බෝධි පාක්ෂික ධර්ම අංක: 01 (05-08-2023)

සෙනසුරාදා ධර්ම සාකච්ඡාව - බෝධි පාක්ෂික ධර්ම අංක: 01 (05-08-2023)

සෙනසුරාදා ධර්ම සාකච්ඡාව – බෝධි පාක්ෂික ධර්ම අංක: 01 (05-08-2023)

බෝධි පාක්ෂික ධර්ම අංක: 01 – Saturday Dhamma Discussion was conducted via Zoom on 05th August 2023 by Most Ven. Kukulpane Sudassi Thero. This live Dhamma Discussion was later audio edited to remove unwanted noises and pauses and is presented below as separate questions and answers to provide improved listening.

“ප්‍රායෝගික ජීවිතයෙහි ධර්මය ප්‍රගුණ කරන ආකාරය” යන තේමාව මුල්කරගෙන අති පූජනීය කුකුල්පනේ සුදස්සී ස්වාමින්වහන්සේ විසින් සිදුකරන සෙනසුරාදා සජීවී ධර්ම සාකච්ඡා පෙලේ එකසිය දහතුන් වන ධර්ම දේශනාව සහ සාකච්ඡාව වර්ෂ 2023 අගෝස්තු මස 05 වන දින සිදුකරන ලදී.  මෙවර සජීවී ධර්ම දේශනාව සහ සාකච්ඡාව නව මාතෘකාවක් වන බෝධි පාක්ෂික ධර්ම මත ආරම්භ විය.

මෙවර ධර්ම දේශනාවේ දී බෝධි පාක්ෂික ධර්ම පැහැදිලි කරන ලදී.  එහි දී මුලින්ම බෝධිය යනු කුමක් ද සහ එය ඇති කිරීමට පක්‍ෂ වෙන ධර්ම වශයෙන් පාක්ෂික ධර්ම පැහැදිලි කරන ලදී.  එමෙන්ම සංසාර පාක්‍ෂික ධර්ම බෝධිය ඇති කිරීමට සමත් ධර්ම ලෙසත් එය පැහැදිලි කෙරිණි.  ඉන් පසුව බෝධි පාක්‍ෂික ධර්ම කොටස් වශයෙන් 07 ක් සහ විග්‍රහ කෙරෙන ධර්ම වශයෙන් 37 ආකාරයෙන් පැහැදිලි කෙරිණි. 

මෙවර ධර්ම දේශනාව සහ සාකච්ඡාව බෝධි පාක්ෂික ධර්ම පිලිබඳ ඉතා වටිනා වැඩ සටහනක් විය.

මෙම සම්පුර්ණ ධර්ම දේශනාව සහ ධර්ම සාකච්ඡාව ශබ්ද සංස්කරණය කොට ප්‍රශ්න සහ පිළිතුරු වශයෙන් වෙන්කොට පහතින් ඇතුලත් කර තිබේ.


  1. ධර්ම දේශනාව: බෝධි පාක්ෂික ධර්ම මොනවා ද සහ ඒවායේ වැදගත් කම පහදා දෙන්න. *** (බෝධි පාක්ෂික ධර්ම ගැන හඳුන්වා දීම සහ ඒවායේ වැදගත්කම පිලිබඳ වටිනා ධර්ම දේශනාවකි.)
  2. ප්‍රශ්න ඇසීමේ නිවැරදි ක්‍රමය පිලිබඳ උපදේශයක්. ***
  3. මහා සතිපට්ඨාන සූත්‍රයේ දී සතිපට්ඨානය නිවන සඳහා ඒකායන මාර්ගය ලෙස දක්වා තිබිය දී බෝධිය සඳහා පාක්ෂික ධර්ම වශයෙන් වෙනම දක්වා ඇත්තේ මන්ද? *** (බෝධි පාක්ෂික ධර්ම වල ප්‍රායෝගික අවශ්‍යතාවය පිලිබඳ වටිනා පැහැදිලි කිරීමකි.)
  4. සතිය ඉන්ද්‍රිය සහ බල ධර්මයක් ලෙස වැඩෙන ආකාරය පිලිබඳ ප්‍රායෝගික උදාහරණයක් සහ එහි වටිනා කම. *** (වටිනා පැහැදිලි කිරීමකි.)
  5. අභිසංඛාර මාර යන්න තව දුරට පැහැදිලි කරන්න.
  6. සෝවාන් සහ සකෘදාගාමී යන වචන තව දුරට පැහැදිලි කරන්න.
  7. දහම් මග පුරුදු කිරීමේ දී බාධක දුරු කර ගැනීමට පින් කිරීමෙන් නිවන් මගට ආධාරයක් වෙනවා නොවේ ද?
  8. සතිපට්ඨානය අනුලෝම ප්‍රතිලෝම වශයෙන් සතියක් දියුණු කල විට මාර්ග ඵලයකට පැමිණෙන්නේ කෙසේ ද?
  9. සෝවාන් මාර්ගය සහ ඵලය වෙනස් කොට දක්වන්නේ ඇයි?
  10. කුසල් ධර්ම යනු කවරේ ද?
  11. සත්තිස් බෝධි පාක්ෂික ධර්ම වෙන් වෙන් වශයෙන් දක්වා ඇති සේම එක් එක් ධර්ම බොහෝ තැන්වල එකිනෙකට සම්බන්ධව පවතින්නේ ඇයි? ***
  12. අරහත් වී නික්ලෙශී වනතුරු අනිත් මගඵල ධාරී උතුමන් පවා ලෞකික දේවල් වලට ඇලේ නම් දැන හෝ නොදැන හෝ ක්‍රිස්තියානි සංස්කෘතියට අයිති දේ අපේ හිමි වරුන්ට කිරීම අයුතු නොවේ ද? ***
  13. චුල්ල සෝතාපන්නයා ලෙස හැඳින් වෙන්නේ කවරෙක් ද?
  14. සතිපට්ඨානය වැඩෙන්නේ සෝවාන් මාර්ග ඵලයෙන් පසුව පමණ ද?
  15. අත්හැරීම නිවැරදි ආකාරයෙන් කරන්නේ කෙසේ ද? *** (ඉතා වටිනා පැහැදිලි කිරීමකි.)
  16. ආර්ය අෂ්ඨාංගික මාර්ගය පුහුණු කරන විට සතියේ දියුණු වන අවස්ථා ඉබේම සිදු වෙනවා ද නැතහොත් කොටස් වශයෙන් වෙන වෙනම ඒවා දියුණු කල යුතු ද? *** (වටිනා පැහැදිලි කිරීමකි.)
  17. ජීවිතය තියෙන්නේ විඳින්නටයි යන මතය මාර පාක්‍ෂික අදහසක් නොවේ ද?
  18. අවසානය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.