බෝධි පාක්ෂික ධර්ම අංක: 07 (23-09-2023)

බෝධි පාක්ෂික ධර්ම අංක 07 - සෙනසුරාදා සජීවී ධර්ම සාකච්ඡාව (23-09-2023)

බෝධි පාක්ෂික ධර්ම අංක 07 – සෙනසුරාදා සජීවී ධර්ම සාකච්ඡාව (23-09-2023)

බෝධි පාක්ෂික ධර්ම අංක: 07 – Saturday Dhamma Discussion was conducted via Zoom on 23rd September 2023 by Most Ven. Kukulpane Sudassi Thero.  This live Dhamma Discussion was later audio edited to remove unwanted noises and pauses and presented below as separate questions and answers to provide improved listening.

“ප්‍රායෝගික ජීවිතයෙහි ධර්මය ප්‍රගුණ කරන ආකාරය” යන තේමාව මුල්කරගෙන අති පූජනීය කුකුල්පනේ සුදස්සී ස්වාමින්වහන්සේ විසින් සිදුකරන සෙනසුරාදා සජීවී ධර්ම සාකච්ඡා පෙලේ එකසිය දහනව වන ධර්ම දේශනාව සහ සාකච්ඡාව වර්ෂ 2023 සැප්තැම්බර් මස 23 වන දින සිදුකරන ලදී. 

මෙවර ධර්ම දේශනාවේ දී බෝධි පාක්ෂික ධර්ම වල සතර ආකාරයකින් යෙදෙන ඒකග්ගතා චෛතසිකය පිලිබඳව සිදු කෙරිණි.  එහිදී සමාධිය සහ ධ්‍යාන අතර ඇති වෙනස්කම් පැහැදිලි කෙරුණු අතර සහ වර්ථමාන සමාජයේ සමාධිය පිළිබඳව ඇති වැරදි වටහා ගැනීමක් නිවැරදි කෙරිණි.  එමෙන්ම ඒකග්ගතා චෛතසිකය ඉන්ද්‍රිය, බල, බොජ්ඣංග සහ මාර්ග අංගයන් වශයෙන් වැඩෙන ආකාරය පැහැදිලි කරන ලදී. 

එසේම අද දින සාකච්ඡාවේ දී මතුකළ පැනයන් තුලින් ඒකග්ගතා චෛතසිකය පිලිබඳ ඉතා වටිනා පැහැදිලි කිරීම් මතු කෙරිණි.  විශේෂයෙන්ම ධර්ම සාකච්ඡාවට සම්බන්ධ වූ ගෞරවනීය ස්වාමින්වහන්සේලා විසින් ද ඉතා වටිනා අදහස් ඉදිරිපත් කෙරිණි.

මෙම සම්පුර්ණ ධර්ම දේශනාව සහ ධර්ම සාකච්ඡාව ශබ්ද සංස්කරණය කොට ප්‍රශ්න සහ පිළිතුරු වශයෙන් වෙන්කොට පහතින් ඇතුලත් කර තිබේ.


  1. ධර්ම දේශනාව: ඒකග්ගතා චෛතසිකය බෝධි පාක්ෂික ධර්ම වල දී වැඩෙන ආකාරය පැහැදිලි කරන්න. *** (ඒකග්ගතා චෛතසිකය පිලිබඳ ඉතා වැදගත් දේශනාවකි.)
  2. සමාධි සිතේ අරමුණට කිඳා බසින ස්වභාවයත් එය මතකයට සම්බන්ධ වෙන ආකාරයත් පහදා දෙන්න. *** (ප්‍රායෝගික ජීවිතයේදී සහ ආධ්‍යාත්මික පුහුණුවේ දී සමාධිය ක්‍රියාත්මක වෙන ආකාරයත් එය සතිය සමග සම්බන්ධ වෙන ආකාරයත් මෙහිදී පැහැදිලි කෙරේ.)
  3. ත්‍රිහේතුක කුසලයන් සිදුකරන ආකාරය තේරුම් ගත්විට දන්දීම වැනි ක්‍රියාවන්ට අමතරව සාමාන්‍ය දිනයක දී බොහෝ අවස්ථා වල ත්‍රිහේතුක කුසලයන් කිරීමට හැකි වෙනවා නොවේ ද? *** (ත්‍රිහේතුක කුසලයන්, මරණාසන්න සිත, හේතු, ප්‍රත්‍ය සහ ඵල පිලිබඳ ඉතා වටිනා සාකච්ඡාවකි.)
  4. බෝධි පාක්ෂික ධර්ම ග්‍රන්ථයේ සමාධිය ගැන සිදුකරන මෙම පැහැදිලි කිරීම තේරුම් කර දෙන්න. *** (සමාධියේ ප්‍රබල අවස්ථාවන් පිලිබඳ වටිනා පැහැදිලි කිරීමකි.)
  5. සමථ විපස්සනා වල ආකාර තුන අනුව සතිපට්ඨානය දියුණු කරන විට එක් එක් ආකාරයන්ගේ ඇති වෙනස්කම් මොනවා ද? *** (සමාධිය විපස්සනා මූලිකව වැඩීමේ  පිළිබඳව සිදුකෙරුණු ඉතා වටිනා පැහැදිලි කිරීමකි.)
  6. ධ්‍යානයන් ගෙන් නිවනට ප්‍රයෝජනයක් නැති ද? *** (ධ්‍යාන, නිවන සහ සමාධිය පිලිබඳ වටිනා පැහැදිලි කිරීමකි.)
  7. ධර්ම සාකච්චාවට සම්බන්ධ වූ ගෞරවනීය ස්වාමින්වහන්සේ නමකගේ සමාධිය පිලිබඳ වටිනා පැහැදිලි කිරීමකි. *** (මෙහිදී ස්වාමින්වහන්සේලා අතර සමාධිය පිලිබඳ ඉතා වටිනා සාකච්ඡාවක් සිදුවිනි.)
  8. ලෝකෝත්තර සිත්වල සඳහන් වෙන ධ්‍යාන, විදර්ශනා ධ්‍යාන දැයි පැහැදිලි කරන්න. *** (වටිනා පැහැදිලි කිරීමකි.)
  9. ප්‍රර්ථනා කිරීමෙන් එක්තරා අකාරයකට “අපගේ වසඟයේ” පැවැත්වීම විදර්ශනාවට පටහැනි නොවේ ද? *** (ඉතා වටිනා පැනයක් සහ පැහැදිලි කිරීමකි.  මෙහිදී සඳහන් කල සංඛාරුප්පත්ති සූත්‍රය ත්‍රිපිටකයෙන් මෙතැනින් කියවන්න: සංඛාරුප්පත්ති සූත්‍රය.)
  10. සෝවාන් වීමට ශීලය අවශ්‍ය නැති බව ස්වාමින්වහන්සේ කෙනෙක් YouTube එකේ දේශනා කිරීමේ තේරුම කුමක් ද? ** (මුලාවට පත්වීම සහ දහම විකෘති කිරීම පිලිබඳ පැහැදිලි කිරීමකි.)
  11. දස අකුසල් කර්ම පථ වල සුරාපානය ඇතුලත් කර නැත්තේ ඇයි? ***
  12. ධර්ම සාකච්චාවට සම්බන්ධ වූ ගෞරවනීය ස්වාමින්වහන්සේ නමකගෙන් මෙම වැඩසටහන පිලිබඳ සිදුකල වටිනා සමාලෝචනයක්. *** (සියළු කල්හී අපගේ සිහියේ තබාගත යුතු වටිනා උපදේශයකි. මෙහිදී ස්වාමින්වහන්සේලා අතර ඉතා වටිනා සාකච්ඡාවක් සිදුවිනි.)
  13. දැනුම්දීම, පින්දීම සහ අවසානය. ***

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.