.

මෙම සම්පුර්ණ ධර්ම දේශනාව සහ ධර්ම සාකච්ඡාව ශබ්ද සංස්කරණය කොට ප්‍රශ්න සහ පිළිතුරු වශයෙන් වෙන්කොට පහතින් ඇතුලත් කර තිබේ.


  1. ධර්ම දේශනාව:ප්‍රඥා චෛතසිකයේ ඇතුලත් වෙන වීමංසා ඉද්ධිපාදය බෝධි පාක්ෂික ධර්මයක් ලෙස වැඩෙන ආකාරය පැහැදිලි කරන්න.*** (විමංසා ඉද්ධිපාදය පිලිබඳ ඉතා වටිනා පැහැදිලි කිරීමකි.)
  2. අභිඥා සහ පරිඥා පිළිබඳව තවදුරටත් පැහැදිලි කරන්න. *** (අභිඥා සහ පරිඥා යනු ප්‍රඥාවේ අංග ලෙසට ගැඹුරු අකාරයෙන් මෙහිදී පැහැදිලි කෙරේ.)
  3. අප බොහෝ දෙනෙක් සෝවාන් වීමට යොමු වෙන්නේ බිය හෝ තණ්හාව තුලින් යන පදනමේ පරිවර්තනය වීම වීමංසා ඉද්ධිපාදය ඇසුරෙන් තව දුරටත් පැහැදිලි කරන්න. *** (වටිනා පැනයක් සහ පැහැදිලි කිරීමකි.  මෙය ඇසුරෙන් තවත් වටිනා පැනයන් සහ සාකච්ඡාවන් පසුව ඇති විනි.  මෙහි දී සඳහන් කල “නිවන් මගට බැස ගැනීමට උපනිශ්‍රය වන කරුණු” යන ධර්ම දේශනාව ඇතුලත් පිටුවට මෙතනින් පිවිසෙන්න.)
  4. ඉහත පැනය සහ පිළිතුරට ගෞරවනීය ස්වාමීන්වහන්සේ නමකගෙන් සිදුවූ තවත් වටිනා එකතුවකි. *** (කුසල ඡන්දය සහ තණ්හාව නිසා ඇතිවෙන කාම ඡන්දය අතර ඇති වෙනස වීමංසා ඉද්ධිපාදය තුලින් හඳුනා ගැනීමේ අවශ්‍යතාවය මෙහි දී පැහැදිලි කෙරේ.)
  5. චෛතසික ධර්ම සියුම් වෙන විට ඒවාට අනුබල දෙන ස්වභාවයක් රූපය තුලත් ඇතිවෙනවා නොවේ ද? *** (සිත, කය අතර ඇති සම්බන්ධය සහ ඒවා සමතුලිත කරගැනීමේ වැදගත්කම මෙහි දී පැහැදිලි කෙරේ.)
  6. ඵල සමාපත්තිය යනු කුමක් ද සහ එය ඊළඟ ඵලයට හේතුවක් වෙනවා ද? ***
  7. නිවන කරා යන්නේ තණ්හාවෙන් ද අවබෝධයෙන් ද යන්න වෙන්කර දැනගැනීම නිවන් මාර්ගය දියුණු කිරීමේ දී වඩා සුදුසු වේ ද? **** (ඉතා වටිනා සහ විශිෂ්ඨ පැහැදිලි කිරීමකි.)
  8. නිවැරදි දහම් පොත් පරිශීලනය භාවනාව වඩනා විට සිදු කිරීම නිවැරදි ද? ***
  9. ඉහත පැන අංක: 07 ගැන ගෞරවනීය ස්වාමීන්වහන්සේ නමකගෙන් සිදුවූ තවත් වටිනා එකතුවකි. ***
  10. කථින පිංකම් පිලිබඳ විශේෂ දැනුම් දීම සහ අවසානය. ***

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.